Windows වල නොපෙනී ගිය Drive Partition ආපහු ගෙන්න ගන්න
Windows වල
නොපෙනී ගිය Drive Partition ආපහු
ගෙන්න ගන්න
ගොඩක් වෙලාවට Windows වල Operating System එක දැම්ම ගමන්
හරි හෝ ඉබේටම වගේ හිටපු ගමන් Drive Partition සමහර වෙලාවට
පෙන්නන්නෙ නැතුව යනවා.ගොඩක් දුරට මෙහෙම වෙන්නේ Hard Drive එකේ ගැටලුවකට නෙවෙයි.OS එකේ පොඩි පොඩි අවුල්
නිසයි.
ඒත් ඒක මහ දෙයක් නම් නෙවෙයි.ලේසි ක්‍රම
ටිකකින් හදා ගන්න පුලුවන්.මටත් මේ වගේ අකරතැබ්බයක් වෙලා තියෙනවා.ඒත් ලගකදි නම්
එහෙම උනේ නෑ.හැබැයි ඒ වගේ දෙයක් උනොත් එහෙම ඒක හරි ගස්සගන්න හැටිත් දැනගෙන ඉන්න එක
කෝකටත් හොදයිනේ.
මේක අමුතුවෙන් පෝස්ටුවක් විදියට දාන්න
හිතුනේ මේ ලගකදී යාඑවෙකුටත් මේ වගේ දෙයක් උනා.මිනිහා කොහොම හරි රත් වෙලයි හිටියේ Hard එකේ එක Partition එකක් මැරිලා
කියලා.හි.හි....මම ගියා විනාඩියක් වත් ගියෙ නෑ වැඩේට.හදලා දුන්නා...
හරි වැඩේට එමුකෝ.මේක කරන්න නම් ඉස්සෙල්ලාම
ඔයාගේ Machine එකේ My computer Icon එක ලගට ගිහින්
Right click කොරලා manage යන්න.පහල විදියට.
ගියාම මෙහෙම තියෙයි.
ඕකෙන් අපි තොර ගන්න ඕනේ ඔය උඩින් වම් පැත්තේ
තියෙන Disk Management කියන
එකයි.එතකොට ටික වෙලාවකින් පහල විදියට ඔයාගෙ මැෂිමේ තියෙන Disk Drive වල partition සහා විස්තර
පෙන්නයි පහල විදියට.
ඔය උඩින් මම රතු පාටට ප්‍රශ්නාර්ත ලකුනක්
දාලා තියෙනවා නේද එක Partition එකක්.අන්න ඒකේ
හොදට බලන්නකෝ නිකං හිස් බවක් පේනවා නේද.ඒකට Drive
parth එකක් හම්බවෙලා නෑ.
මේ වගේ ඔයාලත් hard Disk එක format කරද්දි හරි oS එක දාද්දි හරි මේ වගේ
දෙයක් උනා නම් මෙන්න මෙතන ඒ ඔක්කෝම පෙන්නනවා.මටනම් දැන් ඔය උදාහරණ ටික පෙන්නන්න
වෙන්නේ සාමාන්‍යයෙන් අපි oS එක දානකොට
පොඩි ඉඩක් අයින් වෙනවනේ System එකට.අන්න
ඒකෙන් තමයි.උඩ බලන්නකෝ Partition එකේ 350MB කියලා ඇති.
ඔයාලගෙත් Drive එකක් Hide
උනා නම් ඔය වගේ නිකං Drive parth එකක් නැති තනි Partition එකක් ඇති.අදුරගන්න
පුලුවන්නේ.හරි දැන් කොරන්න තියෙන්නේ අපිට ඔය Drive
parth එකක් දෙන්න ඕන කරන Partition එක උඩ Right Click කරලා Change Drive later and paths යන්නයි.පහල
විදියට.
පිංතූර පැහැදිලි මදි වගේ නම් ඒක උඩ Click කොරන්න.
ඕක තොරපුවාම Add කියලා එකක් එයි.ඒකට යන්න පහල විදියට.
Add කියන එකට
ගියාම එන්නේ ඔය උඩ වගේ Add Drive later
and path කියන පොඩි box එකක්.ඕකෙන් අපට තේරිලා එනවා ඉංග්‍රීසි
අකුරක්.නැත්තම් අපිට කැමති නම් වෙන අකුරක් උනත් තෝරලා දෙන්න පුලුවන් අනිත් Partition වලට හම්බවෙලා නැති
එකක්.
තොරලා දුන්නනම් Ok කරන්න.ඔච්චරයි කරන්න
තියෙන්නේ.දැන් ගිහින් බලන්නකෝ Drive Partition එක ඇවිල්ලද
කියලා.ඇවිත් නම් මෙන්න මෙහෙම පෙන්නයි..
ඔය රවුම් කොරලා තියෙන්නේ ආපු එක.දැන් ඉතින්
වැඩේ ගොඩ.සමහර වෙලාවට ඔය වගේ Drive Hide වෙලා යන්නේ
අපේම වෙලාවට ටිකක් විතර ලොකු ඉඩක් තියෙන Partition.ඉතින් මොන තරම්
අපරාදයක්ද ඒ වගේ දෙයක් වෙන එක.
දැන් ඉතින් ගැටලුවක් නෑනේ.තමන්ටම කියලා ඒක
හදා ගන්න පුලුවන්.Windows xp වලත් මට මතක
විදියට මේ වගේම තමයි.ඕන නම් පොඩි දෙයක් එහාට මෙහාට වෙයි.මම කලිනුත් දැම්මනේ .Windows xp Folder Option Hide වෙන එක හදා
ගන්න හැටි.ඒක බලන්න ඕන නම් පහලින් යන්න...
අපි ගියා එහෙනම්.සුභ අනාගතයක්.
…………………………….Be Happy……………………………..









0 comments: