YouTube Download කරන්න Software ඕන නෑ

YouTube Download කරන්න Software ඕන නෑ.100% ක් අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි



අපිට හිට්වෙන ඕනම මගුලක් ඉසිසෙල්ලාම වගේ අහන්න දකින්න හම්බවෙන්නේ ඔය YouTube සහෝදරයාගෙන්නේ.ඉතින් සමහර වෙලාවට ආස හිතෙන මොකක් හරි Video එකක් දෙකක් දැක්කම ඕක බාගන්න හිතෙන වෙලාවල් ගොඩයි.


ඒත් ඉතින් ඕකට Software install කර කර ඉන්න ගියාම එපා වෙනවානේ.සමහර වෙලාවට  install කරපු Software වලින්වත් හරියට අපිට ඕන කියන Video එකක් බා ගන්න බෑ.එක එක ලෙඩ දානවා.

තවත් වෙලාවට ඔය මොනවා හරි කරලා ඕක කොහොම හරි අටවගෙන බාන්න පටන් ගත්තාම මෙන්න බොලේ Data ඉවර වෙලා.ඉතින් කාට කියන්නද.ඔය වගේ ඡරමර ගොඩයිනේ.

දැන් නම් ඉතින් ඔය YouTube අමාරුවට ගොඩක් බේත් තියෙනවා.ඒ අතරේ අපිට ඕන කියන දෙයක් Download කරලා දෙන්න ස්වෙච්චාවෙන්ම ඉදිරිපත් වෙලා ඉන්න Web Site එකකුත් තියෙනවා.කිසිම කරදරයක් නෑ.සල්ලි ගන්නෑ, ලෙඩ දාන්නෙ නෑ, රස්තියාදු නෑ.

දැන් තේරෙනවා ඇතිනේ.මේ කියන්න යන්නේ අපිට ඔය එක එක Software install කර කර ඉන්නෙ නැතුව කෙලින්ම Internet එකට  Log වෙලා ඉන්න ගමන් තවත් ඒ හා සමාන Web Site එකකට ගිහින් කිසි කරදරයක් නැතුව ඕනම YouTube Video එකක් ඕනම Format එකකින් බාගන්න පුලුවන්.

මහා ලොකු දෙයක් කරන්න නෑ.හරිම ලේසි දෙයක් තමයි කරන්න තියෙන්නේ.අඩුම ගානේ ඔයාට ඔය මම මේ කියන Web Site එක මතක තියා ගන්නවත් ඒක Book mark දාන්නවත් ඕන නෑ.ඉංග්‍රීසි හෝඩියේ අකුරු දෙකක් මතක තියා ගත්තා නම් ඇති.ඒක ඔයාට කොහේ ගියත් ඔය Portable Software උස්සගෙන යනවට වඩා ලේසි වේවී.

මේ වෙන කොට නම් මේ කතන්දරේ හැමෝම වගේ දන්නවා.මේ සම්බන්ධයෙන් ගොඩක් කරුණු අපේ පෝසටු කොටන යාඑවන් දාලා තියෙනවා.ඒත් කමක් නෑ.මේකෙනුත් දෙයක් ඉගෙන ගන්නකෝ....

හරි දැන් වැඩේ පටන් ගමුකෝ.ඉස්සෙල්ලාම YouTube එකට ගිහින් ඔයාට ඕන Video එකක් හොයා ගන්න.ඉට පස්සේ ඒකේ උඩ Right Click කරලා Video එකේ URL එක කොපි කරගන්න.උදාහරණයක් දෙන්නම්කෝ පහල වගේ.



හරි දැන් ඔයා කොපි කරගත්තා නම් ඔයාගේ Web Browser එකේ අලුත් Tab එකක් ඕපන් කර ගන්න.ඒක කෝකටත් ලේසියි වැඩේට.ඊට පස්සේ කරන්න තියෙන්නේ Address Bar එකේ අර කොපි කර ගත්ත URL එක පේස්ට් කොරන්නයි.පහල බලන්නකෝ..


දැන් තමා අර ඉස්සෙල්ලා කිව්ව ඉංග්‍රීසි හෝඩියේ අකුරු දෙක පාවිච්චියට ගන්නේ.ඒ තමා “SS” අකුරු දෙක.ඕක ගහන්න ඕනේ ඔයා කොපි කරගෙන Address Bar එකට පේස්ට් කරගත්ත URL එකේ YouTube කියන වචනෙට ඉස්සරහින්.මේක අමුතුවෙන් මතක තියා ගන්න ඕන නෑ.ඔලුවෙ තියාගන්නකො ඔය ss අකුරු දෙක ගහන්න ඕන තැන.ඒච්චරයි.පහල බලන්න..

www.ssyoutube.com/watch?v=tN_qlbZFNhM


තේරුනානේ වැඩේ.ඕක මහ දෙයක් නෙවෙයි.පේස්ට් කොර ගත්තා නම් Enter කරන්න.ඊට පස්සේ අර මම කලින් කිව්ව Web Site එක open වෙලා ඔයාගේ YouTube එකට අදාල Download කර ගන්න පුලුව් File Format ටික පෙන්නයි.පහල වගේ..



ඊට පස්සේ ඉතින් කරන්න ඕන දේ කියන්න ඕන නෑනේ.ඕන මගුලක් කොර ගන්නයි තියෙන්නේ.Internet Speed එක සාමාන්‍ය විදියට හරි තියෙනවා නම් Dongle එක පුපුරලා යනකල්  උනත් Video ,Films බාගන්න පුලුවන්.බර වැඩිද මන්දා වචනේ.හි..හි...

එහෙනම් වෙනදා වගේ දැනුත් අපි ගියා ඕං....තාවකාලිකව හොදේ.සුභ අනාගතයක්...

......................Be Happy......................

0 comments: