Computer එකේ මතකය ටිකක් වැඩි කර ගමුද


Computer එකේ මතකය ටිකක් වැඩි කර ගමුද




ඔන්න ඉතින් තවත් වැදගත් කියන පෝස්ටුවක් ගෙනාවා..ගෙදරට වෙලා ඉන්නකොට ඉතින් කාලෙ කකා කාලකන්නියෙක් වගේ (මං වගේ)හී....දවසෙන් වැඩි හරියක්ම ගත කොරන්නේ Computer එකත් එක්කනේ.

එහෙව් එකේ ඕක කොච්චර හොදට තිබ්බත් අපිට මදි.හැමදාම මොකක් හරි කෑල්ලක් ගෙනත් අටව ගන්නවනේ.ඔහොම කෑලි අටව අටව ඉදලා සල්ලි ටික හිදුනහම ඉතින් හොටු හූර හූර තමා ඉන්න වෙන්නේ.හික්.....
ඕන මගුලක් කතාව මේකයි.හැබැයි මේ වැඩේ කරන්න පුලුවන් වෙන්නේ Windows 7/8 os එකක් තියෙන අයට විතරයි හොදේ.

මේකේ ආරම්බය සිද්ද උනේ 2006 වර්ෂයේ.එතකොට Windows Vista වලට තමා මේක මුලින්ම හදුන්වලා දුන්නේ.අන්න එදා ඉදන් තමා මේක කරලියට ආවේ.


ඔයාගෙ Computer එකේ තියෙන් රැම් කාඩ් DDR1,2,3,4,5,6 එච්චර නම් නෑ බොල.හැබැයි DDR 4 රැම් කාඩ් නම් ඇවිත් තියෙන්නේ.ඒ ගැන පස්සෙ පෝස්ටුවක් දාන්නම්.හරි හරි කතාවට එන්නම්කෝ.

අපි හිතමු ඔයාගෙ Computer එකේ රැම් මතකය ධාරිතාවය ටිකක් අඩු එකක් කියලා.නැත්තම් Photoshop හෝ Video editing Software එකකින් වැඩක් කරවගන්න යනවා කියලා.ඔය අතරෙදි Machine එක දුක දෙන්න ගත්තම ඉතින් සමූල ගාතනය කරලා දාන්න හිතෙනවා නේද.

හැබැයි තව දෙයක් තියෙනවා.ගොඩක් පහසුකම් තියෙන Computer එකකට මේක කලොත් වැඩක් නෑ.මොකද රැම් මතකය අවශ්‍ය ප්‍රමාණයට තියෙනවනම් අමතර රැම් මතකයන් භාවිතා කලාට වැඩක් වෙන්නෙ නෑ.මේකෙන් සම්පූර්ණ ප්‍රෙයෝඡනය ගන්න පුලුවන් වෙන්නේ අඩු පහසුකම් සහිත Computer වලට විතරයි.ඇත්තටම ලොකු වෙනසක් තේරෙනවා. Computer එක ON/Shutdown වෙන වෙලාව පවා වෙනදට වඩා ඉක්මනින් සිදුවෙයි pen එක තියෙනකම්. 

අන්න ඒක ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලපු Microsoft මාමලාගෙ හිත උනු වෙලා Ready boost කියන Program එක හැදුවා.අපි බලමු ඒකෙන් වැඩක් ගන්නෙ කොහොමද කියලා.

ඉස්සෙල්ලාම ඔයාගෙ  එක Computer එකට Connect කර ගන්න. Pen එක කිව්වට pen එක විතරක්ම නෙවෙයි.SD card, CompactFlash, external hard drive හෝ ඕනෑම USB මතක ගබඩා උපකරනයක්ම භාවිතා කරන්න පුලුවන්.

Connect කර ගත්තට පස්සේ Auto play Menu එකේ දකින්න හම්බවෙයි Ready boost option එක.එහෙම නැත්තම් හොදම දේ තමයි පෙන් එකේ Properties යන්න.එතකොට මෙන්න මෙහෙම තියෙයි


ඒකෙ Ready boost එක තෝරන්න.මේ තියෙන විදියට Settings හදා ගන්න. 

වැඩේ හරි.දැන් ඉතින් යකා වගේ වැඩ කරන්න තමයි තියෙන්නේ. Machine එක Slow වෙලා පාන්දර 1ට 2ට Shutdown කලාට ආයෙ එහෙම කරන්න ඔනේ නෑ.ඉතිරි පැය 5,6 ත් ඇද ගන්න.

පෙන් එකේ ඉඩ ප්‍රමාණය සම්පූර්ණයෙන්ම හෝ සාමාන්‍ය ප්‍රමාණයකින් තියෙනවනම් ගොඩක් හොදයි.
ආ තව දෙයක් තියෙනවා සමහර Pen වලට Ready boost option එක Support කොරන්නේ නෑ.ඒක පෙන් එක ගිය ආත්මෙදි කරපු පවක් වෙන දෙයක් හි....හි.....

එහෙනම් ඔක්කොම හරිනේ.අපි ගියා.මොනවා හරි ගැටලුවක් ආවොත් කියන්න.



0 comments: