පොසාගෙ වාසගම වෙනස් කරමුද
පොසාගෙ
වාසගම වෙනස් කරමුද
හැමෝම ඉතින් සමහර වෙලාවට computer එකත් එක්ක එක එක
විදියේ ආතල් ගන්නවනේ.ගොඩක්ම කස්ටිය මහන්සි වෙන්නේ computer එක සරසගන්න තමයි එක එක වැඩ කෑලි දාලා.
ඔය සමහර ගැඡට් මල්ලිලා අයියලා ලග ගොඩක් ලොකු
කොම්පීතර වගයක් තියෙනවා.ඒවට දාලා තියෙන වැඩ ටික දැක්කම හිනා කාලා මැරෙනවා.සමහර
අයගේ computer එකේ පිටින්
බැලුවම Windows 7 තියෙන්නේ.හැබැයි
ටිකක් එහාට මෙහාට කරකවලා බැලුවම තමයි මාට්ටු වෙන්නේ.දාලා තියෙන්නේ Windows 7/8 Transformer Pack එකක්.
වැඩේ
කියන්නේ Processor, Ram එහෙමත් ටිකක් දැනෙන්න
සයිස්.ඒත් ඒ ඔක්කොම ඇත්ත දේවල් නෙවෙයි.මැෂින් එක රීස්ටාර්ට් කරපු ගමන් හුලං
බහිනවා.ඒත් සමහර ඒවා නම් වැඩ හොදේ.හි....හි.....
ඔයත් සමහර විට බුලත් විට වගේ Processor එකේ නම එහෙම වෙනස්
කොරන්න ගිහින් තියෙනවද.මං කිව්වෙ නිකමට වගේ ආතල් එකට...හි...හි....මොකද මේ වගේ
දේවල් අපිට ගොඩක් වටිනවා අපේ රටේ රට හාවෝ ඉන්නකල්..හික්ස්....
කලින් එහෙම කොලා නම් ඒකෙන් ඔයාට සෙල්ලම්
දාන්න හම්බුනේ ඔයා මැෂින් එක රීස්ටාර්ට් කරනකල් විතරනේ. රීස්ටාර්ට් කරපු ගමන් ආපහු
වාසගම වෙනස් වෙනවා නේද.ඒවා දැන් හරියන්නෙ නෑ මල්ලී...
මම ඔයාට කියලා දෙන්නම් Pentium 4 Machine එකක් හරි
මොකක් හරි computer කෑල්ලක්
තියෙන ඔයාට ඒක Core i3, 5 ,7 Machine එකක් කරගන්නේ කොහොමෙයි
කියලා.
මතක තියා ගන්න.හැබැයි මේක තාවකාලික එකක් එහෙම නෙවෙයි
හොදේ.සදාකාලිකයි-අමරණීයයි.ආතල් කෝටියයි නේද ආ...
හරිම ලේසියි.පොඩි පොඩි දේවල් ටිකක් විතරයි
කොරන්න තියෙන්නේ.මං කියන දේවල් පිලිවෙලට කරගෙන යන්න.හැබැයි ඉතින් පොඩි එවුන්ව
රවට්ටන්න යන්න එපා මේවා කොරලා.පව්නේ..ඔය නාකි හරකෙක් දෙන්නෙක් ඇන්දුවට නම් කමක්
නෑ...හී :-D
හරි එහෙනම් වැඩේ පටාන් ගමු.මේකට අපිට ඕන
කරනවා හොදින් සිහින්ව ගා ගත් පොල් ස්වල්පයක්,තම්බපු හාල් පිටි ග්‍රෑම් 50 ක්
,වියලි මිරිස් ග්‍රෑම් 250ක්....විහිලුවක් කොලේ හොදේ.
ඉස්සෙල්ලාම කියන්නම්කෝ මේකේ සිද්ධාන්තය.අපි
හදනවා පොඩි Registry
key එකක්.ඊට පස්සේ ඒකේ Shortcut එකක් Startup Folder එකට
දානවා.එච්චරයි.
එහෙනම් පටන් ගමු. Notepad එක දිගඇරගෙන පහල තේරෙන්නේ නැහැයි වගේ
තියෙන අකුරු ටික ඔක්කොම කොපි කරගන්න.
Windows Registry Editor Version 5.00
[HKEY_LOCAL_MACHINE\HARDWARE\DESCRIPTION\System\CentralProcessor\0]
“ProcessorNameString”=”intel(R) Core(TM) i3 CPU E7500 @ 2.93 2.99”
[HKEY_LOCAL_MACHINE\HARDWARE\DESCRIPTION\System\CentralProcessor\0]
“ProcessorNameString”=”intel(R) Core(TM) i3 CPU E7500 @ 2.93 2.99”
මතක තියා ගන්න intel(R) Core(TM) i3 CPU E7500 @ 2.93
2.99 එක ඔයාට ඕන
නමක් දාගන්න.වෙන මොනවත් ඕකේ මකන්න යන්න එපා හොදේ.
හරි දැන් කොපි පේස්ට් කරගෙන ඉවර නම් ඊලගට කොරන්න
තියෙන්නේ මේක සේව් කරගන්න එකයි.ඔයාට කැමති නමකින් ඕක සේව් කරගන්න පුලුවන්.
හැබැයි
ඕකේ File Extension එක .reg කියලයි
තියෙන්න ඕනේ.ආ තවත් දෙයක් මතක තියා ගන්න Save as Type එක ඔයා දෙන්න ඕනේ “All Types කියලයි
හොදේ.පහල බලන්නකෝ.
දැන් සේව් කොරගන්න.ඕක ඔයාගේ c Drive එකට කොපි කරගන්න.අපේ
වැඩේට ඒක ලේසි වෙනවා.ඊට පස්සේ අපි මේකේ Shortcut එකක් හදන්න ඕනේ.
දැන් ඔයාගෙ Desktop
එකට ඇවිත් Right
click කරලා New
> Shortcut යන්න
හරි දැන් මෙහෙම එකක් එයි.
දැන් ටිකක් කල්පනාවෙන් මේ ටික බලලා ඕකෙ
කොටන්න.හරියට වැඩේ කලොත් ගොඩ.
කරන්න තියෙන්නේ regedit /S “C:\yourprocessorname.reg” කියන එක කොටන්න.
yourprocessorname.reg
කියන්නේ ඔයා ඉස්සෙල්ලා සේව් කරපු file එකේ නම හරිය.
C කියන්නේ ඔයා අර
file එක සේව් කරපු තැන.ඔය ක්‍රමේ නිකං
සෙට් වෙන්නෙ නෑ කියලා හිතෙනවනම් Browse කියන එක ක්ලික්
කරලා ඔයාගෙ file එක තෝරලා
දෙන්න.
දැන් ඔයාගෙ Desktop එකේ මොකක් හරි
file එකක් හැදිලා ඇති.බඩු හරි
ඊලගට කරන්න තියෙන්නේ ඕක ඔයාගෙ Startup Folder එකට
දාගන්නයි.පහල තියෙන විදියට ගිහින් ඕක එතෙන්ට පේස්ට් කොරගන්න.
Xp යාඑවන්ට Users
> C:\Documents and Settings\All Users\Start Menu\Programs\Startup
7/8 යාඑවන්ට > C:\Users\
User-Name\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup
7/8 වල ඔය
උඩින් තියෙන AppData කියන එක Hide
වෙලයි තියෙන්නේ.unhide
කරගෙන තැන හොයා
ගන්න.ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ.
Machine එක Restart කරපු ගමන් වාසගම වෙනස් වෙයි.
හැදුවා වගේ
නෙවෙයි ඕක නැති කරගන්නත් ඕන උනොත් එහෙම ඒකටත් උඩ බල බල ඉන්න එපා.ඔය Startup Folder එකට දාගත්ත file එක කෙලින්ම Delete
කරලා දාන්න.
ඔන්න ආස අය
ඉන්නවනම් ට්‍රයි කරලා බලන්න.වැරදුනොත් එහෙම කෙල වෙන්නෙ නෑ.බය නැතුව කොරලා බලන්න.
අපි
ගියා.......
………………..Be
Happy………………

0 comments: