Pen Drive එක Speed මදිද-එහෙනම් මෙහෙම කරලා බලන්න
Computer එකක් පාචිච්චි
කරන අය ලග අනිවාර්යෙන්ම තියෙන දෙයක්නේ මේ Pen Drive එක.ඕක හරියට අපිට නිකං
මසුරං වගේ වටිනවා.අනික රට වටේ සංචාරය කරලා සමහර දවස් වලට සතියකින් දෙකකින් විතර
තමයි ගෙදර එන්නේ.හරි හරියට වැඩ.මං නං හැම අගහරුවාදායි සිකුරාදයි දවස් වලට ඕක
අනිවාර්යෙන් ස්කූල් ගෙනියනවා.බොරු කියන්න ඕන නෑනේ ඉතින්.මොකක් හරි විකාරයක් නටලා
පට්ට ආතල් එකක් අරගෙන තමයි නවතින්නේ හි...හි....
සමහර දවස් වලට ගෙදර ඉදන් පොඩි වෛරස් කෑල්ලක්
හදාගෙන ගිහින් ඕක අත්හදා බලන්නේ Lab එකේ තමයි.ආයේ
ඉතින් කොම්පීටර තියෙන්නේ ඉගෙනගන්ට නොවෑ.
අද වෙනකොට නම් ඉතින් Pen Drive කිව්වම මේක Pen Drive එකද්ද කියලවත්
හොයා ගන්න බැරි තරම් අමුතුම ඡාතියේ Design
තියෙනවා.ගොඩක් අය මේවායින් විවිධ ප්‍රෙයෝඡන ගන්නවා.ඒ අතර
Pen Drive එකක් අපේ Computer එකේ අමතර Ram එකක් විදියටද පාචිච්චි
කරන්න පුලුවන් කියලා ඔයාලා දන්නවා ඇතිනේ.මේ ගැන මං කලින් සම්පූර්ණ පෝස්ටුවක්
දැම්මා.බැලුවෙ නැත්තම් මෙතනින්
යන්න.
ඔය දේවල් ඔක්කොම කරන්න නම් ඉතින් Pen Drive එක ටිකක් සුපිරියට
තියෙන්න ඕන නේද.ඒ කිව්වේ හොද Speed එකක් තියෙන්න ඕනේ නේද.
Pen Drive එකක් Speed එක තීරනය වෙන
සාධක කිපයක්ම තියෙනවා.ඒ අතරින්
1Pen
Drive එකේ Brand එක
-ඔයාගෙ Pen Drive එකේ වර්ගය ,එහෙමත්
නැතතම් Brand එක.විවිධ
සමාගමෙන් සමාගමට මේ Speed අගයන් වෙනස්
වෙනවා.
2Pen Drive එකේ වයසà
- Pen එකේ කල් පැවැත්ම.එනම්
Pen Drive එකේ
වයස.ගොඩක්ම අලුත් පෙන් එකක Speed එක ටිකක් හොද තත්වයක තියෙන අතර පරණ වෙන්න
වෙන්න අප නොදැනුවත්වම Speed එක ටිකක් අඩු
වෙනවා.
3USB port version එකà
-USB
port version 2.0 සහා 3.0 ආදී වශයෙන් දැක ගන්නට පුලුවන්.2000
වර්ශයෙන් පසුව Computer සමාගම්
හදුන්වා දුන් මෙම USB port version
2.0 ගොඩක්ම ඡනප්‍රිය මාධ්‍යක් වෙනවා.මෙහි Data transfer rate එක තප්පරයට 35MBps වෙනවා.
හරි දැන් ඉතින් මදෑ USB ගැන හදුන්වලා
දුන්නා.දැන් බහිමු වැඩේට.පොඩි දෙයයි කොරන්න තියෙන්නේ.ඉස්සෙල්ලාම ඔයාගෙ පෙන් කට්ට
කොහාට හරි ගහ ගන්න.දැන් Pen Drive එකේ Right click කරලා format තෝර ගන්න පහල වගේ.
ඕකේ ඔය තියෙන විදයට File System එක FAT32 තියෙනවනම් NTFS තෝරලා දීලා Format කොර ගන්න.දැන් ආපහු
ඔයාගෙ Pen Drive එකේ Right click කරලා Properties යන්න.පහල විදියට
ඔය රතු පාටින් මාක් කරලා තියෙන විදියට තෝරන්න.අංක 2
ඇවිල්ලා ඔයාගෙ Pen Drive එක තෝරන්න
ඕනේ හොදේ.ඊට පස්සේ Properties යන්න.
Change settings යන්න.දැන්
මෙහෙම
ඕකේ උඩම Policies ගිහින් Better
Performance එකට ටික් එකක් දාන්න.වැඩේ ඉවරයි.හැබැයි Better Performance එක තේරුවට
පස්සේ ඔයා මොනවා හරි වැඩක් කරගෙන ඉවර වෙලා Pen
එක ගලවනවනම් අනිවාර්යෙන්ම System Tray එකේ safely Remove Option එකෙන් Remove කරගන්න ඕනේ.නැත්තම්
ඔයාගෙ Pen එකට දාගත්ත File ආරක්ෂාකාරී වෙන්නෙ නෑ
හොදේ.
Windows 8 යාඑවන්ටත් ඔය
ටිකම තමා කොරන්න තියෙන්නේ.පොඩි වෙනසකට තියෙන්නේ උඩම පින්තූරේ අංක 3 තෝරපු ගමන්ම
එන්නේ Policies tab එක.ඒකෙන් වැඩේ
කරගන්න.
ඔය ටික නිකන් ඉන්නවනම් කොරලා බලන්නකෝ කොහොමද
කියලා වෙනස.පොඩි පහේ කික් එකක් දැනෙනවා.ආයේ පෝස්ටුවකින් හම්බවෙමු.
අපි ගියා..............
…………………..Be Happy………………….

0 comments: