මෙන්න තවත් නොමිලේ ගන්න පුලුවන් දෙයක්

නොමිලේ DVD+පොතක් ගෙන්න ගමු




ඔන්න ඉදලා ඉදලා අර කලින් කිව්ව විදියට නොමිලේ දෙන ඒවායින් තවත් එකක් එළියට දාන්න හිතුනා.කලිනුත් දැම්මානේ නොමිලේ ගෙන්න ගන්න දේවල් ගැන පෝස්ට් ටිකක්.බැලුවේ නැත්තම් මෙන්න මෙතනින් ගිහින් හොද නම් Order කරගන්න.


මේක නම් මම අර කලින් දාපු නොමිලේ ගෙන්න ගන්න දේවල් වලට වඩා ගොඩක් වටිනවා.මොකද කියනවා නම් මේ Order කරන්න යන Iteam එකේ ඇතුලත් වෙන්නේ Human Right ගැන ලියවෙච්ච DVD තැටියක් සහා පොතක්.

මේ සංවිදානය පිහිටුවලා තියෙන්නේ USA වල.මෙයාලගේ ප්‍රධාන තේමාව තමයි YOUTH FOR HUMAN RIGHT.මේකට ඇතුලත්ව ගොඩාක් සමාඡයට වැඩදායි ක්‍රියාකාරකම් මේ වෙනකොට මේ සංවිදානය විසින් කරලා තියෙනවා.

මේ DVD තැටියේ අඩංගු වෙන වීඩියෝ එක ගැන කියනවා නම් ලෝකයේ බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක් වෙලා ගොඩක් සම්මාන දිනා ගෙනත් තියෙවා.

බොහෝම වටින කරුණු ගොඩක් තියෙනවා මේවායේ. DVD එක ගැන නම් කියලා වැඩක් නෑ.මානව හිමිකම් ගැන ඇහැට කදුලු එන තරම් සංවේදී වීඩියෝත් තියෙනවා.

කොහොම උනත් මම නම් හිතනවා පොඩි හරි දෙයක් අපේ ඡීවිතයට මේකෙන් එකතු කර ගන්න පුලුවන් වෙයි.ඒ වගේම තමයි මෙයාලා youth for human Right තේමාව කරගෙන ලස්සන වීඩියෝ සින්දුවකුත් හදලා තියෙනවා.

මේ DVD+පොත් සීමා සහිතව තමයි අපිට ලබා දෙන්නේ.උදාහරණයක් කිව්වොත් Classroom එකකටම එකක් වගේ.වැඩිපුර ගෙන්න ගන්න ඕන නම් සල්ලි ගෙවන්න වෙනවා.ඒත් ඉතින් මේක සල්ලි ගෙවලා ගන්න තරම් උවමනාවක් නෑනේ නේද.

හරි එහෙනම් මදෑ කයිවාරු ගැහුවා.මෙන්න මෙතනින් යන්න එයාලගෙ Web site එකට.ගිහින් පහළ තියෙන විදියට Form එක පුරවලා යවන්න.

රට ශ්‍රී ලංකාව කියලා තොරලා පහලින් ටික් එකකුත් දාලා Order යන්න.



පහළ තියෙන විදියට පුරවගන්න හොදේ.සමහර ප්‍රශ්ණ අපිට අදාල නෑ.ඒවට පහළ වගේ none කියලා දාලා මග අරින්න.අනිවාර්යේ ඔය රවුම් තුනට ටික් දාන්ටලා හරියය...



ආයේ පාරක් හොදට බලලා Submit කරන්ටලා.හරියට වැඩේ කර ගත්තා නම් Your request has been successfully submitted කියලා Massge එකක් එයි ඊලග පිටුවෙදි.

ඔච්චරයි කරන්න තියෙන්නේ.දැන් ඉතින් බලාගෙන ඉන්න සති 2-3 ක් විතර.ගෙදරටම ගෙනත් දෙයි ලියුම් අයියා...

එහෙනම් ඉතින් අපි ගියා......



...................සුභ අනාගතයක්...................


0 comments: