Phone එක Root නොකර සිංහල Subtitle එක්ක Film බලමුද




Phone එක Root නොකර සිංහල Subtitle එක්ක Film බලමුද



ඔන්න මචන්ස්ලා Android Tricks එකක් තමයි මේක.හරිම ලේසියි.ගොඩක් අය දන්නවත් ඇති මේ ගැන.සමහරු ඉතින් සිංහල බලන්න ඕන පලියටම Phone එක Root කොර ගන්නවනේ.
 
Root කතන්දරේ ගැනත් කිනවනම් ඔකේ වාසි සහ අවාසි ගොඩක් තියෙනවා.අවාසි පැත්ත බැලුවොත් Phone එක Root කලාට පස්සේ එහි සම්පූරිණ වගකීම අපිම භාර ගන්න ඕනේ.මොකද Root කලාම සමාගම සතු වගකීම් සම්බන්ධතාවය නැත්තටම නැතුව යනවා.ඒ විතරක් නෙවෙයි සමහර Virus වැඩ සටහන් පහසුවෙන්ම ඔයාගෙ Phone එකට ඇතුල් වෙලා පිස්සු නටන්න පුලුවන්.

වාසි ගැන කියනවනම් සම්පූර්ණයෙන්ම වගේ Phone එක අපිට ඕන විදියට නටවන්න පුලුවන්.තව දේවල් තියෙනවා ඉතින් කියන්න ඔය සම්බන්දයෙන් නම්.එතකොට ඉතින් මාතෘකාවට පිට යනවා.


ඔන්න ඕක නිසා ඔයාගෙ Phone එකේ නම්බුව කාගන්නෙ නැතුව රෙස්පා එකේ තියාගන්න.මොකද මමත් ඕවා ඕන තරම් අත්හදා බලලා තියෙනවා.කෙලවගෙනත් තියෙනවා.හි....හි....

හරි,මෙන්න මේකයි මම කියන්න ගියේ.ඔයාගෙ ලස්සන ස්මාර්ට් Phone එක කෙලව ගන්නෙ නැතුව ඒ කිව්වෙ Root කරන්නෙ නැතුව සිංහල උපසිරැසි බලන්න ක්‍රමයක් තියෙනවා.

ඇත්තටම කියනවනම් මංම තමයි මේක හොයා ගත්තේ කූරු ගගා ඉදලා.net එකේවත් tutorial බලලවත් නෙවෙයි.ගොඩක් හැපි එකේ ඔහොම දවසක් දෙකක් ඉන්නකොට තමයි දැන ගත්තේ හැමෝම මෙච්චරකල් මේ ක්‍ර‍මේ පාවිච්චි කරනවා කියලා.Hafoi අපරාදෙ මගේ සොයා ගැනීම.හි...හි....

මේ වැඩේ කරන්න නම් ඔයාගෙ Android Phone එකේ MX player එක තියෙන්න ඕනේ.Google play එකෙන් අරගන්න පහලින් යන්න.

  https://play.google.com/store/apps/details?id=com.mxtech.videoplayer.ad

ආ තව ඩිංගිත්තෙන් අමතක වෙනවා.මේකට සිංහල unicode font එකත් ඕන කරනවා.ඒක පහලින් ගිහින් Download කරගන්න.

http://www.mediafire.com/download/74tgd8lytl3ril7/Sinhala_Unicode_for_your_phone.rar

rar file එකක් විදියට තමයි තියෙන්නේ.දිග ඇරගෙන iskolapotha_0.ttf කියන file එක ඔයාගෙ Phone එකේ ඕන තැනක Folder එකක් හදලා කොපි කරගන්න.එතකොට ලේසියිනේ හොයා ගන්න.

දැන් MX player එක Install කර ගත්තට පස්සේ මෙන්න මෙහෙම Icon එකක් තියෙයි.


ඕක ඇතුලට ගිහින් ඔයාගෙ Film එක තෝර ගන්න.මෙන්න මෙහෙම


මං තෝර ගත්තෙ Hijacked 2012 කියන Film එකයි.දැන් ඕක සාමාන්‍ය විදියට Play කොරන්න.



ඊට පස්සේ player එකේ  Option එක පැත්තට යන්න. Subtitle කියන එක තෝරන්න.


දැන් Settings යන්න


Font එක ඇතුලට යන්ට



Select Font යන්ට


අලුත් Folder එකක් හදලා කොපි කරපු Font File එක මෙයාට පෙන්නන්න.මේ වගේ.
 

ඊට පස්සෙ ඒක සිලෙක්ට් කරන්න.


දැන් හරි වැඩේ.ඊට පස්සෙ තියෙන්නේ ඔයාගේ සිංහල Subtitle file එක open කරන්න ඕනේ.film එක තියෙන Folder එකටම Subtitle file එකත් දාලා තිබ්බනම් ගොඩක් ලේසියි.

මතක තියා ගන්න Subtitle file එක SRT file එකක් වෙන්න ඕනේ හොදේ.නැත්තම් මේකට support කොරන්නේ නෑ.
මේ විදියට යන්න.



Description: K:\Blogger\sinhala sub\Screenshot_2014-06-16-12-52-49.png
දැන් ඉතින් බබා වගේ Film බලන්න
Description: K:\Blogger\sinhala sub\Screenshot_2014-06-16-14-06-13.png

එහෙනම් ඉතින් අපි ගොහින් එන්නම්.මොනවා හරි අවුලක් තිබ්බොත් අහන්න ලැඡ්ඡ වෙන්න එපා හොදේ.

0 comments: