Matrix Falling Code එකක් හදමු

Matrix Falling Code එකක් හදමු


මේක ඇවිල්ලා පොඩි Notepad Tricks එකක් හොදේ. Code වලින් වැඩ කිඩ දාන අය නම් මේක දන්නවත් ඇති. Notepad වලින් අපිට මේ වගේ කරගන්න පුලුවන් වැඩ කෑලි ගැන කියනවා නම් ඔය මහා භයානක වෛරස් කෑලි හදා ගන්නත් උදව් කරන්නේ මේ Notepad එකම තමා හොදේ.තව එක එක ගැඡට් කෑලිත් අපිට Notepad එක භාවිතා කරලා හදා ගන්න පුලුවන්.


ඔය අතරින් මට මේ ලගකදී මගේ මැෂින් එකේ අස්සක තිබිලා පොඩි ඩොකා කෑල්ලක් හම්බුනා.ඒකේ තිබුනේ ඔය Notepad එකෙන් පොඩි Matrix Falling කියන ගැඡට් එක හදා ගන්න Code කෑල්ලක්.ඕක හමුබවෙලා නම් දැන් ගොඩක් කල් වෙනවා.එත් ඉතින් මේ වගේ දෙවල් දන්නෙ නැති කස්ටියත් ඉන්නවනේ.ඒ වගේ අයටත් දැන ගන්නත් එක්ක ඔන්න පෝස්ටුවක් දාන්න හිතුනා.

මගේ පලවෙනි Notepad Tricks එක නිසා ටිකක් හොද වැඩ කෑල්ලක් දෙන්න එපෑ.තව තියෙනවා ඔය වෛරස් හදන හැටි එහෙම.වැඩි විස්තර පසුවට හරිය.ඒවාඉනුත් වැදගත් කියන එකක් දෙකක් දෙන්නම්.ඕවා කර කර ඉදලා නිකන් මොකටද කාලේ කන්නේ.ඒ නිසා කලිනුත් කිව්වා වගේ වැඩි විස්තර පසුසට.

දැන් කියන්නම්කෝ Notepad එකකින් ඔය උඩින් කිව්වා වගේ Matrix Falling ගැඡට් එක හදා ගන්න හැටි.මේක අපි හදා ගන්නේ .Bat කියන extension පාවිච්චි කොරලයි. .Bat කියන extension පාවිච්චි කරලා අපිට ගොඩක් ප්‍රෙයෝඡනවත් වැඩ ගොඩක් කරගන්න පුලුවන්.

Matrix Film එක බලලා තියෙනවා නම් ඉතින් ආයේ කියන්න දෙයක් නෑනේ මාතෘකාව ගැන. Matrix Film එකේ තියෙනවා නේද අර කොල පාට අකුරු වගයක් තැන් තැන් වලින් පහලට වැටෙන සිද්ධියක්.අන්න ඒ වගේ දෙයක් තමයි අපි මේ Notepad එක මාර්ගයෙන් CMD එකට කියලා කරගන්න යන්නේ.

දැන් නිකං කියෙව්වා වැඩියි වගේ හිතෙනවා නේද.අවුලක් නෑ.හදන්න පටන් ගමුකෝ.ඉස්සෙල්ලාම Notepad එක ඕපන් කරගෙන පහල තියෙන ඔය කැත අකුරු ටික කොපි කරගන්නකෝ.

@echo off
 color 02
 :tricks
 echo %random%%random%%random%%random%%random%%random%%random%%random%


කොපි පේස්ට් කොර ගත්තා නම් ඕක සේව් කරගන්නත් එපෑ.සේව් කරන්නේ මෙන්න මෙහෙමයි. Bat කියන extension එකෙන් තමයි ඕක සේව් කරන්න ඕනේ.උදා-Matrix.bat වගේ.තමන්ට කැමති නමක් ගහලා .bat එකෙන් ඔයාට ඕන තැනක සේව් කරන්න.

ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ.දැන් සේව් කරපු තැනට ගිහින් ඒකෙ උඩ Double Click  කරලා බලන්නකෝ.ලස්සනට අකුරු ටිකක් කොල පාටින් පහලට වැටෙයි.ඕක නිකන් නවතින්නේ නෑ.නොනවත්වාම වැඩ.වැඩ කෑල්ල බලලා ඉවර වෙලා ක්ලෝස් කරලා දාන්න.


බය වෙන්න දෙයක් නෑ.ඔය වැඩේන් ඔයාගෙ මැෂින් එකට කිසිම හානියක් වෙන්නෙ නෑ.ඕක පොඩි ප්‍රෝග්‍රෑම් එකක් විදියටයි වැඩ කරන්නේ.ඒක නිසා බය නැතුව ට්‍රයි කරලා බලන්න.

කරලා බලන්නකෝ එහෙනම් කොහොමෙයි කියලා.අපි ගියා


………………….Be Happy………………..

6 comments:

  1. Replies
    1. අනිවා වැඩ කරනවා මචං...Code ටික හරියට කොපි කරලා බලන්න..

      Delete
  2. post ekamanam supiri...
    mama adai me site ekata mulinma awe...
    site eka niyameta hadala thiyanawa..
    all the best bro..!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. habai podi prashnayak thiyanawa.. code eke anthimata "pause" kiyala danna.. nathnam hariyata run wenne naha..

      Delete
  3. oya code eka wada naa..
    meka try karanna...

    @echo off
    color 2
    :start
    echo %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random%
    goto start

    ReplyDelete