සිංහල අකුරු හරියට කොටමු





ඔන්න මචන්සලා ගෙනාවා වැදගත් පෝස්ටුවක්.බලන් ගියාම හැම එකක්ම වැදගත්නෙ බොලේ.හි..හි..එහෙම තමයි ඉතින් හැමදාම වැදගත් කමක් තියෙන දෙයක් ලියන්න එපෑ ඉතින්.නැත්තම් කියවන්නත් එපා වෙනවනේ.


ගොඩක් අය ඔය Fb වල හරි මොකක් හරි චැට් කොරන එකක සිංහලෙන් කොටන්නේ Unicode දාගනනේ. Unicode වල නම් ඔය ඇද කුද එහෙම නෑ.බබා වගේ කොටලා දාන්න පුලුවන්.ඒත් සිංහල Font වලින් නම් ඔය වගේ සෙල්ලම් දාන්න බෑ.මොකද අල්යන්න ලියනකොට වැදෙන්නේ මියන්න.ඔයත් සිංහල මොනවා හරි කොට කොට ඉන්නවනම් මේ වගේ දේවල් ඕන තරම් වෙනවා ඇති.එතකොට ඉතින් සුද්ධ සිංහලනේ මතක් වෙන්නේ.ගනන් ගන්න එපා ඕවා ඔහොම තමයි.ඉන්නකෝ ඔයාලට උදාහරණයක් පෙන්නන්න.පහළ බලන්න


ඔය උඩින් තියෙන්නේ මම Word document එකක සාමාන්‍ය Font එකක් තෝරගෙන කොටපු වාක්‍යක්,




මේ තියෙන්නේ මම Sinhala Key magic කියන software එක පාචිච්චි කරලා කලින් Font එකෙන්ම කොටපු වාක්‍යයක්


දැන් ඉතින් තේරෙන්න ඇති නේද වෙනස.හරියටම කියනවනම් බකල් වෙච්ච සිංහල අකුරු ලස්සනට,ආස හිතෙ විදියට ගොඩ දාලා දෙන පොඩි පහේ Sinhala කෑල්ලක්.

හරිම ලේසියි මෙකත් එක්ක වැඩ කොරන්න.මම දෙන එක Xp version එකක්.ඒත් මේක ඕන කෙහෙල්මලකට වැඩ.මේක ගොඩක්  Communication,Video edit කරන අයට සහා ඔයාලට ගොඩක් වැදගත් වෙයි වෙයි කියලා හිතනවා.

මං මේක ඔයාලට දෙන්නේ Portable app එකක් විදියට.ඒක නිසා Install කර කර දගලන්න දෙයක් නෑ.ඔයා Download කරගන්න folder පිටින්ම කොහාට හරි කොපි කරලා SINHALA Key Magic.exe කියන File එක ඔයාගෙ Desktop එකට Shortcut එකක් විදියට send කරන්න.එතකොට ඕන වෙලාවක ගන්න ලේසියිනේ.

ආ කියවගෙන කියවගෙන ගියා විතරයි.මේක වැඩ කරන හැටි කිව්වෙ නෑනේ.මහා දෙයක් කරන්න නෑ.ඉස්සෙල්ලා කිව්ව විදියට ඔයාට ඕන තැනකට මේක කොපි කරගන්න.ඔයා මොනවා හරි සිංහල Font  එකකින් වැඩ කරන්න යනවා නම් ඩෝං ගාලා ගිහින් SINHALA Key Magic.exe කියන එක Double Click කරන්න.එ.කොට මෙන්න මෙහෙම එයි


ඔකෙන් Sinhala කියන Tab තෝරලා ඕන රෙද්දක් ලියන්න පටන් ගන්න තමයි තියෙන්නේ.
ලංකාවේ කොල්ලෙක්ගෙ වැඩක් නිසා අරගෙන පාවිච්චි කොරලම බලන්න.වෙනස වටහා ගන්න හි...හි..
ඕන මගුලක් කියලා පහලින් ගොහින් අරගන්න..


http://www.mediafire.com/download/ane3karlzq2kizo/Sinhala_Key_Magic_from_techzone.rar


මදෑ ඉතින් කෙටුවා .ඇගිලිත් රිදෙනවා,ඇස් දෙකත් රිදෙනවා,######ත් රිදෙනවා .හික්...ගොහින් එන්නම්.මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් Mail එකක් හරි දාන්න හොදේ.

අපි ගියා...

0 comments: