Phone එකේ Battery ආයු කාලය වැඩි කරගන්නේ කොහොමද



Phone එකේ Battery ආයු කාලය වැඩි කරගන්නේ කොහොමද


කොහොමද ඉතින් කට්ටියට.අද පෝස්ටුව කොටන්නේ අපි හැමෝටම සිද්ධ වෙන කැත සිද්ධියක් ගැන.Android Phone වල Battery ආයු කාලය ගැන කතා කරද්දි නම් ඉතින් හැමෝම කියන්නේ අන්තිමයි කියලනේ නේද.ඒක හින්දා අද කියලා දෙන්නම් යන්තම් හරි ඔයාගෙ Android Phone එකේ Battery ආයු කාලය ඉතිරි කරගන්න පුලුවන් ක්‍රම ගැන.

Android OS එකේ තියෙන විවිධ විශේෂාංගත් එක්ක බැලුවහම නම් Battery ආයු කාලය අඩු වෙලා යන එක ගැන ඉතින් ආයෙ අහන්න දෙයක් නෑනේ.


-සමහර වෙලාවට හිතෙනවා Android OS එකේ තියෙන විවිධ Version වල අඩුපාඩුකමක් මේ දේ වෙනවා කියලා.නෑ ඇත්තටම එහෙම වෙන්න විදියක් නෑ.මොකද කියනවනම් මේ Android OS එක Open Source විදියට හදලා තියෙන නිසා විවිධ දුරකථන නිෂ්පාදන සමාගම් මෙම Android OS එක දියුණු කර විවිධ විශේෂාංග එක් කරනවා.එවිට එහි ආවේනික වූ ගති පැවතුම් වෙනස් වෙන නිසා මෙම සිද්ධාන්තය වෙනවා.සමහර උවමනා නැති ඇප්ස් පවා අපේ Android Phone එකේ Background run වෙනවා අපිට නොදැනිම.ඔන්න ඕක තමයි Android OS එකක තියෙන තවත් සුවිශේෂි තාවයක් වන්නේ.බහුතරයක් ඇප්ස් Background එකේ Process කිරීමට ඇති හැකියාව.කැමති නම් ඔයාලට ඒක නැති කරගන්න පුලුවන්.ඒකට මෙන්න මෙහෙම යන්න

ඔයාලගෙ Android Phone එකේ Settings වලට යන්න.ඊට පස්සේ Developer options යන්න.Don’t keep activies කියන එකට ටික් එකක් දාලා දැන් හොයා ගන්න Background Process Limit කියන එක.පහල තියෙන විදියට Settings හදා ගන්න





මේ Background Process පාලනය කරන්න ඔයාලට පුලුවන් හොද Task Manager එකක් පාචිච්චි කරන්න.ඒකෙන් පුලුවන් ඔයාලට Background Run වෙන apps හොදට Manage කරගන්න.මේ අතරින් ටිකක් හොද Task Manager ඇප් එකක් තියෙනවා.ඕන අය පහලින් ගිහින් Install කරගන්න.

https://play.google.com/store/apps/details?id=mobi.infolife.taskmanager
go to link

-Android Phone එකේ Desktop එකට දාන්න පුලුවන් වැඩ කෑල්ලක් තමයි Desktop Widget තියන්නේ.ඔයාලා ඉතින් දන්වනේ මේවා මොනවටද තියෙන්නෙ කියලා.ඇත්තටම අපි Android Phone එකක් පාචිච්චි කරද්දි මේ Widget පාලනය කරන්නත් දැනගෙන ඉන්න ඕනේ.මොකද කියනව නම් මේ Desktop Widget නිසාත් Background Process ගනන ඉබේටම වගේ අපි දන්නෙම නැතිව වැඩි වෙනවා.ඒ නිසා උවමනාම කියන දෙකක් තුනක් ඇර අනෙකුත් Widget අයින් කරලා දාන්න.

මේවා අනවශ්‍ය විදියට Desktop එකේ පුරව ගත්තම Phone එක මන්දගාමී වෙනවා වගේම Battery ආයු කාලයද නිකරුනේ නාස්ති වෙනවා.

-ඔයාලගේ Android Phone එකට දුරකථන සමාගම විසින් නිර්දේශ කරපු හෝ ඒවාටම ගැලපෙන Original Chargers කොයි වෙලෙත් පාවිච්චි කරන්න. Pin/Port එක සමාන උනාට වැඩක් වෙන්නේ නැත.මොකද කියනවනම් දුරකථන සමාගමෙන් සමාගමට Mobile Chargers නිකුත් කරන්නේ විවිධ ඇම්පියර් ගනන් වලටයි.මේ නිසා Pin/Port ගැලපුනාට Voltage අගයන් සමාන නොවන්න පුලුවන්.ඒ නිසා කාගේ හෝ Charger එකක් ඉල්ලගෙන ඔයාගේ Mobile Phone එක Charge කරනකොට ටිකක් ඒ ගැනත් ටිකක් හිතලා බලන්න. Charge කලා වගේ නෙවෙයි ඒකෙන් ඔයාගෙ Battery එක වගේම Mobile Phone එකේ සමහර උපාංග වලටද හානි දායක වෙන්න පුලුවන්.

- Mobile Phone එකේ Brightness ප්‍රමාණය උවමනාවට වඩා යොදා ගන්න යන්න එපා.දැන් තියෙන Smart Phone වල Sensors මගින් තැනට ඕන විදියට ස්ව්‍යංක්‍රියව Brightness ප්‍රමාණය අඩු වැඩි කරන නිසා වැඩි ආලෝක ප්‍රමාණයන් අවශ්‍ය වන්නේ නැත.

-ඒ වගේම තමයි ඔයාගෙ Mobile Phone එකේ Background එකට දානවා නේද ලස්සන ලස්සන පිංතූර එහෙම.මේවගෙනුත් යම්කිසි විදියකට Battery ආයු කාලය සදහා බලපෑමක් එල්ල කරනවා.පුලුවන් තරම් කලු පැහැයට හුරු පිංතූරයක් Background එකට යොදා ගන්නවනම් ගොඩක් හොදයි.මොකද එළිය වැඩි වෙන විට Brightness නිෂ්පාදනයද තරමක් වැඩි වෙනවා.

මෙන්න මේ වගේ පුංචි පුංචි දේවල් වලින් ඔයාගේ Mobile Phone එකේ Battery ආයු කාලයට ලොකු බලපෑමක් එල්ලවනවා වගේම දිනෙන් දින Battery අභාවයට යන්නත් පුලුවන්.එහෙනම් ඉතින් මේවා ගැන ටිකක් හොයලා බලන්න.

අපි ගියා..........



0 comments: