DDR4 Ram Card ගැන ටිකක් දැනුවත් වෙමු



DDR4 Ram Card ගැන ටිකක් දැනුවත් වෙමු




ඉතින් කොහොමද මචන්ස්ලා.කස්ටියම හොදින් ඇති කියලා හිතනවා.අද පෝසටුව කොටන්නේ DDR4 Ram Module එක ගැන.හැබැයි මේවා දැන් හදුන්වලා දීලා නම් ටිකක් කල් වෙනවා.සවිස්තරාත්මකව විස්තරය කියෙව්වොත් ඉතින් මේ හැම දෙයක්ම දැන ගන්න පුලුවන්.


Computer එකකට Ram Card එක හරියට මිනිස් සිරුරට අවශ්‍ය වන වාතය වගෙයි.වාතය නොමැතිව ඡීවයක් නෑ.අන්න ඒ වගේ තමයි Ram Card එකක් නැතුව Computerයට ඡීවයකුත් නෑ.අපි අපේ Computer එකේ මොනවා හරි වුඩක් කර කර ඉන්නකොට ඒ වැඩේ තාවකාලිකව මතකයේ තියාගෙන ඉන්න කෙනා තමයි Ram Card.ඒ වගේම තමයි අපි කරන වැඩේ ඉක්මනින් කරගන්නත් මේ Ram Card ප්‍රධාන වශයෙන් හේතු වෙනවා.ඉල්ලුමට අනුව සැපයුම සිදු උනේ නැති නම් එම කාර්යය අකර්මන්‍ය වෙනවා.වචන ටිකක් බර වැඩිද මන්දා..හි...හි...

Ram සබ්ඡෙක්ට් එක ගැන කියනවනම් ඉතින් වෙනම පටන් ගන්න වෙනවා මාතෘකාවක්.ඔන්න ඔය නිසා තමයි Ram Card එකක් මේ තරම්ම විශේෂ වෙන්නේ.

නූතන ලෝකය තුල තාක්ෂණයේ දියුනුවත් සමගම විවිධ දේවල්,උපකරණ නවීකරනය වෙනවා.මේ අතරින් ගොඩක් උපකරණ වල වැඩි දියුනු වන්නේ එහි වේග සීමාවයි.වේගය වැඩි වෙන්න වෙන්න එහි කාර්ය්‍යක්ෂම තාවයද ඉහල තැනක් ගනී.

Computer දෘඩ තාක්ෂණය සම්බන්ධයෙන් ඉහල නමක් දිනාගෙන සිටින සමාගමක් වන Samsung සමාගම පසුගියදා එනම් 2013 වර්ෂයේදී මෙම DDR4 කියන Ram Module එක සාර්ථකව අත්හදා බලා තිබෙනවා.2013 දී මෙය සාර්ථකව අත්හදා බැලුවත් DDR4 Ram Card එක මුලින්ම ලොවට හදුන්වලා දුන්නේ 2011 වර්ෂයේදි තමයි.මේ කාල වකවානු තුල එයාලා අදහසක් පල කරලා තියෙනවා සමහර විට 2014 වන විටදී මෙම DDR4 Ram Card එක වෙලදපලට නිකුත් කිරීමට.

වර්ථමාන ලෝකයේ වැඩි වශයෙන් භාවිතා වන්නේ DDR-(Double Data Rate- Random Access Memory) වර්ගයේ රැම් Card වේ.නමුත් අදින් වසර 14 කට පමණ පෙර එනම් 2000 වර්ෂයෙන් ඉහතදී අපි කොයි කවුරුත් භාවිතා කලේ SD-(Synchronous Dynamic-Random Access Memory) වර්ගයේ රැම් කාඩ් වේ.2000 වර්ෂයෙන් කරලියට ආ DDR Module වර්ගයෙන් පලමු වර්ගය වන්නේ DDR1 ය.2004 දී DDR2 සහා 2007 දී DDR3 ලෝකයට හදුන්වා දෙන ලදී.

Fourth Generation ගණයට අයත් වන මෙම DDR4 Ram Card එනෙහි ඇති විශෙෂතා අතර මෙම Ram Card යොදන Laptop හා Mobile device වලට අමතර වාසියක් ගෙන දෙයි.එනම් මෙහි ඇති විදුලිය පිරිමැසීමේ හැකියාවයි.35%  ක් පමණ විදුලිය ඉතිරි කර දෙන මෙම Ram Card වේගය අතින්ද DDR3 Ram Card වලට සාපේක්ෂව ගත් විට දෙගුණයකින් දියුණු කර ඇත.

මේ DDR4 Ram Card වල 284-Pin ඇති අතර මෙහි දිග අගල් 5.4/1 වේ.මේවා 2,4,8,16 යන අගයන් වලින් ලබා ගත හැකි බව දැනට සදහන් වෙනවා.බොහෝ දුරට සර්වර් පරිඝනක සදහා වැඩිදියුණු කරන බවටයි එයාලගෙ මතය.

තවද මෙම DDR4 Ram Card Module වල ‍‍වේග පරාසයන් ඔයාලට හිතා ගන්නවත් බැරි තරමට දියුණු කරලයි තියෙන්නේ.එනම් 2133–4266 MT/S (Million Transfers per second)
DDR 3 Ram Module එකට සාපේක්ෂව ගත්කල Voltage අගයන් ඉතාමත් පිරිමැසුම් දායක වේ.එනම් DDR 3 Ram-(1.2–1.65V) සහා DDR 4 Ram-(1.05–1.2V) යන අගයන් වේ.

මේ මොනවා උනත් ඉතින් දැනට අපි භාවිතා කරන DDR3 Ram Card වෙනුවට මෙම DDR4 Ram Card Upgrade කරන්න නම් බෑ.මොකද කියනවනම් මෙම  DDR4 වල වෙනම Voltage අගයන් භාවිතා වන අතර නූතනයේ භාවිතා වන Motherboard,processor ගැලපෙන්නේ නැත.

කොහොම උනත් අපේ උපාංගත් සමග භාවිතා කිරීමට පුලුවන් වෙන විදියට මෙම DDR4 Ram Card දියුණු කරයි කියලා හිතන්න පුලුවන්.

එම හේතුව නිසා මේ වන විටත් විවිධ සමාගම් මෙම DDR4 Ram Card සමග භාවිතා කිරීමට විවිධ උපාංග දියිණු කරමින් සිටියි.ඒ අතරින්

-Lenovo සමාගම විසින් DDR4 Ram Card Module-සර්වර් පරිඝණකත් සමග ක්‍රියා කරවීමට ග්‍රාන්ට්ලි (Grantly) නම් වු චිප් වර්ගයක් දියුණු කර ඇති බවයි වාර්ථා වෙන්නේ.

-Intel සමාගම විසින් මෙම DDR4 Ram Card Module සමග භාවිතා කිරීමට හැස්වෙල් (Haswell) නම් වූ processor වර්ගයක් දියුණු කර ඇත.

-Nvidia සමාගම විසින් සදහන් කර ඇත්තේ මෙම DDR4 Ram Card Module යොදා ගෙන වොල්ටා (Volta) නමින් ග්‍රැෆික් කාඩ් සදහා භාවිතා කරන අලුත් චිප් එකක් නිපදවන බවයි.මේ DDR4 Ram Card ග්‍රැෆික් කාඩ් වලට යොදා ගත්තම ඉතා උසස් ග්‍රැෆික් වැඩ කටයුතු කරගන්න පුලුවන්.

කොහොමත් ඉතින් අලුත් දෙයක් එන්නේ ලෝකෙට අලුත් විශේෂාංගත් එක්කනේ.මේ DDR4 Ram Card Module එක ලෝකෙට ආවට පස්සේ කරන්න පුලුවන් විකාර ගොඩයි.

මේවයේ මිල ගනන් නම් කොහොම වෙයිද කියලා නම් හිතා ගන්න බෑ.මොනවා උනත් ඔයාලත් මේ දේවල් ගැන ටිකක් හරි දැනුවත් වෙලා ඉන්න එක හොදයිනේ නේද.

එහෙනම් ඉතින් ආපහු හම්බෙමු පෝස්ටුවකින්.ගොහින් එන්නම්.

..............Be Happy................

0 comments: