Folder එකකට ලස්සන Icon එකක් දාගන්න කැමතිද?
Folder එකකට
ලස්සන Icon
එකක් දාගන්න
කොහොමද කස්ටියට.ටික දවසකින් බ්ලොගිය පැත්තට
එන්නත් බැරි උනානේ.ඔන්න අද ගෙනාවා
Windows
7 යාඑවන්ට එයාලගේ Folder එකක් ලස්සනට තියා ගන්න
පොඩි පහේ Tricks එකක්.
හරි මේ කියන්න යන දේ අපි කවුරුත් දන්න බොහෝම
ප්‍රාථමික දෙයක්.ඒත් මේවගේ පොඩි පොඩි දේවල් නොදන්න කස්ටියත් ගොඩක් ඉන්නවනේ.දන්න
නොදන්න කස්ටිය ෂේප එකේ බලලා යන්න හොදේ....
සාමාන්‍යයෙන් අපි කවුරුත් දකින ඕනම Folder එකක් කහ පාට
නිකංම්ම නිකං Folder එකක්
විතරනේ.ඕකට පොඩි පිංතූරයක් දාගෙන අපිට ඕන නම් අපේ Machine එක තව ටිකක් ලස්සන කරගන්න පුලුවන් නේද.මෙන්න
එහෙනම් පොඩි උදාහරණයක් බලන්නකෝ...
ඔය තියෙන්නේ මගෙ Machine එකේ එක Drive එකක් ඇතුලේ තියෙන Folder සෙට් එකක්.ලස්සනයි
නේද.ඔය වගේ දෙයක් කරගන්න Software මොකුත් ඕන
කරන්නේ නෑ.කරන්න තියෙන්නේ Icon එකක් තොරලා
දාගන්න එක විතරයි.
ඉස්සෙල්ලාම කියන්නම්කෝ ඔය උඩින් කිව්ව Icon කියන්නේ මොකද්ද
කියලා. Icon කියලා කියන්නෙත්
එක්තරා Image ඡාතියක්ම
තමයි.ඒකේ Extension විදියට තමයි
අපි Icon කියලා
කියන්නේ.දැන් තියෙන සමහර Image
converter වල මේ Icon කියන Extension එකෙන් අපිට converter කරගන්න
පහසුකම් දීලා තියෙනවා.
නැත්තම් ඔයාලට ලේසියෙන්ම පුලුවන් මම පහලින්
දෙන Icon සෙට් එක
අරගන්න.එකේ තියෙනවා ඇති වෙන්න පිංතූර.ඒවායින් ඕන එකක් ඔයාලා තොරගෙන Folder එකකට දාගන්න.
ඔය ටිකත් මදි වගේ නම් යන්න පහල සයිට් වලට.ඕන
කරන Icon ටික භාගන්න.
දැන් භා ගත්තා නම් කරන්න තියෙන්නේ ඔය ටික
කොහාට හරි ස්තීර තැනකට කොපි කරගන්න හරිය.
මෙන්න මෙහෙමයි ඕවා Folder එකට දාගන්නේ.තමන්ට ඕක
දාගන්න ඕන කරන Folder එක ඇතුලට
යන්න.දැන් එතන කොහේ හරි තැනක Right Click කලාම එනවා Customize this folder කියලා එකක්
පහල වගේ.ඒකට යන්න.
ඕකේ ඇතුලට ගියා නම් මෙන්න මෙහෙම එකක්
එයි.ඒකේ පහලම තියෙන Change Icon යන්න.
දැන් මෙහෙම එකක් එයි.
ඔකේ සාමාන්‍යයෙන් දීලා තියෙන්නේ dll file ටිකක්.ඒ කිව්වේ ඔය
උඩින් තියෙන්නේ අපි හැමදාම දකින සහා windows
වලට එන මූලික Icon
ටික.ඔන්න ඕවා වෙනුවට තමයි අපි වෙන ආදේශකයක් දාගන්න
යන්නේ.
දැන් උඩින් තියෙන Browse කියන බට්න් එක Click කොරන්නකෝ.දැන් ඔයාට
තියෙන්නේ සාමාන්‍ය විදියට අර ඉස්සෙල්ලා භාගත්ත Icon ටික තියෙන Path එක හොයලා දෙන එක.එතකොට Icon ටික පහල විදියට ලස්සනට
පෙන්නයි.
ඊට පස්සේ ඉතින් ඔයාට කැමතියි කියන Icon එකක් තොරගෙන Open කරලා ඔක්කෝටම Ok දෙන්න.දැන් ඉතින්
ලස්සනට ඔයාගෙ Folder වලටත් Icon එකක් වැටිලා ඇති.
දැක්කනේ හරිම ලේසි දේවල් ටිකක් තමයි කොරන්න
තියෙන්නේ.Windows xp වලත් මේ
විදියට අපිට කැමති Icon එකක් මාරු
කරගන්න පුලුවන්.ඒත් ඒවා Windows 7 වගේ නම් හරියට
ලස්සනට පෙන්නන්නෙ නෑ.ඒත් ඉතින් කැමති අය ඉන්නවනම් ට්‍රයි කරලා බලන්න.
එහෙනම් ආයෙත් Windows Tricks එකක් අරගෙන
එන්නම්කෝ.අපි ගියා එහෙනම්
………………….Be Happy…………………..







0 comments: