VLC Player එකේ Eqalizer Setting හැමදාටම සේව් කරලා තියාගමුද



VLC Player එකේ Eqalizer Setting හැමදාටම සේව් කරලා තියාගමුද

 

ඔන්න ඉතින් කියන්න යන්නේ පොඩි Tricks එකක් ගැන.VLC Media Player එක ගැන ඉතින් කාටවත් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. Player අතරේ ඉන්න සුපිරිම Player එකක්.මේකෙ Sound එහෙම Output එක Quality ට තියෙනවා.ඒ වගේම තවත් ගොඩක් වැඩ කෑලි තොගයක් තියෙනවා.

හැම හොද දේකම ඉතින් අපිට පොඩි අඩුවක් පේනවනේ.ඒක ඉතින් ඒ තරම්ම අඩුපාඩුවක් නෙවෙයි.හැබැයි ඉතින් මේකේ Eqalizer එකට Custom Eqalizer එකක් තිබ්බනම් තමයි තවත් වටින්නේ.

ඒත් ඉතින් මේකේ එහෙම එකක් නෑ.ඒකෙ තියෙන Eqalizer Effect එකක් තෝරල දෙන්න තමයි වෙන්නේ.ඕක ඉතින් අපිට හරියන්නෙ නැති හින්දා හැමදාම මොකක් හරි Play වෙන ගමන් Eqalizer හදන එකනෙ අපි කරන්නේ.


ඒක නිසා මේකට පොඩි වැඩක් තියෙනවා.හරි ලේසියි.ඉස්සෙල්ලාම VLC Media Player එක Open කරගෙන මෙන්න මෙහෙම ඔයාට හැමදාම තියෙන්න ඕන විදියට Eqalizer ටික Adjust කරගන්න.

 
Adjust කරලා ඉවර නම් Close කරන්න එපා.ඕක ඔහොම්මම තියාගන්න.රතු පාටින් මාක් කරලා තියෙනවා නේද ඉලක්කම් වගයක්.අන්න ඒක තමයි වැදගත් හරිය.

ඕක ටිකක් පැත්තකට කරලා Tools වල Preferences වලට යන්න.මෙන්න මෙහෙම
 

එතකොට මෙන්න මෙහෙම එයි.


ඒකෙ All කියන් එකට ටික් එකක් දාලා Audio—Filters—Equalizer යන්න මෙන්න මෙහෙම


ඊට පස්සේ අපි අර පැත්තකට කරලා තියාගත්ත Eqalizer Setting හදන කෑල්ලෙ රතු පාටින් මාක් කරලා තියෙන අංක ටික මේකෙ Bands Gain කියන තැන කොටන්න.හරි ලේසියි

මේක කොටද්දී මුල්ම Eqalizer එක ඒ කියන්නේ Volume එකේ අගය කොටන්න එපා.මොකද Volume එකේ අගය Global gain යටතේ සදහන් වෙලයි තියෙන්නේ.උඩ පින්තූරෙන් බලා ගන්න පුලුවන්. Eqalizer ටික කොටද්දී මෙන්න මෙහෙම කොටන්න.

5.0  0.0  0.0  3.2  3.6  5.5  0.0  0.0  0.0  9.5

මේවාගේ අගයන් හිස් තැනක් තිය තිය තමා සදහන් කරන්න ඕනේ. Volume එකේ අගය Global gain එකෙන් වැඩි කරගන්න.ඔච්චරයි කොරන්න තියෙන්නේ.දැන් සේව් කරන්න.

VLC Media Player එක Close කරලා ආයේ open කරලා බලන්න වැඩේ හරිද කියලා.බඩු වැඩ නේද
සිම්පල් ප්ලෑන් එකක්

හරි එහෙනම් අදට ඔච්චරයි අපි ගියා


0 comments: