ඔබේ දුරකථනයත් අපිරිසිදුද?


ඔබේ දුරකථනයත් අපිරිසිදුද?


 
දැන් කාලේ ඉතින් Mobile Phone එකක් නැති කොල්ලෙක් කෙල්ලෙක් හොයා ගන්න බැරි තරම්නේ නේද...දැනට සොයාගෙන ඇති සංගණන වාර්ථාවලට අනුව අප රටේ මිලියන 40 කටත් වඩා ඡංගම දුරකතන භාවිතා වන බවයි.සෙල්ලම්ද කොල්ලෝ කිව්වලු .☺☺☺

 ඒ කියන්නේ අපේ රටේ එක්කෙනෙකුට අඩුම තරමේ Mobile Phone දෙකක් වත් තියෙනවා.සමහරු ඉතින් මේවා හරිහමන් ප්‍රෙයෝඡන ගන්න අතරේ තවත් සමහරු මෝඩ ආතල්ද ගනී..හී....

 ඉතින් මේ හැම දේම කරගන්න Mobile Phone එක නිසා විවිධ ලෙඩ රෝග රුසක් වාර්ථා වෙලත් තියෙනවා කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.


ඒ අතරින් වාර්ථා වන විශේෂම කාරනාව තමයි බැකිටීරියා වර්ධනය.අපිට මේක පහුගිය දවස් වල එහෙම හොදටම අහන්න හම්බුනානේ.අන්න ඒක ගැන තමයි මේ පොඩි විස්තරයක් කියන්න හදන්නේ
ඔයාලා දන්නවනේ බැක්ටීරියා ආසාදන වලින් හැදෙන විවිධ ලෙඩ රෝග එහෙම.මහම මහ විකාර ලෙඩනෙ ඉතින් හැදෙන්නේ.මෙන්න මේ බැක්ටීරියා ක්‍රියාකාරිත්වය ඔන්න දැන් Mobile Phone වලත් වැහි වැහැලාගඒ මොකද කියනවනම්,ලෝකයේ පර්යේෂක කන්ඩායම් විසින් පර්යේෂණ කර අනාවරණය කරගත් දත්ත වලට අනුව Mobile Phone වල ඇති වන බැකිටීරියා කාරකයන් පොදු වැසිකිලියක ඇති බැකිටීරියා කාරකයන්ටත් වඩා වැඩි බව.


ඊයා දැන් අප්පිරියා හිතෙනවා නේද? හීක්...ඒත් ඒක එහෙම තමයි.මොකද දීර්ග කාලයක් තිස්සේ අපි මේවා භාවිතා කරනකොට අප නොදැනුවත්වම මේවා අපිරිසිදු වෙනවා.එහෙම වෙන්න ආසන්නතම හේතුව තමයි Mobile Phone වැනි උපාංග වල ඇති ඉතා කුඩා අහු මුලු පිහිටා තිබීම.මේවා බැක්ටීරියා කාරකයන්ට අගනා වාසභූමීන්ය.

අපට පියවී ඇසට පෙනෙන නොපෙනෙන ඡිවී කාණ්ඩයන් රුසක් මේවායේ සිටියි. Mobile Phone වල විතරක් නෙවෙයි.අපි භාවිතා කරන Head set/Handfree ආදියෙද මෙම බැක්ටීරියා කාරකයන් තම වාස භූමිය ලෙසට පත් කරගෙන අවසන්.





Head set වැනි උපකරණ වලනම් පහසුවෙන් මෙයාලට වාසය කරන්න පුලුවන්.කාලයක් යනකොට මෙම උපකරණ අවපැහැ ගැන්වී තියෙනවා ඔයාලට බලා ගන්න පුලුවන්.අන්න ඒ අවස්ථාව තමයි මෙයාලගේ වර්ධන අවධිය.

ඔයාලටත් පුලුවන් ඉතින් මෙම බැක්ටීරියාවන්ට එරෙහිව ක්‍රියාමාර්ගයන් ගන්න. Mobile Phone එකක් වගේ පිරිසිදු කිරීමට යනවනම් අනවශ්‍ය ලෙසට ඒවාට හානියක් නොකර Alcohol හෝ-දැන් ඉතින් වෙන වෙන ඒවනේ මතක් වෙන්නේ හි... Alcohol හෝ Cologne විශේෂයක් බාවිතා කර වැඩේ කරගන්න පුලුවන්.


Head set එකක් ගේ ඉතින් පොඩි සුද්දයක් දානවනම් කෑල්ලක් දෙකක් ගලවන්න වෙනවා.මෙන්න මේ වගේ.



එහෙනම් ඉතින් මේවා ගැන පොඩ්ඩක් විතර හොයලා බලන්න.මොකද බැකිටීරියා ආසාදන වැලදුනොත් එහෙම ගොඩ කාලයක් යනවා හොද වෙන්න.අනික මම අර කිව්ව වැසිකිලි  කතාව වගේ හින්දා නිකන් මොකටද ඡරාව පාචිච්චි කරලා ලෙඩ හදාගන්නේ නේද....
අපි එහෙනම් ගියා.....

...............Be Happy................

0 comments: