Mobile Phone එකේ Power Button එක බේර ගන්න

Mobile Phone එකේ Power Button එක බේර ගන්න


දැන් තියෙන Android Smart Phone වල එන්නෙම එක Button එකයි නැත්තම් දෙකයිනේ.ඕකෙනුත් Power Button එකට කරන්න පුලුවන් වැඩ ගොඩක් තියනවා.හැම තිස්සෙම වගේ පාවිච්චි වෙන්නෙත් ඔය කියන Power Button එකම තමයි නේද.


ඉතින් සමහර වෙලාවට ඕක නිකං ඔබනකොට ඇග හිරි වැටෙනවා.මොකද ඕක මොකක් හරි වෙලා Power Button එක වැඩ කරන්නෙ නැතුව ගියොත් එහෙම.Phone එක කොච්චර හොදට තිබ්බත් වැඩක් නෑ Power Button එකට මොනවා හරි උනොත් එහෙම.

Android Smart Phone වල ගොඩක් දියුණු කරලා තියෙන විශේෂාංගයක් තමයි Sensors කියන්නේ.මේ Sensors වලින් ඊට ආවේනික වූ වැඩ කොටසක් Mobile Phone එක විසින් ස්වභාවිකවම කලාට දැන් දැන් වෙනකොට විවිධ වැඩසටහන් ලියවිලා තියෙනවා මේ Sensors වලින් අපිට ඕන විදියට වැඩ ගන්න.
අන්න එහෙම දෙයක් තමයි ම් කියන්න යන්නේ.

සමහර විට ඔයාලත් දන්නවා ඇති මේ ඇප් එක ගැන.පාවිච්චි කොරනවත් ඇති.කමක් නෑ ඕන මගුලක්.නොදන්න කස්ටියත් ඉන්නවා කියලා හිතා ගන්නකෝ.මේක අවිල්ලා ගොඩක් හොද වටිනාකමක් ඇති ඇප් එකක්.

Android තියෙන කස්ටියට පාවිච්චි කොරන්න පුලුවන්.මේ ඇප් එක වගේ ගොඩක් ඒවා නම් තියෙනවා.ඒත් ඒ හැම එකක්ම වගේ සමහර උවමනා කියන දේවල් වලට වඩා වැඩ කෑලි වැඩියි.ඒක නිසා මම පාවිච්චි කොරන හොද එකක් තියෙනවා.

මේක ගන්න ඉස්සෙල්ලා කියන්න ඕන මේක පාවිච්චි කරන්න නම් ඔයාගේ Mobile Phone එකට Pouch එකක් තියෙන්න ඕන.මේක වැඩ කරන්නේ Pouch එක අරිනකොට සහා වහනකොටයි. Pouch එකක් දාගෙන නැති කෙනෙකුට නම් මේකෙන් වැඩක් ගන්න බෑ.මොකද එහෙම උනොත් කොයි වෙලෙත් Screen එක On එකේම තියෙයි.ඒ නිසා Pouch එකක් පාවිච්චි කරන කෙනෙක් විතරක් මේක අරගන්න හොදේ.

මේක වැඩ කරන්නේ මොකක් හරි ස්පර්ශකයක් අපේ Smart Phone එකේ Sensors එක ලගට ආවාහම තමයි.එතකොට Screen එක Off වෙලා යනවා.ස්පර්ශකය ඈත් උන ගමන් Screen එක On වෙනවා.මේකයි ප්‍රධා වශයෙන් වෙන්නේ.

දාගෙන බලන්න කිසි කරදරයක් නෑ.අපිට ඕන විදියට වැඩ.පහලින් ගිහින් අර ගන්න.


තවත් ඇප් එකකින් හම්බවෙමු.අපි ගියා.....

…………………….Be Happy……………………..


0 comments: