Phone Cam එක web cam එකක් කරගමු
Phone Cam එක
web
cam එකක් කරගමු
මෙන්න තියෙනවා මචන්ස්ලා පට්ටම ආතල් එකක්
ගන්න පුලුවන් පොඩි භාණ්ඩයක්.කෙලින්ම කියනවා නම් ඔයාගේ Mobile Phone එක web cam එකක් කරගන්න
පුලුවන් මේක පාවිච්චි කොරලා.
හරිම ලේසියි.හැබැයි මේක පාවිච්චි කරන්න නම් ඔයාගේ Mobile Phone එකයි Machine එකයි අතරේ Bluetooth හෝ Wifi / සම්බන්ධතාවයක් තියෙන්න
ඕනේ හොදේ.පුලුවන් නම් Bluetooth Dongle එකක් හොයා ගන්න වැඩේ
ගොඩ.
මම කලින් පෝස්ටුවක් කෙටුවා මතකද දන්නෑ Smart Phone එකකින් ඔයාගෙ Machine එක Control කරන්න පුලුවන් පොඩි Software කෑල්ලක් ගැන.ඒත් Bluetooth වලින් වැඩ දාන්න
පුලුවන් ගැඡට් එකක් තමයි.ඒක කියවන්න ඕන නම් මෙතනින් යන්න.
මේ වගේ Software
ගොඩක් දකින්න තිබුනත් සමහර ඒවා නිකන් දෙන්නෙ නෑ.තවත්
සමහර ඒවා Bluetooth සම්භන්ධතාවය
නෑ.තවත් තියෙනවා එක එක ලෙඩ ගොඩවල්.ඒ ඔක්කොම වගේ මම චෙක් කොරලා බලලත් තියෙනවා.හැබැයි
ඔය මොනවටවත් වඩා මෙයා ටිකක් විතර වෙනස්.එලකිරි වගේ වැඩ.
මේක මම දෙන්නේ පොඩි බන්ඩල් එකක් විදියට.ඒකේ
තියෙනවා Machine එකට හරියන Setup එක වෙනමයි Mobile Phone එකට හරියන ඇප් එක
වෙනමයි.
ආ තව දෙයක් තියෙනවා කියන්න.මේක Smart Phone වලටම විතරක් හදපු එකක්
නෙවෙයි .Symbian Phone තියෙන අයටත් මේක
පාවිච්චි කරන්න පුලුවන්.අන්න ඒකයි හොදේ කියන්නේ.ඕන කරන්නේ Bluetooth සම්බණ්ධතාවයක්
විතරයි.
හරි හරි ඉස්සෙල්ලාම පහලින් ගිහින් අරගන්න
බාන්ඩේ.ආ මේකේ නම කියන්න බැරි උනානේ.මේකෙ නම ඇවිල්ලා Smart cam හොදේ.
ඕක තියෙන්නේ rar file එකක් විදියටයි. Extract කරගත්තට පස්සේ exe file එක ඔයාගේ Machine එකට install කරගන්න. Smart Phone එකක් නම් apk file එක Phone එකට දාගෙන install කරගන්න. Symbian නම් sis file එක දාගෙන install කරගන්න.
sis file එක නම් ඔයාගේ Phone එකට බොහෝ දුරට
ගැලපෙයි.ඒත් apk file එක ගොඩක් දුරට
සමහර Phone වලට ගැලපෙන්නෙ
නැති වෙන්න පුලුවන්.හැබැයි එහෙම වෙන්නේ කලාතුරකින් හොදේ.එහෙම කියලා උඩ ලින්කි එකට
නොයා ඉන්න එපා.කෝකටත් කියලා install කරලම
බලන්න.අවුලක් ගියොත් විතරක් Google paly එකේ ඕක
තියෙනවා.පහලින් ගිහින් අරගන්න.
ඔච්චර කියව කියව හිටියා.මේක කරන හැටි කිව්වෙ
නෑනේ.මහ දෙයක් කරන්න නෑ.මැෂින් එකෙයි mobile
එකෙයි ඕක හරියට install කරගත්තා නම්
ඉස්සෙල්ලාම Bluetooth on කරගන්න.දැන්
ඇප් දෙකම දෙපැත්තෙන් Open කරගන්න.දෙපැත්තෙන්ම
කිව්වේ mobile එකයි Machine එකයි හරිය.
Machine එක පැත්තේ Settings මොනවත් හදන්න ඕන නෑ Bluetooth වලින් වැඩේ කරගන්න
යනවා නම්.
දැන් ඔයාගේ Phone දිහාවට එන්න.එතකොට මෙහෙම තියෙයි.
නිකන් කැමරාව ඔන් වෙලා තියෙයි.ඒත් එක පාරටම
ඔය පේන එක Machine එකට යන්නෙ නෑ
හරිය.ඕකේ පොඩි Settings ටිකක් හදන්න
ඕන.ඉස්සෙල්ලාම ඔයාගෙ Phone එකේ Option වලට යන්න.ඒකෙන් Setting තෝරගන්න.ඉස්සෙල්ලාම Connect Bluetooth කියන එක නම්
තෝරගන්න එපා හොදේ.
අපි ඕක ඔයාගේ Machine එකත් එක්ක ඉස්සෙල්ලාම
සම්බන්ධ කරන්න ඕනේ.ඒකට පහල විදියට යන්න.connection
Type එකට Bluetooth
කියලා දෙන්න.ඊට පස්සේ Bluetooth Server
යන්න.
ඔකේ ඔය රතු පාටින් රවුම් කරලා තියෙන Search කරන කාච කොටය ඔබලා
ඔයාගේ Machine එකේ Bluetooth ලිපිනය හොයා ගන්න.හොයා
ගත්තට පස්සේ ok කරලා දාන්න.
දැන් හරි.ඕනෙ නම් පහල විදියට අනිත් වෙනස්කම්
කරගන්නත් පුලුවන්.
Camera Resolution එක අඩුම එකට
දාගන්න.එතකොට machine එකේ පේන Video එක ටිකක් Quality එකට පෙනේවි.
හරි දැන් ඔය Settings පැත්ත ඉවර නම් ආපහු මුලට එන්න.දැන් පුලුවන්
ඔයාට අර Connect Bluetooth එක ඔබන්න.ඔබපු
ගමන් Phone එකේ video එක machine එකට share වෙයි.
ඔන්න ඉතින් ඇති තරම් පිස්සු නටන්න.අඩි 30ක්
ඇතුලත ඔයා දන්න සෙල්ලම් ඔක්කොම දාන්න පුලුවන් හොදේ.ඇත්තට මේ වගේ දෙයකින් අපිට ගන්න
පුලුවන් වැඩ කොච්චර නම් තියෙනවද ඈ.පොඩ්ඩක් කල්පනා කොරලා බලන්ටකෝ.
හැබැයි පුතෝ නෝන්ඩි වැඩ කොරන්න ගිහින් කාඩ්
එක කුඩුපට්ටම් කරගන්නවා එහෙම නෙවෙයි ඕං ඈ....
එහෙනම් දැන් මදෑ.අපි කැපෙනවා.අතත් රිදෙනවා
කොටලා.මොකක් හරි අවුලක් ගියොත් කියන්න හොදේ.අපි ගියා
………………..Be Happy……………….



0 comments: