Android App ගේමක් නැතුව Download කරගමු
Android App ගේමක්
නැතුව Download
කරගමු
ඔන්න අද කියන්න යන්නේ තවත් උවමනා කියන Android වැඩ කෑල්ලක්.
වැඩ කෑල්ලක් කිව්වට මේක Software එකක්.අද කාලේ Smart Phone කොච්චර නම් ඡනප්‍රියයිද
කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.මේ ඡනප්‍රියත්වය අතරේ බොහෝ පැසසුමට ලක් වෙන
OS එකක් තමයි Android කියන්නේ.
මං හිතනවා ඔයාලට Android ගැන
අමුතුවෙන් හදුන්වලා දෙන්න ඔන කරන්නේ නෑ කියලා.නමුත් Android OS එක හා සාපේක්ෂව IOS හා Windows මෙහෙයුම් පද්දතිත්
තවම තරගයේ යෙදෙන බව අමතක කරන්න බෑ.
Android OS එක මේ තරම්ම ඡනප්‍රිය
වෙන්න කාරනා ගොඩක් තියෙනවා.ඒ අතරින් සමහරක් වන්නේ මෙය හැසිර වීමේ පහසු කම.තව තව
දේවල් Android ගැන නම්
ඉතින් ගොඩක් තියෙනවා කියන්න.ඒවා පස්සේ කොටන්නම්කෝ.දැන් මං ආයේ මාතෘකිව පටන්
ගන්නම්කෝ.
මං කලින් පෝසටුවක් දැම්මනේ Android Application Mobile Phone එකට download කරගන්න හැටි ගැන.ඒකට
මෙතනින්
යන්න.
මේ කියන්න යන්නේ Android Application ඔයාගෙ Computer එකට download කරගන්න හැටි
ගැන.මේකත් අපිට වටිනවා කලින් ක්‍රෙම් වගේම.
Computer එකේ ඉද්දිම Google Play Store එකට රිංගලා ඔයාට ඕන
කියන ඇප් එකක් download කරගන්න තමයි
තියෙන්නේ.
හැබැයි මේකේ තියෙන එකම අවුල තමයි සල්ලි වලට දෙන ඇප් නිකං ගන්න බැරි
එක.මොකද Google Play Store එකටනේ
රිංගන්නේ.
ඉස්සෙල්ලාම ඔයාගේ Phone එකේ Device ID එක හොයා ගෙන ඉන්න
ඕනේ.ඒක කරන්නනම් ඔයාගේ Phone එකේ මෙන්න මේ
නම්බර් එක් ගහන්න. *#*#8255#*#*
ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් එයි.
Gtalk Service Moniter කියලා එකක්
එයි.ඔතන ලිසිට් එකේ අපි හොයා ගන්න ඔනේ Device
ID:android-xxxxxxxxxxxxx කියන් ලිපිනය.උඩින් මම
රතු පාටින් මාක් කොරලා තියෙන එක.ඔක තියෙන්නේ ටිකක් මැදට වෙන්න හොදේ.දැන් ඔය නම්බර්
එක කොහේ හරි වරද්දන්නැතුව කොටා ගන්න.
ඊට පස්සේ ඕකේ අරේවා මේවා කූරු ගාන්නේ නැතුව Close කරලා දාන්න.දැන්
හරි.පහලින් ගිහින් Real APK Leecher කියන එක Download කරගන්න.මහ ගානක් නෑ.6MB විතර වෙන්නේ.
Download කරගෙන දිග
ඇරගන්න.දැන් Real APK Leecher.exe කියන Software එක install කර ගන්න.
තව පොඩ්ඩෙන් අමතක වෙනවා.මේක install කරන්න ඔයාගෙ Machine එකේ Java තියෙන්න ඕනේ. Java නැත්තම් පහලින්
ගිහින් අරගන්න.
Install කරගත්තට
පස්සේ ඒක ඔපන් කර ගන්න.එත්කොට මෙන්න මෙහෙම Form
එකක් එයි.
ඔකේ පුරවන්න තියෙන්නේ ඔයාගෙ Android Phone එකට භාවිතා
කරන Email,Password හා මම උඩින්ම සදහන්
කරපු ඔයාගේ Phone එකේ Device ID එකයි.
මතක තියා ගන්න Device ID කියන එක කොටද්දි ඒක
ඉස්සරහින් තියෙන Android කියන වචනෙ
කොටන්න එපා.number ටික විතරක් කොටන්න.උඩින්
තියෙන විදියට අනිත් ටිකත් ඔයාට කැමති විදියට හදා ගන්න.ඔච්චරයි කරන්න තියෙන්නේ.
ඊට පස්සෙ තියෙන්නෙ ඉතින් ඔයාට කැමති ඕනම Software එකක නමක් දකුණු පැත්තෙ
Search bar එකේ ගහලා ඒ එන
Result එකේ Right click කරලා Download කොර ගන්න.
මොනවා හරි අවුලක් ගියොත් එහෙම කියන්න.ඕං
එහෙනම් අපි ගියා

0 comments: