Welcome to my අඩවිය

World Thickness Display.LG Wallpaper


ලොව තුනීම Display එක LG ‘Wallpaper’




ඔන්න අද කියන්න යන්නේ සාමාන්‍යයෙන් අපි දකින LED හෝ LCD Display වලින් එහාට ගිහින් කතා කරන්න පුලුවන් මාතෘකාවක් ගැනයි.

Display එහෙමත් නැත්තම් Screen කියන මේ මාතෘකාවට අදාල දේවල් දිනෙන් දින තාක්ෂණයත් සමග අලුත් වන අපිට කොයි වෙලෙත් අහන්න දකින්න ලැබෙනවානේ...

මම මේ කියන්න යන දේ Display කලාවේ අලුත්ම වෙනසක් කරපු දෙයක්.ඒ තමයි ලෝකයේ තියෙන ඝණකමින් අඩුම Display එක නිපද වීම...

LG Company එකේ මාමලා තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ.එකේ සම්පූර්ණ ඝණකම 1mm වෙනවා...ඉතින් පොඩ්ඩක් හිතලා බලන්නකෝ  1mm කියනනේ කොච්චර පැතලිද කියලා....

මේ LG Display Concept එක මේගොල්ලෝ එළි දක්නලා තියෙන්නේ මේ අවුරුද්දේ මැයි මාසේයි..මේක නම් කොරලා තියෙන්නේ LG ‘Wallpaper’ කියලයි...

අගල් 55 යටතේ හදුන්වාදෙන මේ Display එක OLED (organic light-emitting diode) කියන තාක්ෂණය තමයි යොදාගෙන තියෙන්නේ සහා මේක 1.9Kg ක් බරයි...

ඇත්තටම බලන් ගියාම Wallpaper එකක්ම තමයි...ඒ තරමටම තුනීනේ...ඒ වගේම තමයි මේක රෝල් කරන්නත් පුලුවන්...බිත්තියක වගේ එල්ලනවා නම් මේකටම ආවේනික වෙච්ච විශේෂ ක්‍රමයක් තියෙනවා...ඒකට ඕන වෙන්නේ ලොකු පරාල ඇණ හතරක් සහා 2x2 ලී කෑලි ටිකක්...... :D විකාරද ඕයි.....



එම ක්‍රමය තමයි මේ Display එක ප්‍රමාණයේම Magnet එකක් බිත්තියේ අලවලා ඉන්න වෙනවා. ඒ Magnet එකේ තමයි මේ Display එක රදවන්නේ එහෙමත් නැත්තම් අලවන්නේ.ඔය ඔක්කොම සූටබල් කෑලි ඔය Display එකත් එක්කලා හම්බ වෙනවලු...

LG එකේ මාමලා කියන විදියට එන අවුරුදු පහ දහය ඇතුලත මේ Display Concept එක මුලු ලෝකය පුරාම පැතිරෙනවලු....

පහළින් බලන්නකෝ අක්ක කෙනෙක් අලවන හැටි...












Learn more »

ඊලග Android version එක Android M6.0


මීලග Android සංස්කරණය Android M6.0 Marshmallow




හම්මේ ඉතින් කොහොමෙයි බොලාලගේ සැප සනීප එහෙම...සෑහෙන්න කාලෙකට පස්සේ ඔන්න ආයෙත් බ්ලොගිය පැත්තට එන්න හිතුනා. ආපහු පුලු පුලුවන් විදියට කොටාගෙන යන්න කියලා තමා බැලුවේ. ටික කාලෙකට සද්ද නැතිව ඉන්න ලොකුම හේතුව උනේ මම දාගෙන හිටපු Data Package එක.....මුල්ම කාලෙදී බිල ගෙව්වා.අන්තිම කාලෙදී අලී. . . පොල්ලක් තිබ්බා....:D

නිදහසට කරුණු වලින් වැඩක් නෑ.කියන්න ආපු දේ කියන්නම්කෝ....දැනට අපි අතරේ වැඩියෙන්ම ජනප්‍රිය OS එකක්නේ Android කියන්නේ...

මේ වෙනකොට Android Versions කිහිපයක්ම ඇවිත් තියෙනවා...අපි දැනට පාවිච්චි කොරන Latest Android Version එක තමා Android 5.0 Lollypop….

Google මාමලාගේ ආරන්චියකට අනුව ඊලග Android Version එක විදියට නිල වශයෙන් නම් කොරලා තීන්නේ Android 6.0 Marshmallow (මාෂ්මෙලොව්).....

හුකාස්......කන්න හිතෙනවා අප්පා....:D

Android ට Marshmallow කවන අවස්ථාවක්...


මේ වෙනකොටත් මේ අලුත් Android 6.0 එක් OS Image එක Release කොරලා තියෙනවා....හැබැයි තවම Nexus Device වලට විතරයි....ඕනෙ නම් මෙන්න මෙතනින් ගිහින් අරගෙන දාගෙන බලන්ටලා....අපි කොහෙද ඉතින් තව ඔච්චර හරියක් කොරන්නේ.....එක අවුරුද්දෙවත් බලමුකෝ.....හ්ම්...

Android 6.0 Nexus Device වලට දාගන්න හැටි Video’s ඕන තරම් Youtube එකේ තියෙනවා....බලන්න

මම පහළින් දාන්නම් මේකේ Review Video ටිකක්....Data තියෙනවා නම් Video එක බලන්න....ආසා හිතෙයි....කන්න හිතෙයි.....







එහෙනම් ඉතින් අපි ගියා...යන්න කලින් කියන්න ඕනේ...බ්ලොගිය කොටන්න හිතෙන්නෙ නෑ කාගෙන් වත් කිසිම සහයෝගයක් නැතිව....ගොඩක් අය ඇවිත් තියෙන දේ කියවලා ඔහේ යන්න යනවා....ඇයි හත් දෙයියනේ Like පාරක් දාලා පුලුවන් නම් විතරක් Share පාරක් දැම්මොත් ඇගෙන් කෑල්ලක් යනවැයි....මං අහන්නේ.....:U

Visitors ලගේ Review එක දැක්කහම තමා හිතෙන්නේ හොරෙන්ම ඇවිත් හොරෙන්ම යන සංඛ්‍යාව...ඒක නිසා පෙරේතයෝ වගේ තියෙන දේ කාලා යන්න එපා බං.....Helpiyak දියල්ලා....

මං ගියා..



Learn more »

Google Map Street View ගැන යමක්


ලෝකය 3D විදියට දකින්න-Google Street View ගැන යමක්




ඔන්න අද කියන්න යන්නේ Google Map වල තියෙන පොඩි පහේ Tricks එකක් ගැනයි.ගොඩක් අය සමහර අවස්ථා වලට Google Map Use කලාට මේ Google Map වල හදුන්වලා දීලා තියෙන දේවල් ගොඩක් පාවිච්චි කරන්නේ නෑ.ඒකට ගොඩක්ම හේතුව තමයි නොදැනුවත් කම..
Learn more »

මෙන්න තවත් නොමිලේ ගන්න පුලුවන් දෙයක්

නොමිලේ DVD+පොතක් ගෙන්න ගමු




ඔන්න ඉදලා ඉදලා අර කලින් කිව්ව විදියට නොමිලේ දෙන ඒවායින් තවත් එකක් එළියට දාන්න හිතුනා.කලිනුත් දැම්මානේ නොමිලේ ගෙන්න ගන්න දේවල් ගැන පෝස්ට් ටිකක්.බැලුවේ නැත්තම් මෙන්න මෙතනින් ගිහින් හොද නම් Order කරගන්න.
Learn more »

Christmas එකට Gadget ලෝකෙන් තෑග්ගක්

මෙන්න නත්තලට ඔයාගෙ Computer එක සරසගන්න මරු වැඩ කෑලි ටිකක්





නත්තලත් ඔන්න ලග ලගම එනවා කියමුකෝ.අවුරුද්දත් ඉබේටම වගේ ගෙවිලා ගිහින් දන්නෙම නැතිව.මේ මාසෙ නම් කොරන්න වැඩ ගොඩක් තියෙනවා.ඒ අස්සේ මේ තදියමේ ඡනාධිපතිවරණයකුත් එනවනේ.පිස්සු විකාර නේහ්....
Learn more »

USB විදියට DVD එකට File Send කරන විදිය



USB විදියට DVD එකට File Send කරන විදිය


හම්මේ හොගක් කාලෙකින් බ්ලොගිය පැත්තට කරක් ගහන්න හිතුනේ....මේ පාරත් වෙනදා වගේම මගෙ Postpaid Data Connection එකේ වේලාසනින්ම සල්ලි ඉවර වෙලා නිසා ඇගට හරි අමාරුයි වගේ.ඉදලා හිටලා වත් ඡංඡාලය පැත්තට යන්න බැරි උනොත් එහෙම නිකං පිටගැසිම වගේ...හික්ස්..
Learn more »