Windows XP වල නැතිවෙච්ච Folder option ආයේ activate කරගමු.

Windows XP වල නැතිවෙච්ච Folder option ආයේ activate කරගමු.



Windows XP පාවිච්චි කරන අපේ කොල්ලෝ කුරුට්ටන්ට ගොඩක් වෙලාවට මහා ලෙඩ ගොඩක් පත බෑවෙනවනේ බොලව්.ඒවට අපි සාමාන්නයෙන් විසදුම් හොයා ගන්න යන්නෙ නෑ.මොකද ඕක කූරු ගගා ඉන්න කම්මැලියි.කෙලින්ම දානවා සහමුලින්ම මුලු OS එකම ගෙඩි පිටින්.

ඒ දවස් වල මමත් ඕක අනන්ත කොරලා ඇති මේ කට ගැහුවට.ඒත් ඉතින් ඒ නොදැනුවත් කම නිසායි එහෙම කොලේ.දැන් කාලේ වගෙ ඉතින් ඉදලා හිටලා වගේ Machine එක පිස්සු කෙලින්න පටන් ගත්තොත් එහෙම අග ඉදන් මුලට පට්ට ගහනවා ඕං.


හරි හරි Windows XP පාවිච්චි කොරන යාඑවන්ට ටිකක් අමුතු ඡාතියේ ප්‍රශ්ණයක් එනවා හිටපු ගමන් Folder option කියන බුවා අතුරුදහන් වෙනවා.ගොඩක්ම මේක ඔය Service Pack වල තියෙන ලෙඩක්.ගනං ගන්න එපා.මේ ලෙඩේට විසදුමක් තියෙනවා.මමත් කලින් Windows XP පාවිච්චි කොරන කාලේ මේක නිතරම වගේ ඇණයක් උනා.

ඔයත් Windows XP පාවිච්චි කොරන කෙනෙක් නම්,මේ ලෙඩේ හැදිලා තියෙනවනම්,ඔන්න එහෙනම් පහල විදියට පියවරෙන් පියවරට ගොහින් ලෙඩේ හොද කරගන්න හොදේ.

අපි මේක කරගන්න යන්නේ gpedit.msc කියන බුවාට කියලා.ඉස්සෙල්ලාම ඔයාගෙ Start Menu එකට ගිහින් RUN කියලා ගහන්න.ඊටපස්සේ ඔය පහලින් ආපු එකේ gpedit.msc කියන එක කොටන්න.


දැන් Enter කරන්න.පස්සේ අමුතු කුඡීතයක් එයි.ඒකේ USER CONFIGURATION double click කරන්න.


දැන් පහල විදියට ඔක්කොම double click කරගෙන යන්න අවසානය හම්බවෙනකල් හොදේ.






දැන් ඕක double click කලාම එනවා REMOVE THE FOOLDER OPTION MENU ITEM FROM THE TOOL MENU කියලා එකක්.අන්න ඒක හොයා ගන්න.හොයා ගන්න දෙයක් නෑ.ටිකක් පහලට වෙන්නයි තියෙන්නේ.පහල බලන්න



 දැන් ඉතින් ඔයාගෙ අර ලෙඩේ තිබ්බනම් ඔකේ ටික් එක වැටිලා තියෙන්නේ Disable කියන එකට.ඔයාට කරන්න තියෙන්නේ Enable කියන එකට ටික් එක දාලා ඔයාගෙ Machine එක Restart කරන්න විතරයි.
වෙන මුකුත් එහෙම කූරු ගාන්න යන්න එපා හොදේ.දැන් හරිනෙ ඒකත්.

මට මේක කරලා පෙන්නන්න උනේ Windows 7 වලින්.මොකද මගෙ Os එක ඒක නිසා.ඒ නිසා අවුලක් ගන්න එපා Windows XP වලත් ඔය විදියම තමා හොදේ.ඕනෙනම් පොඩි දෙයක් එහා මෙහා වෙයි.
එහෙනම් අපි ගියා.පෝස්ටුවකින් සෙට් වෙමු.

…………………Be Happy…………………





0 comments: