OperaMini වලට සිංහල තාම දාගත්තෙ නැද්ද

OperaMini වලට සිංහල දාගන්න

OperaMini කියන්නේ අද කාලේ ඉන්ටර්නෙට්  යන්න හොද Browser එකක්නේ.මේක පාවිච්චි කරන අයට ගොඩක් වාසි තියෙනවා.ඒවායින් සමහරක් ඒවා ඔයාලා දන්නවත් ඇතිනේ ඉතින්.ගොඩක්ම අපේ ඩේටා ඉතුරු කර ගන්න එක එක ක්‍රම මේකේ තියෙනවා.ඒවා මම පස්සෙ කියන්නම්කෝ.


දැන් කියන්න යන්නේ Mobile Phone වලින් OperaMini පාවිච්චි කරන අයට කොහොමෙයි සිංහල පේන්න හදා ගන්නෙ කියලා.හරිම ලේසි දෙයයි කරන්න තියෙන්නේ.මතක තියා ගන්න මේක Smart Phone වලටම හරියන වැඩ කෑල්ලක් නෙවෙයි හරිය. OperaMini වලින් වැඩ කරන්න පුලුවන් ඕනම Mobile Phone එකක මේක හදා ගන්න පුලුවන්.

මුලින්ම OperaMini ඔන් කරගන්නකෝ පහල විදියට.


ඔන් කරගත්තා නම් ඕකේ Address Bar එකේ Type කරන්න opera:config කියලා පහල විදියට.


ගහලා ඉවර නම් GO යන්න.ඊලගට ඔයාට දකින්න පුලුවන් පල්ලෙහා වගේ අමුතු පිටුවක්.අන්න ඒකෙන් Use bitmap fonts for complex scripts කියන එක හොයා ගන්න.ඔය රතු පාටට එවුම් කරලා තියෙන්නේ ඒක.


ඕක තියෙන්නෙ ඇවිල්ලා අන්තිම හරියේ.ඒක නිසා හොයන්න මහන්සි වෙන්න දෙයක් නෑ.සිංහල පේන්නෙ නැතුතම් ඕකේ No කියලා තමයි වැටිලා තියෙන්නේ.ඔයාට තියෙන්නේ ඕක Yes කරන එක විතරයි.

ඔන්න ඔච්චරයි කොරන්න තියෙන්නේ.දැන් මුලට ගිහින් මොකක් හරි සිංහල තියෙන සයිට් එකකට යන්නකෝ ලංකාදීප වගේ හරි මොකක් හරි.නැත්තම් කෙලින්ම යන්න Facebook පැත්තේ.ලස්සනට සිංහල පෙනෙයි.

එහෙනම් ඔච්චරයි කොරන්න තියෙන්නේ.වෙන මොනවත් ඕකේ වෙනස් කරන්න යන්න එපා හරිය.බය වෙන්න එපා ඕක මාරු කලා කියලා OperaMini යට කිසිම හානියක් වෙන්නෙ නෑ.

අපි ගියා ආයෙ සෙට් වෙමු


………………Be Happy…………………

0 comments: