අන්තර්ඡාලෙයහි දත්ත ගබඩා කිරීම

අන්තර්ඡාලෙයහි දත්ත ගබඩා කිරීම


කොහොමද මචන්ස්ලා.ඔන්න කියන්න යන්නේ තවත් ගොඩක් කස්ටියට වැදගත් වෙන කාරණාවක් ගැනයි.අන්තර්ඡාලයේ විවිධ වූ File ගබඩා කිරීම් ගැන අහලා ඇතිනේ ඔයාලා.මෙම File ගබඩා වීම් වෙන්නේ Cloud Spacing නොහොත් Cloud Computing ක්‍රමයටයි.

සාමාන්‍යයෙන් අසාමාන්‍ය විදියට අපි අපේ කොම්පීතර යාඑවාගේ හාර්ඩ් එකේ එක එක ඡාතියේ කුණු ගොඩවල් දින පතාම ගොඩ ගහනවනේ.ඔය එක එක ඒවා ඕනෑවට වැඩිය පුරව ගත්තාම හදිස්සියකදී අවශ්‍ය දෙයක් දා ගන්නවත් ඉඩ මදි වෙනවා.


ඉතින් ඕවට විසදුමක් විදියට අපි කවුරුත් එක්කෝ අලුත් හාඩ් එකකට මාරු වෙනවා, නැත්තම් අනවශ්‍ය File වලින් අවශ්‍ය දෙක තුනක් හූල්ල හූල්ල Delete කොරලා දානවා.ඕකනේ සාමාන්‍යයෙන් වෙන්නේ.
ඒත් අද කාලේ හැටියට ඕවා ගැලපෙන්නේ නෑ.මොකද තාක්ෂණය දියුණු වෙනවත් සමගම අපේ Computer එකේ තියෙන ඕනෑ කියන දෙයක් වෙනත් කෙනෙකුගේ Computer එකක තැම්පත් කොරන්න පුලුවන්.මේකට කියන්නේ Sync කරනවා කියලයි.අහලා ඇතිනේ.

ඔය සබ්ඡෙක්ට් එකෙන් අපිට ගොඩක් වැඩ ගන්න පුලුවන්.උදාහරණ ටිකක් කියනවානම්-

1.අපේ Computer එකේ තියෙන වැදගත්  Files Backup එකක් වශයෙන් ගබඩා කර තබන්න පුලුවන්.

2.යහලුවන් අතර Share කරන්න පුලුවන්.

3.ලෝකයේ ඕනෑම තැනක උවද ලබාගත හැකි වීමේ පහසුව.

4.ආරක්ෂා කාරී බව.

5.ඕනෑම කාලයක් වෙනස් නොවී පවත්වා ගැනීමේ හැකියාව.

6.කාර්යක්ෂම භාවය.

මේ වගේ කරුණු නිසා මෙම ක්‍රමය අද වෙනකොට ගොඩක් ඡනප්‍රිය Files ගබඩා කිරීමේ මාධ්‍යක් වෙලා තියෙනවා මේ Cloud Spacing ක්‍රමය.මෙහිදී මෙම Files වෙනත් ගබඩා මධ්‍යස්ථානයකට Sync කිරීමේ අතරමැදි මාධ්‍ය ලෙස කටයුතු කරන්නේ Internet සම්බන්ධතාවයයි. Internet සම්බන්ධතාවය ඇති ඕනෑම අවස්තාවක ,තැනක මෙම ක්වුඩ් කොම්පියුටිං ක්‍රමය අපිට පාවිච්චි කරන්න පුලුවන්.

මේ ලගදී දවසක් මරු වැඩක් උනා අපේ ගෙවල් පැත්තේ පොරකට.සිද්ධිය  වෙච්ච වෙලාවෙම මටත් ඇවිල්ලා පැමිණිලි කලා.පස්සේ මම ගිහින් බැලුවා.මහ දෙයක් නෙවෙයි වෙලා තියෙන්නේ.පොරගෙ Hard Disk එක අභාවප්‍රාත්ත වෙලා.ඉතින් ඒකේ සියලු අවසාන කටයුතු මේ ලගදී කලා.මම බුවාටත් මේ Cloud Spacing Idea එක ඔලුවට දැම්මා.ඒත් ඒක වැඩ කරන පාටක් නම් නෑ.ඒත් සමහර විට බුලත් විට වගේ මේ පෝසට් එක දැක්කහම නම් වැඩ කරන්න පටන් ගනියි.

ඉස්සෙල්ලාම කෙටියෙන් කියන්නම්කෝ ඔය උඩින් කිව්ව Cloud Spacing ක්‍රමය කියන්නේ මොකද්ද කියලා.අපේ Computer එකේ තියෙන Files ලෝකයේ වෙනත් විවිධ තැන් වල තියෙන සහා එම සේවාවවන් සපයන ආයතන වල පිහිටා ඇති විශේෂ පරිඝණක වල ගබඩා කර ගැනීමේ ක්‍රියාවලිය වේ.මෙම සේවාවන් සපයන ආයතන අද වන විට විශාල ප්‍රමාණයක් ඇත.

 උදාහරණයක් විදියට මගේ Computer එකේ තියෙන මොකක් හරි සිංදුවක් ගමුකෝ.මට ඕනේ මේ සිංදුව Cloud Spacing ක්‍රමයට Backup කරන්න.ඒ කියන්නේ මට අවශ්‍ය වෙලාවට ආපහු ගන්න පුලුවන් විදියට ආරක්ෂිතව වෙනත් ඒ සේවාවන් සපයන පරිඝණකයක ගබඩා කරන්න.

ඉතින් ඒකට මට ලේසියෙන්ම කරන්න තියෙන්නේ මෙම සේවාවන් සපයන Web Site එකකට ගිහින් සිංදුව Upload කිරීමයි.ඊට පස්සේ පුලුවන් අපිට ඕන වෙලාවක මේ සයිට් වලට ලොග් වෙලා Backup කරපු Files ආපහු අරගන්නත් එවා අනිත් අය අතරේ බෙදා ගන්නත්.දැන් තේරෙනවා ඇතිනේ...

අපි අපේ සාම්ප්‍රදායික විදියටනේ ඔය හැම තැනටම Data ගෙනියන්නේ.ඒ කිව්වේ Flash Drive එකක හෝ CD DVD තැටියකට අපිට ඕන කියන මොනවා හරි දෙයක් දා ගෙන කොහාට හරි ගෙනියනවා.පොඩ්ඩක් හිතලා බලන්න ඕකේ තියෙන ආරක්ෂාව ගැන.හදිස්සියේ හරි Flash Drive එක පිච්චුනා.එක්කෝ පාරේ යනකොට ඕක බිමට වැටිලා ලොකූ ටිපර් එකකට අහු උනා හික්ස්....නැත්තම් ඕක නැති උනොත් මොකද වෙන්නේ.

සමහර විට දුක් වෙන්නේ Flash Drive එකේ වටිනාකමට නෙවෙයි.ඒකේ තිබුන Data වලටයි.ඔන්න ඔය වගේ දේවල් නිසා Flash Drive , CD DVD වගේ දේවල් වලට පොඩි කොක්කක් හිටිනවා.ඒත් ඉතින් තව කාලයක් යන කල් අපිට මේවට නම් මසු දෙන්න හිතෙන්නෑ.මොකද හචිස්සියකදී අපේ අතට අහු වෙන්න තියෙන්නේ ඕවාමනේ.

Flash Drive , CD DVD වගේ දේවල් පොඩ්ඩකට අත අරිමුකෝ.ගන්න Hard Drive එකක්.මොකේ මොන තරම් වැදගත් වෙන දේවල් ගොඩ ගහගෙන ඉන්නවද.හදිස්සියකදි වත් Hard Drive එක වලකඡ්ඡ ගැහුවා කියමුකෝ.මොකද වෙන්නේ.ඕන ඒවයි එපා ඒවයි ඔක්කොම නැති වෙලා යනවනේ.ඔය වගේ දෙයක් වෙන්න කලින් මේ කියන ක්ලවුඩ් කොම්පියුටිං ක්‍රමයට වෙනත් Computer එකකට මේවා ආරක්ෂාකාරීව Backup කරලා තිබුනා නම් අපේ Hard Drive එක අභාවප්‍රාත්ත උනාට මේ Backup කරපු File වලට මොනවත් වෙන්නේ නෑ.

ඔන්න ඔය නිසාම මං මේ කිව්ව කාරනාත් බලලා අදම Cloud Computing සේවාවකට මාරු වෙන්න බලන්න.මොකද කවදාවත් මේවයේ තියෙන File Delete වෙන්නෑ අපි Delete කරනකල්.ඒ වගේම ලොකු ආරක්ෂාවක් ලැබෙනවා.

සාමාන්‍යයෙන් මෙම වෙබ් සේවාවන් වල නොමිලේ දෙන ඉඩකඩක් තියෙනවා.හැබැයි ඒක සීමා සහිත ඉඩකඩක්.අපිට වැඩි ඉඩකඩ ඕන නම් පොඩි ගෙවීමක් කරලා අවශ්‍ය ඉඩ ප්‍රමාණය ලබා ගන්න පුලුවන්.ගෙවීම් කරනවා කිව්වට මහා ගනං ගන්නේ නෑ.මාසෙකට හරියන්න සාධාරණ ගානක් තමයි අය කරන්නේ.නමුත් නොමිලේ දෙන ඉඩ ප්‍රමාණය සමාගමෙන් සමාගමට වෙනස් උනත් අපිට ඒකෙන් ඔය සාමාන්‍ය වැඩක් කර ගන්න හොදටම ඇති.

ඔය වැඩිය දගලන්න ඕන නෑ.Email Account දෙක තුනක් හදා ගෙන මම පහලින් දෙන සයිට් වලිට ගිහින් ඕන නම් ඒ කිව්වේ සල්ලි ගෙවන්න අකමැති නම් ,වැඩි පුර ඉඩකඩකුත් ඕන නම් එක Web Site එකක Account දෙක තුනක් හදා ගන්න.කවුරුත් මුකුත් කියන්නෑ...

මම පහලින් දාන්නම් ඒ වගේ ටිකක් හොද සේවාවන් සපයන Web Site 10 ක්.මේ හැම එකකම වගේ අපිටම කියලා ආවේනික වූ Account එකක් හදා ගන්න ඕනේ.මොකද නැත්තම් ඉඩක් වෙන් කරගන්න බෑ. ඔයාලට සමහර වෙලාවට හිතෙයි ඕවයේ Register වෙලා Account හදා ගන්න එක මහා කරදර වැඩක් කියලා.ඒත් සමහර අවස්ථාවන් වලට ඔය වගේ දේවල් ගොඩක් වටිනවා.

පහල තියෙන්නේ ඔය Web Hosting Site වල වෙලද නාමයන්.ඔය පිංතූර උඩ Click කරලා ඒවා ඇතුලට ගිහින් Account එකක් හදා ගෙන Register වෙලා ඕන කියන දේවල් Backup කරලා තියා ගන්න..


One Drive[SKY DRIVE]-මේකෙ අපිට නොමිලේ 7GB ක ඉඩක් දෙනවා.
 onedrive

::::::::::::::::::::::::::::::::::::::::::::::::::






BOX-මේක ඇවිල්ලා ගොඩක් හොද සයිට් එකක්.අපිට 50GB ක ඉඩක් දෙනවා

::::::::::::::::::::::::::::::::::::::::::::::::::







DROPbox-මේකෙන් අපිට 2GB ක ඉඩක් දෙනවා.

::::::::::::::::::::::::::::::::::::::::::::::::::







Google Drive-මේක නම් ඉතින් කියන්න ඕන නෑනේ.ඇති වෙන්න තියෙනවා


::::::::::::::::::::::::::::::::::::::::::::::::::







MediaFire-මේකත් අද කාලේ ගොඩක් ඡනප්‍රිය සේවාවක්.10GB ක ඉඩක් හම්බවෙනවා.

::::::::::::::::::::::::::::::::::::::::::::::::::








DeGoo-මේකත් ගොඩක්ම හොද සයිට් එකක්.100GB ක ඉඩක් දෙනවා නොමිලේ

::::::::::::::::::::::::::::::::::::::::::::::::::







Amazon Cloud-මේකෙන් 5GBක ඉඩක් ගන්න පුලුවන්.

::::::::::::::::::::::::::::::::::::::::::::::::::








SugarSync-මේකත් 5GBම තමා

::::::::::::::::::::::::::::::::::::::::::::::::::








IDrive-මේකෙත් 5GB දෙනවා



::::::::::::::::::::::::::::::::::::::::::::::::::







4Shared-මේක අපිට දෙනවා 15GB ක ඉඩක්.



::::::::::::::::::::::::::::::::::::::::::::::::::


මේ එක එක Web site වලින් දීලා ඇති පහසුකම් එකින් එකට වෙනස් වෙනවා.මිතුරන් අතරේ අපේ විවිධ Files Share කරන්නත් සහා එහෙම නොකර අපේ පෟද්ගලිකත්වය ආරක්ෂා කරමින් Files ගබඩා කරගන්න Web Site ඔය දීලා තියෙන ඒවා අතරේ තියෙනවා.

ඒක නිසා ඉස්සෙල්ලාම ඕවායේ දීලා තියෙකන විස්තර හොදට කියවලා තමන්ට අවශ්‍ය වෙන්නේ මොන වගේ සේවාවක් සපයන Web Site එකක්ද කියලා ඔයාලාම තීරණය කරන්න.

Sync ගැන නම් කියන්න තියෙන්නේ ඔච්චරයි.මේ මොනවා හරි දෙයකින් ඔයා මොකක් හරි කමක් නෑ දැනුමක් ලබා ගත්තා නම් මට ඕනෙත් එච්චරයි.

Gadget ලෝකය Facebook Page එකකුත් තියෙනවා.එයා නම් මේ ලගදි තමා එලිය දැක්කේ.ඔයාගේ දකුණු අත පැත්තෙන් Side bar එකක් ඇති.කැමති නම් Like පාරක් දාගෙන යන්න.සල්ලි ගන්නෑ හොදේ........

ගොහින් එන්නම්....

………………………Be Happy………………………….



0 comments: