සිම් කාඩ්පතෙහි කෙරුවාව
ඉතින් යාලුවනේ.ඔන්න හා හා පුරා කියලා මං
කොටන්න පටන්ගන්න යන පලවෙනි පෝස්ටුව.වතු පිටි කොටන්න කම්මැලි හින්දා පටන් ගත්ත තවත්
වැඩක්.තවත් වැඩක් කියලා කිව්වේ-තවත් කරගෙන යන වෙබ් අඩවි තියෙනවා.ඒවා ඉතින් පස්සෙ
කියන්නම්කෝ.
අවුලක් නෑ.කතාවට සෙට් වෙමුකෝ
අපි හැම තිස්සෙම ගලවලා මාරු කරන ඇදුම් වගේ
හි...හි... පාවිච්චි කරන SIM එකේ වැඩකිඩ ගැන ටිකක්
හොයලා බැලුවොත් නරකද ආ..ඈ.....
1991 දී ලෝකයේ පලවෙනියෙන්ම හදපු SIM Card එක Credit Card එකකට සමාන එකක් ලෙසද
එහි ප්‍රමාණය (85.60 mm × 53.98 mm × 0.76 mm) ලෙසද සදහන් වෙනවා.ඒ වගේම මේ ඡාතියේ සිම් කාඩ් 300 ක් පමණ නිපදවලාත්
තියෙනවා.
SIM Card එකේ නිර්මාණ
සැලසුම ගැන කියනවනම් ඉහත ඡායාරූපයේ ආකාරයට විවිධ දත්තයන් ගබඩා කර ගැනීමට හා එහි
පාලනය සම්බන්දයෙන් සැකසූ කුඩා ප්‍රමාණයේ පරිපථයක් ඇත.ඉන් පිටතට වෙන්න එහි ශක්තිමත්
බාවය හා අදාල සේවා උපකරණ හා සම්බන්ධ වීමට ප්ලාස්ටික් ආවරණයක් ඇත.
ප්‍රධාන වශයෙන් දැනට ලෝකයේ වර්ග(හැඩයන්)
තුනක Sim
Card පත් හදුන්වා දී ඇත.තවද මේවා ඡාත්‍යන්තර
මට්ටමේ පිළිගත් නියමිත ප්‍රමිතියකට අනුව සෑදු Sim
Card වේ.ඒවා නම්
1.Standed
Sim
2.Micro Sim
3.Nano Sim
මේවායේ හැසිරීම සදහා විවිධ ප්‍රමාණයන්ගෙන්
යුත් සිම් පත් වලට විවිධ
වෝල්ටීය ප්‍රමාණයන් බාවිතා කරයි.ඒවා නම් 5V,3V,1.8V
වශයෙනි.
1998 න් ඉහතදී ආ සිම් පත් වල 5V භාවිතා උන අතර මෑත
භාගයේ භාවිතා වන්නේ භාවිතා උන අතර මෑත භාගයේ භාවිතා වන්නේ 3V,1.8V යන පරතරයන්ය.
තවත් දෙයක් තමයි ඔයාලා සිම් කාඩ් එකක් දිහා
හොදින් බැලුවොත් පෙනෙයි 32K හෝ 64K යන සංකේත දෙකෙන් එකක්
තියෙනවා.ඇත්තටම මොනවද මේවා? SIM Card පතහෙද ඉතා
කුඩා Micro Chip එකක් ඇතුලත්
වෙනවා.මෙමගින් ඔයාලට පුලුවන් වෙනවා සිම් කාඩ් එකට දත්ත ඇතුලත් කරන්න.ඒ කියන්නේ Phone number,Massages වගේ
දේවල්.දැන් එන ගොඩක්ම සිම් වල ඉතින් 64K තමා
තියෙන්නේ.මේවට වැඩි මතක ධාරිතාවයක් තියෙනවා.
Phone number 250 ක් වගේ ඇඩ් කරගන්න පුලුවන්.
සාමාන්නයෙන් SIM Card එකක Number
එක පදනම් කරගත්ත පොඩි සම්ප්‍රදායක් තියෙනවා.ඒක රටකින්
රටකට(MCC),දුරකථන සේවා දායකයාගෙන් සේවා
දායකයාට(MNC).වෙනස් වෙනවා.පොඩි
උදාහරණයක් ගත්තොත්-
+94 077 6665554
-මෙහි මුල් අංක තුන අයිති වන්නේ අදාල රටටය.
-දෙවැනි අංක තුන අදාල සම්බන්ධතාවය දෙන ග්‍රාහකයාට
අයත්ය
-තුන්වැන්න නම්බරයේ අනන්යතාවය තහවුරු
කරගැනීමට එකිනෙකට වෙනස් වේ.
තවද සිම් කාඩ් පතෙහි ආරක්ෂාවට PUK LOCK/PIN LOCK Code ඇතුලත් කර ඇත.
SIM
card
|
Introduced
|
Standard
reference
|
Length
(mm)
|
Width
(mm)
|
Thickness
(mm)
|
Volume
(mm3)
|
Full-size (1FF)
|
1991
|
ISO/IEC 7810:2003, ID-1
|
85.60
|
53.98
|
0.76
|
3511.72
|
Mini-SIM (2FF)
|
circa 1996
|
ISO/IEC 7810:2003, ID-000
|
25.00
|
15.00
|
0.76
|
285.00
|
Micro-SIM (3FF)
|
2003
|
ETSI
TS 102 221 V9.0.0, Mini-UICC
|
15.00
|
12.00
|
0.76
|
136.80
|
Nano-SIM (4FF)
|
early 2012
|
ETSI TS 102 221 V11.0.0
|
12.30
|
8.80
|
0.67
|
72.52
|
Embedded-SIM
|
JEDEC
Design Guide 4.8, SON-8
|
6.00
|
5.00
|
<1.0
|
මේ තියෙන්නේ එක එක කාල වලදී ආපු SIM Card වල පොඩි විස්තර ටිකක්.
මෙහෙම කියාගෙන යද්දී පොඩි ප්‍රහ්ණයක්
හිතෙන්නෙ නැද්ද...ඇයි Sim Card වර්ග ගොඩක් තියෙන්නේ.ඔක්කොටම
හරියන්න එකක් තිබ්බනම් ලේසියිනේ..නේද.
මේකට සම්පූර්ණයෙන්ම වගේ වගකීම භාර ගන්න
වෙන්නේ Sim Card භාවිතා කිරීමට
යොදා ගන්නා උපකරණයි.කොහොම නමුත් දැනට පිලිගෙන ඇති තත්ව සහතිකයන් 3 ක් යටතේ Sim Card වර්ග 3ක් නිකුත් කරනු
ලබයි.
මේ තියෙන්නේ විවිධ Sim Card භාවිතා කරන ඡංගම
දුරකථන කිහිපයක්.
Full size SIM |
micro-SIM |
nano-SIM |
|
|
|
ඔන්න ඕකයි ඉතින් කතන්දරේ.පෝස්ටුව ටිකක් විතර
දිග වැඩියි වගේ නේද.අවුලක් ගන්න එපා ඉතින්.පලවෙනි පෝස්ටුවනේ...හි....හි...
එහෙනම් ඉතින් ආයෙ සෙට් වෙමු ඊලග
පෝස්ටුවෙන්....මං ගියෝ....
..............Be Happy..............

0 comments: