Apple සිරි වෙනුවට OOLOO-කෘතිම බුද්ධි වැඩසටහන

Apple සිරි වෙනුවට OOLOO-කෘතිම බුද්ධි වැඩසටහන


කොහොමෙයි කස්ටියට.දැන් නිවාඩු කාලේ නිසා ඒ වගේම විභාග කාලේ නිසා කස්ටියක් විභාග ලියනවා වගේම අනිත් කස්ටිය ආතල් ගන්නවත් ඇති.දැන් නම් නිවාඩු තිබුනත් පෝසුටු කොටන්න ටිකක් කම්මැලියි වගේ.ඒ උනාට එහෙම්මම කියලා බෑනේ.

ඔන්න ගෙනාවා අපි කවුරුත් මෙච්චර කල් ආසාවෙන් බලාගෙන හිටපු දෙයක පොඩි ආරන්චියක්.මේච්චර කල් කෘතීම බුද්ධී වැඩසටහනක් Smart Phone App එකක් විදියට ලියවිලා තිබුනේ Apple සමාගමෙන් බිහි උන Smart Phone වලනේ.එම ඇප් එකේ නම තමයි Apple Siri.

ඒ වගේම අද මේ පොස්ටුවේ විශේෂත්වයක් තියෙනවා.ඒ මොකද්ද කියලා කියනවා නම් මේ තමයි මම අද දවස වෙනකොට මගෙ බ්ලොග් ගල් ඉතිහාසයේ වාර්ථා කරන අර්ධ ශතකය.ඒ කියන්නේ මේ මම කොටන 50 වෙනි පොස්ටුව.ලැඡ්ඡාවේ සන්තෝසේ බැරුවා.....තව තවත් ඉදිරියට හොද දේවල් දෙන්න තමයි මගේ එකම බලාපොරොත්තුව.ඒ නිසා දිගටම අපිත් එක්ක ඉන්න බලන්න.Book Mark පාරක් දාගත්තොත් අපරාදේ කියලා හිතෙන එකක් නෑ හරිය....

එහෙනම් ආපහු කතාව පැත්තට එමුකෝ..

මේ Apple Siri කියන ඇප් එකට පුලුවන් උනා Apple Smart Phone පාවිච්චි කරන ඡනතාවට අලුත්ම විදියේ අත්දැකීමක් ලබා දෙන්න.ඒ කියන්නේ මිනිස් කට හඩ තේරුම් ගෙන ඒම විදානයන්ට අනුකූලව වැඩ කර ඔවුන්ගේ හිත් සිත් පිනවන්න සහා එදිනෙදා විවිධ වැඩ කටයුතු යම් අයුරකින් හෝ ලේසි කරවන්නට.

Apple සමාගමේ Apple Siri කියන ඇප් එක ඔයාලා හොදට අහලා ඇතිනේ.මේකට පුලුවන් මම කලිනුත් කිව්වා වගේ අපි කටහඩින් දෙන විදානයක් නිවැරදිව තේරුම් අරගෙන ඒ වැඩේ කරලා දෙන්න.උදාහරණයක් කියනවා නම් අපි හිතමු අපිට ඕනේ අද දවසේ බසිනාහිර පළාතේ කාළගුණය ගැන විස්තර.මේක අපි Apple Siri ඇප් එක ලෝන්ච් කරලා එයාට ඇහෙන්න කිව්වහම ක්ෂණිකව ඒ සම්බන්ධව කරුණු හොයලා බලලා අපිට විස්තර කියනවා.අන්න ඒ වගේ පහසුකම් තියෙන ඇප් එකක් තමයි මේ Apple Siri කියන්නේ.
Apple Siri ගැන තව දුරටත් නොදන්න කස්ටියට මම පහලින් Video එකක් දාන්නම්.ඒක බලන්න.



වීඩියෝ එක බැලුවනම් තේරෙන්න ඇතිනේ ඇප් එක වැඩ කරන්නෙ කොහොමෙයි කියලා.ඉතින් ඔය Apple මාමලාගේ කෘතීම බුද්ධී වැඩසටහන් ඇප් එක තමයි ඔච්චර කල් සෙල්ලම් දැම්මේ.Android අපිට මුකුත් තිබ්බෙ නෑනේ.ඒකට විසදුමක් විදියට දැන් ඊටත් එහා ගිය හොද වැඩසටහනක් ඇවිත් තියෙනවා.මේකේ නම තමයි OOLOO.

මේ ඇප් එක හදලා තියෙන්නේ iDrive කියන Data Sync හා Backup කරන සමාගමයි.මෙම Company එකේ සේවාවන් හොදින් වැඩි දියුණු කරගැනීමේ අරමුණීන් තමයි මේ OOLOO  කියන වැඩසටහන Smart Phone වලට හදුන්වලා දීලා තියෙන්නේ.

මේකේ නිල ලාංඡනය හැටියට යොදා ගෙන තියෙන්නේ පොඩි බස්සා මල්ලියෙක්ව.මේක අපිට Android Smart Phone වලට වගේම Apple ios වලටත් එක විදියට පාවිච්චි කරන්න පුලුවන්.

ඇත්තටම මේ ඇප් එක ගැන මුල්ම සංකල්පය මේ මෑතක ආපු එකක් නම් නෙවෙයි.මේ වගේ දෙයක් ඉස්සෙල්ලාම නිපදවලා තියෙනවා 2007 දි Jason Calacanis කියන පුද්ගලයා.ඒ දවස් වල මේකේ නම විදියට ඒගොල්ලෝ දාලා තියෙන්නේ Mahalo කියලයි.පස්සේ මේක ටිකෙන් ටික දියුණු කරලා අද වෙනකොට නමත් වෙනස් කරලා අලුතෙන්ම ඉපදිලා තියෙනවා OOlOO කියලා.

ඉතින් මේ ඇප් එක Android හා Apple පාවිච්චි කරන මිලියන ගනනක ඡනතාවට කොච්චර නම් වැදගත් වෙයිද කියලා තව ටිකක් ඉදිරියෙදි අපිට බලාගන්න පුලුවන්.මොකද තාම මේ ඇප් එක තියෙන්නේ Limited App එකක් විදියටයි.ඒ නිසා අපිට නම් තවම මේ ඇප් එක හරියට පාවිච්චි කරන්න බෑ.කොහොම උනත් තව ටික දවසයි ඉවසන්න වෙන්නේ.

කොහොම උනත් මටත් ඉවසිල්ලක් නෑ මේ රෙද්ද එනකල්..බලාගෙන ඉමුකෝ මොනවයින් මොනවා වෙයිද කියලා.මොනවා හරි මේ සම්බන්ධයෙන් අලුත් දෙයක් දැන ගත්ත ගමන් මේ පොස්ටුව Update පාරක් දාන්නම් හොදේ.

මේ Ooloo ඇප් එක Apple Siri ඇප් එකට වඩා ගොඩක් දියුණු උපාංග වලින් සමන්විතයි.ඒ වගේම ගොඩක් පහසුකම් තියෙනවා කියලයි ආරංචිය.සාමාන්‍යයෙන් Apple Siri ඇප් එක අනවශ්‍ය ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්නෙ නෑ.නමුත් Ooloo ලග නම් ඒවටත් හොද පිලිතුරු තියෙනවා.

ඒ වගේම තමයි දවසින් දවස මෙයා අලුත් වෙනවා වගේම අලුත් අලුත් දේවල් තමා විසින්ම ඉගෙන ගන්නවා.

මෙම ඇප් එක iDrive Cloud සේවාවෙන් නිපැයුන ඇප් එකක් නිසා නොමිලේ සීමා සහිත iDrive Cloud Space එකක් මේ ඇප් එකත් එක්ක හම්බ වෙනවා.මේකෙන් අපිට පුලුවන් අපිට ඕන දේවල් අපේම කටහඩින් විදායක් දීලා Backup කරන්න ඕන දේවල් Backup කරලා තියා ගන්නට.

දැනටමත් මෙම ඇප් එක රටවල් 50ක් ඇතුලුව 100000 කටත් අධික සංඛ්‍යාවක් Download කරගෙන තියෙනවා.තවමත් මෙය U.S වලට පමණයි නිපදවලා තියෙන්නේ.

නමුත් අපිට මේක අරගෙන බලන්න පුලුවන්.සමහර විට හැම Device එකකටම වගේ මේක ගැලපෙන්නෙ නැති වෙන්න පුලුවන්.Try කරලා බලන්න පහලින් ගිහින්.



මේක වැඩ කරන්නේ සාමාන්‍ය විදියටම තමයි.ඒ කිව්වේ Apple siri වගේ තමයි.කටහඩ වෙනස් කරන්නත් පුලුවන් ගැහුණු පිරිමි විදියට.ඇප් එක ලෝන්ච් කරලා අපිට අහන්න ඕන කරන ප්‍රශ්ණය Record කරන්න තමයි තියෙන්නේ.උත්තරය Notification Popup එකක් විදියට ලැබෙනවා.

එහෙනම් ඉතින් OOLOO ගැන ය ටික තමයි දැනට නම් කියන්න තියෙන්නේ.පස්සේ Update දාන්නම්.ඔයාලත් මේ ගැන මොනවා හරි දෙයක් දන්නවා නම් කියන්න හොදේ.

අපි ගියා......


…………………Be Happy…………………       

0 comments: