VLC Player එකෙන් සිංහල Unicode වැඩ කරන්න හදා ගන්නෙ මෙහෙමයි.

VLC Player එකෙන් සිංහල Unicode වැඩ කරන්න හදා ගන්නෙ මෙහෙමයි.


හම්මේ ගොඩ කාලෙකට පස්සේ ආවේ බ්ලොගිය පැත්තට.ඒ කියන්නේ මාසයක් එකාමාරක් විතර ඇති නෑවිත් ඉදලා.එන්න බැරි උනේ ඉතින් පොඩි පොඩි ඡරමර වගයක් එක පිට එක සෙට් උනා.ඒකයි.

ලගදී අපේ බ්ලොග් ගල් ඉතිහාසයේ අර්ධ ශතකය වාර්ථා කොලාට පස්සේ කොහොම කොහොම හරි ඔන්න ආවා කියමුකෝ බ්ලොගිය පැත්තට.ඉක්මනටම ඉල්ලලා තිබ්බ ඉල්ලීමක් තමයි මේ කියන්න යන්නේ.



VLC Player එකෙන් අපි සාමාන්‍යෙයන් දන්න විදියට සිංහල Unicode වැඩ කරන්නෙ නෑනේ.ඒ කියන්නේ සහාය දක්වනේ නෑ කියන එක.ඒත එහෙම්ම කියලා හිත හදා ගන්න බෑනේ.

සිංහල හොදට හදා ගන්න ක්‍රමයක් මේ VLC Player එකේම තියෙනවා.හරිම ලේසියි.පහල විදියට කොරන්නකෝ..

ඉස්සෙල්ලාම VLC Player එක ලෝනච් කොරගන්න.ඊට පස්සේ



Tools වල Preferances යන්ටලා.



Preferances වලට ගියා නම් ඔය උඩ වගේ එකක් එයි.ඕකෙන් Default encoding යටතේ තියෙන Universal (UTF-8) දෙන්න.ඊට පස්සේ....



ඊට පස්සේ එතනම ටිකක් පහලින් තියෙන Font යටතේ Iskoola Pota Font එක හොයලා දෙන්න.Iskoola Pota Font එක හොයන්න කලින් බලන්න ඔයාගෙ මැෂින් එකට සිංහල Unicode දාලද කියලා.දාලා නැත්තම් මෙතනින් ගිහින් අරගන්න.

ඔච්චරයි ඉතින් කරන්න තියෙන්නේ.හරියට කොලා නම් පහලින් සේව් කරන්න.දැන් VLC Player එක ආපහු පාරක් Restart කරන්න.

දැන් ඉතින් ආයේ දිගටම හද හද ඉන්න දෙයක් නෑ.සිංහල Subtitle පාරක් එක්ක හොද Film එකක් බලන්ට තමයි තීන්නේ.VLC එකේ Sound එහෙමත් ඉතින් පට්ටනේ.

ආයේ ඉතින් මොකක් හරි අරගෙන එන්නම්.අපි කැපුනා.

...................සුභ අනාගතයක්....................


0 comments: