Mobile Phone එකෙන් ඔයාගේ Computer එක පාලනය කරමුද




Mobile Phone එකෙන් ඔයාගේ Computer එක පාලනය කරමුද




මෙන්න මචන්ස්ලා අද ගෙනාවා පට්ටම පට පට ගැඡට් එකක්.මේක යාඑවනේ දැනට ලෝකයට හදුන්වල දීලා නම් ටිකක් කල් වෙනවා.මේ භාණ්ඩෙ ගැන දන්න කට්ටියත් ඇති.හැබැයි නොදන්න කට්ටියත් ඉන්නවනෙ.හැමෝටම දැන ගන්නත් එක්ක හැමෝම පොස්ට් එක බලන්න.මොනවා උනත් අහක දාන්න බැරි සොෆ්ට්වෙයා කෑල්ල.

මේකට ඕන කරන්නේ Android Phone එකක්,Bluetooth dongle එකක්.ඔයාට Laptop එකක් තියෙනවනම් ඉතින් අවුලක් නෑනේ.

ඉස්සෙල්ලාම කියන්නම්කො මේකෙන් මොකද්ද වෙන්නෙ කියලා..මේකෙන් පුලුවන් යාඑවනේ ඔයාගෙ Pc එක සමුපූර්ණයෙන් වගේ ඔයාගෙ Mobile Phone එකට ගන්න.ඒ කිව්වෙ පාලනය කරන්න.හැබැයි ඉතින් Pc එකේ Desktop එක ඔයාගෙ Mobile Phone එකට එන්නෙ නෑ. Mobile Phone එකට හම්බෙන Option වලින් Computer එක පාලනය කරන්න පුලුවන්.


ඒත් ඉතින් මේකෙන් තාමත් වැඩක් ගන්න පුලුවන් වෙන්නෙ Android හා Windows Phone වලට විතරයි.දැන් තේරෙනවනේ සිද්ධිය.මේවා Install කර කර දගලන්න  මහ දෙයක් නෑ.පොඩි වැඩ ටිකක් තියෙන්නේ.පියවරෙන් පියවර යමු.

ආ තව දෙයක් තියෙනවා.මේක Software එකක් කිව්වට Portable එකක්.ඒකෙත් ඔයාගෙ Pc එකට වෙනම File එකක් සහා Mobile Phone එකට වෙනම සෙටප් File එකක් තියෙනවා.ok......
මේ මොනවා කරන්නත් අපි ලග Software එක තියෙන්න එපෑ.ඒක නිසා පහලින් Download කරගන්න.5 MB ක් විතරයි වෙන්නේ.

http://www.mediafire.com/download/t8jbp0axem3xizs/Monect_v2.0.3_from_TechZone.zip

ඉස්සෙල්ලාම Download කරගත්ත Winrar File එක දිගඇරගත්තම මෙන්න මෙහෙම සදහන් වෙයි.හි...හි.....



දිගඇරගත්ත ගමන් මුකුත් කරන්න යන්නෙ නැතුව ඕක Folder එක පිටින්ම කොහාට හරි කොපි කරගෙන ඉන්න,ආයෙ එහා මෙහා කරන්න වෙන්නෙ නැති තැනකට.කොකටත් කියලා C Drive එකට කොපි කරගන්න.මොකච ඉතින් අපි C Drive එක පැත්තෙ වැඩිය කරක් ගහන්නෙ නෑනේ.

හරි කොපි කරගෙන අර විදියටම ඕපන් කරගන්න.ඊලගට Monect.exe එක උඩ ක්ලික් කොරාන්ඩ.ඔන්න ඕක තමා භාණ්ඩේ


Automatically start Monect host with windows කියන් ඉස්සරහින් ටික් එකක් දාන්න.Pc එක පැත්තෙන් මෙච්චරයි කරන්න තියෙන්නේ.Portable නිසා Install කරන්න දෙයක් නෑ.

දැන් ඊලගට ඒ Folder එකේම Android Phone එක ඇතුලට යන්න.ඒකේ තියෙනවා මෙන්න මෙහෙම


ඔය MonectPortale.apk කියන එක ඔයාගෙ Mobile Phone එකට දාගන්න.Bluetooth වලින් හෝ Usb Cable එකකින් දාගෙන ඕක Install කරගන්න.සාමාන්නයෙන් මේක හැම Android Mobile Phone එකකටම Support කරනවා.හැබැයි Install කරගන්න බැරි උනොත් පහලින් Google play එකෙන් Download කරගන්න.

https://play.google.com/store/apps/details?id=com.monect.portable

Mobile Phone එකේ Install කරගත්ත නම් මෙන්න මෙහෙම තියෙයි අයිකන් එකක්.ඒක ඕපන් කරගන්න.



ඕපන් කරගත්තම මෙන්න මෙහෙම තියෙයි.


මේකෙන් ඔයාගෙ Laptop එකට හරි Pc එකට හරි Connect කරගන්න Option දෙකක් තියෙනවා.WI Fi හා Bluetooth වලින්.දෙකම Connect කරන්නෙ එකම විදියට.ඒක නිසා Bluetooth වලින් Connect කරන හැටි තමා කියන්න වෙන්නේ.

මොනවා කරන්නත් කලින් Phone එකේ Bluetooth On කරගන්න.දැන් Bluetooth කියන එක Click කරන්න.
ඊට පස්සේ ඔයාගෙ PC එකේ Bluetooth Addres එක හම්බ වෙයි මෙන්න මෙහෙම,


ඒක උඩ Click කරන්න.දැන් ඔයාලට Monect ගැඡට් එකේ Main Page එක දකින්න පුලුවන්.


දැන් තමා පිස්සු නටන්න පුලුවන් වෙලාව.ගොඩක් දුරට Bluetooth Connection එක තියෙන නිසා පට්ටම ආතල් එකක් ගන්න පුලුවන්.ඈත තියාගෙන කාර් ගේම් එකක් වගෙ නියමෙට ගහන්න පුලුවන්.තව මේකෙ වැඩ කෑලි ගොඩක් තියෙනවා.ඒ මොනවා උනත් ඉතින් ඔයාගෙ Computer එකේ Mouse Point එක Phone එකට හම්බෙනවා කියන්නෙ ඉතින් ආයෙ අහන්න දෙයක් නෑනේ.තව බලන්නත් එක්ක ස්ක්‍රීන් ෂොට් ටිකක් දාන්නම්.








එහෙනම් හරිනේ.මොනා හරි අවුලක් එහෙම ආවොත් අහන්න හොදේ.ලැඡ්ඡවෙන්න එපා.හි...හි....
අපි ගියා
...................Be Happy..................



0 comments: