Register වෙන්නේ නැතුව Log වෙන්න ඕනද..?

Register වෙන්නේ නැතුව Log වෙන්න ඕනද..?


දැන් බලනවා ඇති මොකද්ද මේ කුනුහරුපෙ කියලා ඈ.බලං ඉන්නකෝ කියන්න යන දේ.මරු වැඩක් තමයි මේක.ඔය සමහර Website තියෙනවා නේද එයාලගේ අඩවියට යන්න නම් අරහෙන් මෙහෙන් රෙඡිස්ටර් කොරලා සීල් ගහලා නිකං රස්තියාදු වෙන්න එපෑ.එතකොට ඉතින් නිකරුනේ ඩේටා නාස්ති වෙලා හෙන විකාරනේ.


ඒක තේරෙන්නෙ නැත්තම් මෙහෙම හිතන්නකො.ඔයා යනවා මොකක් හරි හොද Website එකකට.ඕකේ තියෙනවා මොකක් හරි ඔයා ආස කරන සිංදුවක් හරි වීඩියෝ එකක් හරි.දැන් ඉතින් ඔක කොහොම හරි ගන්න හිතෙනවා නේද.කොහොමෙන් කොහොම හරි ඕක භාගන්න ගියාම මෙන්න බොලේ Account එකක් හදාගෙන Register වෙන්න කියනවා.ඔන්න ඔය වෙලාවට තමා ඉතින් ලොවෙත් නැති මෙලොවෙත් නැති සුද්ධ සිංහල භාෂාව මතක් වෙන්නේ.

ඕවා කර කර ඒ කිව්වේ Account හද හද ඉන්නෙ නෑනේ.ආසාව අත ඇරලා දාලා වෙන වැඩක් බලාගන්නවා.මොකද ඔය Account එකක් හදනවා කියලා කීයක් දේවල් ඕකේ පුරවන්නද....

අන්න ඒකට පොඩි විසදුමක් තමයි මං අරගෙන ආවේ.මේක ඇවිල්ලා Software එකක් එහෙම නෙවෙයි.මේකත් එක්තරා Website එකක්.මේකේ තියෙනවා එක එක Website වලට Register වෙන්න ඕන කරන User Name හා Password .අපිට පුලුවන් මේවායින් එකක් කොපි කරගෙන ගිහින් අර කලින් Register වෙන්න ඕන කියපු Website එකේ ගහලා බලන්න.උදාහරණ ටිකක් දෙන්නම්කෝ මේක කොච්චර වටිනවාද කියලා පෙන්නන්න.

Website එකට යන්න මෙන්න මෙතනින් යන්න.ගිහින් ඕක Bkmrk පාරක් දාලා තියා ගන්න.වටිනවා
ඔය පහලින් තියෙන්නේ මේ Website එක.ඕකේ නම තමයි BugMeNot.


Website එකට ගිය ගමන් ඔය විදියට තමයි පේන්නේ.ඕකේ ඔයාට ඕන කරන Website එකේ ලිපිනය සමුපූර්ණයෙන් ගහලා සර්ච් කරලා බලන්න.අපි හිතමුකෝ මට 4Shared Website එකට යන්න ඕන උනා කියලා....ඔන්න ගැහුවා පහල විදියට ලිපිනය.


දැන් සර්ච් කරලා බලන්න.ඔන්න මට රිසාල්ට් එක ආවා.පහල විදියට.


ඕකේ වම් අත පැත්තේ තියෙනවා නේද Username,Password කියලා.අන්න ඒවා තමයි අපිට හම්බවෙන රිසාල්ට්.දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ ගොඩක් දුරට මේකේ සිද්ධිය.එක Website එකකට Username,Password එකක් දෙකක් නෙවෙයි දෙන්නේ.ගොඩක් දෙනවා.
දැන් ඉතින් හරක් වගේ ගිහින් Facebook.com ගහනවා එහෙම නෙවෙයි.දන්නවානේ ඔය වගේ වැඩ කරනකොට පොඩි roles පද්ධතියකුත් තියෙනවානේ.

මෙ දීලා තියෙන Username,Password සමහරක් ඒවා වැඩ කරන්න යන්නෙ නැතුව පුලුවන්නේ.ඒක නිසා එකක් දෙකක් වැඩ කලේ නැත්තම් තව එකක් අරගෙන ට්‍රයි කොරලා බලන්න.

දකුණු පැත්තේ හරියකුයි කතිරයකුයි තියෙන්නේ මේ දීලා තියෙන Username,Password හරියට වැඩ කරනවානම් පොඩි Votes එකක් දෙන්න.අන්ත් අයට කරන උදව්වක් විදියට ඔයාටත් ඕන නම් පුලුවන් ඔයාගෙ වැඩේ කරගෙන ඉවර වෙලා පොඩි Votes එකක් දාලා යන්න.සල්ලි ගන්නෙ නෑනේ..

හරිනේ එහෙනම් website එක ගැන නම් කියන්න තියෙන්නෙ ඔච්චරයි.ඉන් එහා ඔයාලා බලා ගන්න.මොකද ඔය වයසට මේ වගේ දේවල් සාමාන්‍යයෙන් ගොඩක් වටිනවනේ.හික්ස්....
ගිහිල්ලම බලන්නකෝ ටිකක් හොද නැකතක් තෝරගෙන.එහෙනම් අපි ගියා ඕං


…………………Be Happy…………………

0 comments: