මෙන්න Slow motion Dance ටිකක්

මෙන්න Slow motion Dance ටිකක්


පට්ට Slow motion Dance ටිකක් හම්බවුනා මං ඔය නෙට් එකේ කැරකි කැරකි ඉන්නකොට.ඇත්තටම මේ මාතෘකාව නම් අපේ බ්ලොගියට ගැලපෙන මාතෘකාවක් නම් නෙවෙයි තමයි.ඒත් මේකත් එක්තරා ගැඡට් ඩාන්ස් එකක් තමයි බලන් ගියාම.මොකද අනිත් ඒවාට වඩා ගොඩක් වෙනස්නේ.

මම ඉස්සරහටත් අපේ බ්ලොගියේ මාතෘකාවට එහා ගිය වැදගත් කමක් තියෙන දේවල් ගැන දැන ගත්ත ගමන් අනිවාර්යෙන් දානවා.මොකද මට දාන්න පෝස්ට් නැතිව එහෙම නෙවෙයි.ඔය හැම දෙයක්ම අපේ දැනුමට එකතු කරගන්න පුලුවන්.


ඒක නිසා දිගටම අපිත් එක්ක ඉන්න.ඔය කොහෙන් හරි අපිවත් Book mark කොරගන්න හොදේ.Like එකක් දාන්න comment එකක් දාන්න කියලා මම කවදාවත් බලකලෙත් නෑ කිව්වෙත් නෑනේ ඉතින්.එහෙව් කියලා ඉතින්  නොදා ඉන්නත් එපා බොලව්.මොකද මට මේක කොලා කියලා කවුරුත් සල්ලි දෙනවා ඈ.ඇත්තටම මට මේ බ්ලොගියෙන් සල්ලි හොයන්න බලාපොරොත්තුවක් නෑ.ඉස්සරහටත් එහෙමයි හොදේ.ඒක නිසා අපිව ඔය කොහෙන් හරි ඉඩ තියෙන තැනක Ctrl + D ගහලා Book mark පාරක් දාගන්න.අපරාදේ කියලා හිතෙන එකක් නෑ.හි...හි....

දැන් එහෙනම් මදෑ වැමෑරුවා.ආයෙත් මම ඉස්සෙල්ලා කියන්න ගිය මාතෘකාවට එමුකෝ එහෙනම්.Slow motion Dance දැනට ලෝකයට හදුන්වලා දීලා නම් ටිකක් කල් වෙනවා.සමහර විට ඔයාලත් දන්නවා ඇති බලලත් ඇති මේ Slow motion Dance.

මේකත් එක්තරා රැල්ලක් තමයි නර්තන ලෝකේ.මේක කරන්නත් පුද්ගලයෙකුට විශේෂ හාකියාවක් තියෙන්න ඕනේ.ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් තමන්ගෙ ශරීරයේ සමබර තාවය හා ඇග පාලනය කිරීමේ හැකියාව.

මෙයාලා දාන වැඩ කෑලි ටික දැක්කාම ඇග ටිකක් හිරි වැටෙනවා.දවසක් වැඩේ කියන්නේ ඔය වගේ Slow motion Dance එකක් මම බල බල ඉද්දී මාවත් නිකන් එහෙම වෙන්න පටන් ගත්තා.ඉදගෙන ඉන්න පුටුවෙන් නැගිටලා ටිකක් ඉස්සරහට ඕක කරගෙන යනකොටම අම්මා ආවා.ඉතින් වැඩේ බකල් උනා..හි...හි...

මම මෙහෙම කොට කොට හිටියට වැඩක් නෑ.පහලින් එකක් තෝරගෙන බලන්න.ඔයාටත් නිකන් ටික වෙලාවක් යනකොට හෙලවෙනවා වගේ දැනෙයි.හැබැයි ඉතින් ඕවාට ආස කරනවානම් විතරයි.සමහර අය ඉන්නවනේ නිකන් ගල් ගිලපු ගල් බූතයෝ වගේ.අන්න ඒ අයට නම් මේවා තේරෙන එකක් නෑ.හික්ස්...

ඕන මගුලක් වෙන්න කියලා යන ගමන් පහලින් බලාගෙන යන්ටලා.



මෙන්න ඉන්නවා ඉන්දියාවේ ඉන්න වැඩ කාරයා Raghav





කොහොමද පොඩ්ඩගෙ වැඩ












ආයෙත් හම්බවෙමු එහෙනම්.අපි ගියා

................Be Happy.................

0 comments: