Phone එක වතුරට වැටුනොත් බේර ගන්න විදිය

Phone එක වතුරට වැටුනොත් බේර ගන්න විදිය


සමහර වෙලාවට අපි අතින් නොදැනුවත්වම වෙන දෙයක්නේ අපි පාවිච්චි කරන Mobile Phone එක බිමට වැටෙන එක.සාමාන්‍යයෙන් Normal Phone එකක් නම් ඉතින් බිම වැටුනට ඒකට ඒ තරම්ම හානි වෙන්නෙ නෑ.ඒත් දැන් තියෙන Smart Phone එකක් එහෙම බිම වැටනොත් එහෙම හත්වලාමේ කාට කියන්නද.

අනික පාවිච්චි කරපු හොද Phone එකක් උනත් සමහරු කීදාහක් දීලද අරගන්නේ.එහෙව් එකේ ඕක වැටුනොත් එහෙම....බිම වැටුනත් කමක් නෑ වතුරට වැටෙන්නෙ නැතිව නේද.කාලෙකට ඉස්සර මේ Smart Phone වලට බිම වැටීමෙන් ඇති වෙන හානි වැලැක්වීමට විශේෂ ආවරණ (Pouch) නිර්මාණය කලා.ඒත් ඉතින් ඕක 100%ක්ම නම් සාර්ථක නෑ.නමුත් අවස්ථාවේ හැටියට ගැලපෙනවා.

Pouch එකක් පාවිච්චි කලත් වැඩක් වෙන්නේ නෑනේ හදිස්සියේවත් ඕක වතුරට වැටුනොත්.මගෙත් ඉස්සර Phone එකකට වතුර ගිහින් තියෙනවා.හැබැයි වතුර කිව්වට වතුරමත් නෙවෙයි.බොන්න හදාපු තේ එක.දන්න වැඩකිඩ ටික දාලා ඒ වෙලාවෙම කොහොම හරි ගොඩ ගත්තා.අදටත් වැඩ.

ඒත් ඔය හැම වැඩකෑල්ලක්ම හැම Phone එකකටම ඔරොත්තු දෙන්නේ නෑ.ඒ නිසා හදිස්සියෙවත් ඔයාගේ Mobile Phone එක වතුරට වැටුනොත් එහෙම ඒ අවස්ථාවේදිම ගන්න පුලුවන් ක්‍රියාමාර්ග ටිකක් තියෙනවා හරියට මහාමාර්ග වගේ.හි..හි...

පහල පොඩි වීඩියෝ ටිකක් තියෙනවා.ගොඩක්ම තියෙන්නේ ගෙදර උයන්න ගන්න හාල් වලින් කොහොමද Mobile Phone එක බේර ගන්නේ කියලා.ඇත්තටම මේ හාල් භාවිතා කරන ක්‍රමය නම් ගොඩක්ම සාර්ථක එකක්.බොහෝ දුරට ප්‍රාථමික දේවල් නම් තමයි.ඒත් වෙලාවේ හැටියට ඔය ක්‍රෙමේ Mobile Phone එකටත් වඩා වටිනවා.අනිවාම බලන්න









Video එක බැලුවනම් තේරෙන්න ඇති නේද සිද්ධිය.Video එක බලලා ඕන වෙලාවට ගන්න Download පාරක් දා ගත්තට වැඩක් නෑ.ඕක ඔයා මතක තියා ගන්නයි ඕනේ.සරල දෙයක් නිසා කරන්න හරි ලේසියි.

පොඩි උපදෙස් ටිකක්-

-කොයිම වෙලාවකවත් Mobile Phone එක වතුරට එහෙම වැටුනොත් On කරලා නම් බලන්න යන්න එපා.සදහටම Off වෙලා යයි හොදේ.මොකද සර්කිට් එක පුරාම වතුර ගිහින් නිසා Short වෙලා යන්න පුලුවන්.

- Mobile Phone එකේ බැටරිය ගලවලා සිම් ගලවලා කෑලි කරලා අව්වේ වේලන්න නම් දාන්න එපා පුතෝ..සදාසොත්ති වෙයි.

-තව ඔය Browler, vacuum cleaner  වගේ දේවල් වලින් වෙලන්න කියලා හිතා ගෙන Phone එකට අල්ලන්න එහෙම එපා.වතුර ටිකක් නම් ගිහින් තියෙන්නේ ඕවා ඇල්ලුවාම මුලු Phone එක පුරාම යයි හොදේ.

-ඒ වගේම තමයි Phone එකේ ඇතුල ඒ කිව්වේ ඇන ගලවන්න යන්නත් එපා.මොකද Phone එකට Warranty කාලයක් තියෙනවා නම් ඒවා නැති වෙලා යයි.

ඉතින් ඔන්න ඔය වගේ පුංචි දේවල් ගැන ටිකක් අවදානයෙන් ඉන්න.එතකොට ගොඩක් වටින දෙවල් පොඩිම පොඩි වැඩ කෑල්ලක් දෙකක් දාලා බේර ගන්න පුලුවන්නේ.

අපි ගියා.....


……………….Be Happy……………..

0 comments: