Google Map Street View ගැන යමක්


ලෝකය 3D විදියට දකින්න-Google Street View ගැන යමක්




ඔන්න අද කියන්න යන්නේ Google Map වල තියෙන පොඩි පහේ Tricks එකක් ගැනයි.ගොඩක් අය සමහර අවස්ථා වලට Google Map Use කලාට මේ Google Map වල හදුන්වලා දීලා තියෙන දේවල් ගොඩක් පාවිච්චි කරන්නේ නෑ.ඒකට ගොඩක්ම හේතුව තමයි නොදැනුවත් කම..


නොදැනුවත් කම කියලා මම ලේසියෙන්ම කියලා දැම්මේ මම මේ ලගකදි යාඑවෝ පස් දෙනෙකුගෙන් විතර මේ ගැන අහලා බැලුවා උන් දන්නවද බලන්න.වැඩක් උනේ නෑ..උන් ටික දන්නේ නෑ.ඒ මොකද්ද බන් කියලා ඇහුවා විතරයි...

ඔන්න ඒක හින්දා හැමෝටම දැන ගන්නත් එක්කලා කියන්නම් මේ ගැන.අපි සාමාන්‍යෙයන් Google Map පාවිච්චි කරන්නේ නිවැරදි තැනක් හෝ මාර්ගයක් හොයා ගන්නනේ.දැන් නම් ගොඩක් කස්ටිය Google Map ඔය Smart Phone වලින් Use කරනවානේ.

Mobile Phone එකේ GPS තියෙන නිසා ක්ෂණිකව අපි ඉන්න Location එක හොයා ගන්න පුලුවන්නේ.ඒක අපිට ලැබෙන තවත් වාසියක්...

මම මේ දැන් කියන්න යන දේ Mobile Phone වලට අදාළ දෙයක් නම් නෙවෙයි.මේ පහසු කම අපිට පාවිච්චි කරන්න පුලුවන් වෙන්නේ අපේ Computer එක හරහා තමයි හොදේ. Google Map ලගේ මේ විශේෂාංගය තමයි Google Map Street View කියන Option එක.

අපි සාමාන්‍ය විදියට Google Map එකේ මොකක් හරි තැනක් හරි ස්ථානයක් හරි හොයන්න යනකොට දකුණු පැත්තෙ යට කෙලවරෙන් හිටගෙන ඉන්නවා නේද පොඩි කහ පාට බුවෙක් ,අන්න ඌ තමා බාන්ඩේ..ඔය පහළ පිංතූරය බලන්න...


දැක්කනේ.මේකෙන් වෙන්නෙ මොකද්ද කියලා එක පාරටම කියන්න ඉස්සෙල්ලා පොඩි හැදින්වීමක් කොරන්නම්කෝ.....

මේ Street View කියන Option එක Google ආයතනය මුලින්ම ලෝකෙට හදුන්වලා දීලා තියෙන්නේ දැනට අවුරුදු 7 කට කලින්.ඒ කියන්නේ 2007.05.25 කියන අවුරුද්දේ..මේක ඉස්සලේලාම ඉතාම පොඩියට තමයි පටන් අරගෙන තියෙන්නේ.

ඒ කියන්නේ ඇමරිකාවේ තෝරා ගත්ත නගර කීපයක තමයි පටන් අරගෙන තියෙන්නේ.මේ නගර වල දර්ශණ අරගෙන තියෙන්නේ පිස්සු හැදෙන තාක්ෂණයකින්.ඒ කියන්නේ මේ නගර ඡායාරූපගත කරලා තියෙන්නේ Paroramas Stitched කියන තාක්ෂණයට.

ඔන්න ඔය තාක්ෂණය නිසා දැන් අපිට පුලුවන් Google Street View Coverage එක දීලා තියෙන රටවල් වල පාරේ ඇවිදගෙන යන්න.හැම මගුලක්ම බලා ගන්න පුලුවන්... :D

Paroramas කියන තාක්ෂණය ගැන නම් ඉතින් ඔයාලා අහලා ඇතිනේ.ඔය සමහර Mobie Phone වල එහෙම තියෙන්නේ.ඔය පහලින් තියෙන්නේ බලන්නකෝ..



ඔය Paroramas Stitched කියන තාක්ෂණයට පුලුවන්ලු විශාල පරාසයක තියෙන දර්ශණ එක පිංතූරයකට අහු කර ගන්න. Paroramas කියන තාක්ෂණය තවත් ගොඩක් දියුණු කොරලා තමයි මේ වැඩේට යොදාගෙන තියෙන්නේ.

මහ පාරේ මේ Photo ගන්න වැඩේ කරන්න ඉතින් අනිවාර්යෙන්ම මහ පාරෙම යන්න එපෑයි.ඒක මෙයාලා ගොඩක්ම පාවිච්චි කොරලා තියෙන්නේ Car තමයි.හැබැයි හැම තැනකම Car වලින් යන්න බෑනේ.එතකොට මෙයාලා Bicycle,Tricycle,Trakker,වගේ දේවල් වලටත් අමතරව ඔටුවන් පිටේ හා පයිනුත් ගිහින් තියෙනවා අර තඩි Camera එකත් උස්සගෙන..හික්ස්....

බලන්නකෝ පහල තියෙන්නේ මේ වැඩේ කර ගන්න පාවිච්චි කරපු ලොකු තාක්ෂණයක් තියෙන  Camera හා ඒවා පාවිච්චි කරපු විදිය..











දැක්කනේ දීලා තියෙන ගේම.දැනට මේ ගත්ත Photos වලට Petabyte ගාණක ඉඩක් ගිහින් තියෙනවාලු.හැබැයි තවම මුලු ලෝකෙම නම් මේක Cover කරලා නෑ.තවමත් රටවල් පොඩි ගාණක විතරයි අපිට රවුම් ගහන්න පුලුවන් වෙන්නේ.

ඇමරිකාවෙ නම් ගොඩක් තැන් Cover කරලයි තියෙන්නේ.මරු වැඩේ කියන්නේ අපිට සමහර කඩ/සිනමාශාලා/SportGround ඇතුලටත් යන්න පුලුවන්.

ඔය පහල පිංතූරෙ තියෙන්නේ දැනට මෙයාලා මේ වැඩේ Cover කරලා තියෙන රටවල් ගාන.





අපේ රටේ නම් මේක තව කොහොමටවත් නැතෝ..මින් එහාට මම කොට කොට හිටපු එක එකපාරටම වෙනස් කරන්න උනා.(අපරාදේ මගෙ වචන ටික..හික්ස්...)මොකද්ද දන්නවද හේතුව,මට මේ ඊයේ ආරන්දචි උනා ඔන්න අපේ ලංකාවෙත් Google අයියලා කරක් ගහන්න යනවා කියලා.ඒ කියන්නේ මේ තාක්ෂණය පාවිච්චි කරලා Google Street View එකට ඔන්න අපේ රටත් එකතු කරන්නලු යන්නේ.පට්ට පට පට.... :D :D

හරි දැන් ඉතින් මදෑ කයිවාරැ ගැහුවා මේක ගැන.දැන් කියන්නම් මේක පාවිච්චි කොරන්නෙ කොහොමෙයි කියලා.මම අර ඉස්සෙල්ලා පෙන්නලා දුන්නා වගේ දකුණු පැත්තේ කහ පාට පොඩි බුවෙක් ඉන්නවා නේද කොයි වෙලෙත් හිටගෙන.ඔන්න ඕකව ඇමරිකාවෙ කොහෙ හරි තැනකට ඇදලා දාන්න.

කහ පාට ඇද ගත්ත බුවාව Click කරපු ගමන් Map එකේ පාරවල් එක පාරටම නිල් පාට වෙනවා.ඒ කියන්නේ High Light වෙනවා.ඔන්න එතකොට පාරට ඇදලා දාන්න ඕකව... :D

පොඩි උදාහරණයක් වගේ එකක් බලා ගන්න ඕන නම් මෙන්න මෙතනින් යන්න.කෙලින්ම New York බලා.....(මතක් කොරලා පාරට ඇචලා දාන්න ඕකව හොදේ...හික්ස්...)

දාපු ගමන් ඔයා යන්නේ අමුතුම ලෝකෙකට.අපිට ඉතින් ඇමරිකාව වගේ රටකට සල්ලි දීලා යන්න හම්බවෙනවා ඈ...ඒක නිසා යන්න හොදම ක්‍රමය තමයි මේක.ගිහින්ම බලන්නකෝ මම මෙහෙම කියෙව්වට වැඩක් වෙන්නෙ නෑ....

මේ පහලින් තියෙන්නේ මම ලගකදී Hong Kong ගිය පිංතූර... :D


මේකට සාමාන්‍යයෙන් Data ටිකක් කැපෙනවා හොදේ.මොකද 3D Image හින්දා.ඒත් ඒක එච්චරම ගානක් නෑ.මහා ලොකුවට වෙන්නෙත් නෑ හරිය..


එහෙනම් අපි ගියා......


............................සුභ අනාගතයක්............................




0 comments: