මීලග Android පරම්පරාව Android L “Lollipop v4.5/5.0”

මීලග Android පරම්පරාව Android L “Lollipop v4.5/5.0”



මෙන්න Android ඉතිහාසයේ මීලග පරම්පරාව එලිදැක්වීමේ දිනය ලග ලගම එනවා.ඒ තමයි Android L නොහොත් Lollipop v4.5/5.0.මේක දැනට නම් Google මාමාලා නම් එලියට දීලා නෑ.මේවායේ ආරන්චි එන්නේ තාම බ්ලැක් මාකට් වලින් තමයි.ඒක නිසා තවම 100% නිවැරදි තොරතුරු කියන්න බෑ.


කොහොම උනත් මේ Android L ගැන ඉස්සඑහට කතා කරන්න ගොඩක් කරැණු තියෙයි කියලා මමනම් හිතනවා.මොකද මේ ලගකදී එපි බැහැපු Android Kitkat වර්ෂන් එකට සමු දීලා අලුත් වර්ෂන් එකක් එලි දක්වනවා කියන්නේ ඉතින් ගොඩක් ලොකු තරගයක් වෙයි කියලා අපිට හිතන්න පුලුවන්නේ.

මේ Android L වර්ෂන් එක දැනට සංවර්ධනය කරලා කියලා ආරංචි මාර්ග වලින් සදහන් වෙන්නේ Google Nexus 4 , Google Nexus 5 , Google Nexus 7 සහා Nexus 10 වගේ Tablet  මාදිලි වලටයි.සහා මේ අවුරුද්ද අවසාන වෙන්න ඉස්සෙල්ලා ඉහතදී කිව්ව Google Nexus මාදිලි වලට මෙම වර්ෂන් ස්තාපිත කරන බවයි සදහන් වෙන්නේ.

ඊලග Google Nexus පරම්පරාවේ ආරම්භයත් මෙම Android L එකෙහි ඇති විවිධ විශේෂතාවයන් එක්ක ප්‍රගුණ කරලා හොද නිෂ්පාදන පෙලක් වෙලද පලට නිකුත් කිරීමට සමහර විට මේ අවුරුද්දේ අවසාන භාගය වෙන විට කටයුතු කරනවා කියලා ආරංචි මාර්ග වලින් සදහන් වෙනවා.

මීලග Google Nexus මාදිලියන් සදහා නවීනතම තාක්ෂණයෙන් දියුණු කරන ලද Nvidia 64-bit ප්‍රොසෙසරයක් ඇතුලත් කරන බවද විශේෂයෙන්ම කියන්න ඕනේ.සමහර විට මේ සියලු සැලසුම් හරියාකාරව ඉවරකරගත්තොත් මේ මාසේ ඔක්තෝමබර් වල පලමු Android L සහිත Google Nexus Tablet එක වෙලද පලට නිකුත් කිරීමට අපේක්ෂා කරනවා කියලා සදහන් වෙනවා.

මීට ඉහතදී Android ICS වර්ෂන් එක වෙනුවට Tablet සදහා භාවිතා කල Android වර්ෂන් එක ඌයේ HoneyComb වේ.මෙහි ඇත් විවිධ අඩුපාඩු , පෙනුම , භාවිතයේ පහසු කම ආදී සියලුම දේවල් හේතු කර ගෙන අලුත්ම විදියේ ඇසට ප්‍රිය මනාප පෙනුමකින් යුත් Android OS එකක් වෙන Android L විඩිදියුණු කිරීම මේ වන විටත් අවසාන කර හමාරයි යැයි වැඩිදුර තොරතුරු වල සදහන් වෙනවා.



මෙහි භාවිතයේ ඇති තවත් දියුණු කරපු විශේෂාංගයක් වන්නේ මෙම Android L සහිත ස්මාර්ට් උපකරණයක් Lock කර ඇති අවස්ථාවේ උවත් Notification වලට කෙලින්ම සමුබන්ධ වීමේ හැකියාව.ඒත් සමහර පුද්ගලයන්ගෙ අදහස නම් මේක කොච්චර දුරට සාර්තකද යන්නයි.තවද Status bar එකෙහි ඇති පාට අපට ඕන කරන විදියට වෙනස් කරගන්නත් පහසුකම් දීලා තියෙනවා.

KeyBoard එක ගැන කියන කොට මේකේ හැඩයත් , පාටත් අපිට කැමති විදයටකට වෙනස් කරගන්න පහසුකම් දීලා තියෙනවා.



ඒත් මේ ඔක්කෝම ගත්තාම පොඩි කොස්සකට හිටින්නේ මේවා Apple IOS වලට සමාන කමක් දක්වන නිසයි.ඒත් ඉතින් ලොකූ නරකක් පේන්න නම් නෑ.

දැනට අපි පාවිච්චි කරන Android Os වල සාමාන්‍යයෙන් ලියවිලා තියෙන ඇප් වල Extension එක විදියට භාවිතා කරන්නේ APK නාමයනේ.ඒත් මෙම Android L වර්ෂන් එකේ නවතම Extension එක විදියට භාවිතා වෙන්නේ API ලෙසටයි.දැනටමත් මේ වෙනුවෙන් 5000 කට අදික ක්‍රම ලේඛන ලියවිලා ඇති බවත් ඒවා දියුණු කිරීම සහදා විවිධ පුද්ගලයන් වැඩි වැඩියෙන් උනන්දු වෙන බවත් වාර්ථා වෙනවා.

තවද අවසාන වශයෙන් මෙම Android L යුගයේ Tablet සදහා Nvidia 64-bit ප්‍රොසෙසරයකින් පන ලබා දෙන නිසාවෙන්ම මෙම Android L යෙදූ උපාංගයන් වල ඇති Graphics Quality එක PC වල ඇති Graphics Quality එකට සමාන වෙන විදියට නිපද වන නිෂ්පාදකයන් පවසයි.

එහෙනම් ඉතින් Android L ගැන කරුණු දැනට ඇති කියලා හිතනවා.මොකද දැනට ලීක් වෙලා තියෙන්නෙ මෙච්චරයි විස්තර.අලුත් මොනවා හරි මේ ගැන දැන ගත්ත ගමන් පෝස්ට් එක Update කරන්නම් හරිය.

එහෙනම් අපි ගියා ඕං.


………………….Be Happy……………………..

0 comments: