Stop FaceBook Video Autoplay
FaceBook එකේ Video Autoplay වෙන එක
නවත්තගමු
ඔන්න FaceBook අයියලා තවත් හිසරදයක්
දාලා.ඒ තමයි FaceBook එකට ලොග්
වෙලා හිටියම නිකම්ම වගේ අපේ Wall එකේ අපේ
යාඑවන් දාලා තියෙන සමහරක් Video නිකම්ම වගේ
අපේ කැමැත්තකින් තොරව Autoplay වෙන්න පටන්
ගන්නවා.මේක නම් මල ඇනයක් නේද.
මොකද බොහොම අමාරුවෙන් තමයි මාසෙකට හරියන්න Data ටිකක් ඉතුරු කරගන්නේ.ඒකත්
මේ කොහෙවත් යන ඕනේ නැති Video එකක් play වෙන්න පටන්
ගන්නකොට නිකම්ම කැපිලා යනවා.
ඔය වගේ අලුත් බූත වැඩ තමයි ඔය FaceBook අයියලා ඉදලා
හිටලා කොරන්නේ.එයාලට නම් මොකෝ.හරි හරි කතා ඕන නෑ.කරන හැටි බලමුකෝ.හරිම ලේසියි..
යන්න පහල වගේ ඔයාගේ FaceBook Account එකේ Setting වලට.
Setting වලට ගියා නම්
කාටත් එන්නේ සුපුරුදු විදියටම පහල වගේ එකක්නේ..
ඕකෙන් ඔයා තෝර ගන්න ඕනේ Videos කියන එකයි.ඔය රවුම්
කොරලා තියෙන්නේ.ඕක එයාලා අලුතෙන් ඇඩ් කොරපු මගුලක්.දැන් පහල වගේ Auto-play Videos කියන එක OFF කරගන්න.
ඕච්චරයි කොරන්න තියෙන්නේ.එහෙනම් ආයේ ඔය වගේ විකාර වැඩකින් හම්බ වෙමු.
අපි ගියා.
……………………Be Happy…………………..





0 comments: