සිංග්‍රීසියෙන් සිංහල කොටන්න

සිංග්‍රීසියෙන් සිංහල කොටන්න


දැන් නම් ගොඩක් කස්ටිය මේ ගැඡට් එක දන්නවත් ඇති.මේක හදුන්වලා දීලා නම් දැන් ටිකක් කල් වෙනවා.මොනවා උනත් අපේ සහෝ කෙනෙකුට මේක ඕන කිව්වා.ඒක නිසා ඉතින් ඔයාලටත් ඕන වෙයි කියලා හිතලා පෝස්ටුවකින්ම ඔන්න දැම්මා.

මේකේ නම ඇවිල්ලා Singrisi.මේකට පුලුවන් අපි සාමාන්‍යෙයන් අපේ Phone එකේ mgs ගහන විදියට සිංහලෙන් කොටන්න.ගොඩක් කස්ටියට තියෙන ප්‍රශ්ණයක් තමයි සිංහල යුනිකෝඩ් දාගෙන මොනවා හරි හරුපයක් කොටන්න ගියාම අකුරු ටැපලෙනවා.පැය ගානක් යනවා වාක්‍යයක් දෙකක් ගහ ගන්න.


ඇත්තටම කියනවා නම් සමහර අයට මේක ගොඩක්ම වටින්නේ ඔය මූනු පොතේ පිටු ගලවන්න යන කොට තමයි.කාට හරි සිංහලෙන් කමෙන්ට් එකක් කොටන්න,පොඩි පිංතූරයක් හදා ගන්න වගේ දේවල් වලටනේ ඉතින් අපි ගොඩක්ම Unicode පාවිච්චි කොරන්නේ.

එහෙම නැතුව ඉතින් ඔය ලොකූ හෑල්ලක් කොටනවා නම් මේ භාණ්ඩේ හරියන්නේ නෑ.ඒකට ඉතින් නිකං Unicode පාවිච්චි කරන්න ඕනේ.ඔය ටික දවසක් කොට කොට ඉන්නකොට ඉබේම වගේ කීබෝඩ් එක හුරු වෙනවා.එහෙනම් පහලින් අරගන්න

 singris from Gadget ලෝකය Blogspot

මේකෙන් හැබැයි අපි කොටන්න යද්දී මේ Software එකටම ආවේනික වෙච්ච ක්‍රෙම්කට තමයි කෙටෙන්නේ.ඒ කියන්නේ මොකද්ද කියලා පහල තියෙන පිංතූරෙන් තේරෙයි.මොනවා උනත් මේක හරිම ලේසියි පාවිච්චි කරන්න ගත්තාම.පිංතූරය හරියට පේන්නේ නැත්තම් ඒකෙ උඩ ක්ලික් කරන්න.


සිංහලෙන් මොනවා හරි කොටපු ගමන් ඔය උඩ තියෙනවා නේද Copy Sinhala Text කියලා කෑල්ලක්.අන්න ඒක එබුවාම කොටපු හැම එකක්ම Select වෙනවා.ඒක නිසා වෙනම කොපි කර කර ඉන්න ඕන නෑ.

ඔයා Download කරගත්ත folder එකේ තියෙනවා මේක පාවිච්චි කරන්න පුලුවන් උපදෙස්.හොද උදාහරන වගයකුත් තියෙනවා.ආ තව PDF එකකුත් තියෙනවා හොදේ.කියවන්න.

වැඩිය රැම් මතකය පාවිච්චි කරන්නෙ නෑ,install කර කර ඉන්න දෙයක් නෑ.අනික ගොඩාක් පොඩි ගැඡට් එකක්.ඒක නිසා ඕන අය ඉන්නවනම් අරගන්න.

අපි ගියා.


…………….Be Happy…………….

0 comments: