නොමිලේ WristBand එකක් ගෙන්න ගමු.


නොමිලේ WristBand එකක් ගෙන්න ගමු.




 හෆ්ෆේ ගොඩ කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා අඩවිය පැත්තට පොඩි විසිට් එකක් දාලා යන්න කියලා.අද පෝස්ට් එක ටිකක් වෙනස් විදියේ එකක් වෙයි.මොකද අද කියන්න යන්නේ නිකන් දෙන දෙයක් ගැන.

මේ දවස් වල නිකන් දෙන දේවල් ගැන කියන පෝසටු නම් එක එක බ්ලොග් වල ඕන තරම් තියෙනවානේ.අන්න ඒ වගේ එකක් තමයි මේ කියන්න යන්නේ.


මේක නම් ගොඩක්ම වටින්නේ කොල්ලන්ට තමයි.මේ සයිට් එකෙන් දෙනවා අපි අතේ දාන රබර් බෑන්ඩ් එකක්.ගෙන්න ගන්න නම් පොඩි දෙයයි කරන්න තීන්නේ.ලේසියි.

මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ........



මම නම් ටිකක් කල් වෙනවා මේකෙන් ඔය බඩු ගෙන්න ගෙන.ඒත් තාම මේක තියෙනවා.ඒක නිසා ඉක්මනටම මම කියන විදියට ගොහින් පුරවලා යවන්න.මොකද කියන්න බෑනේ කවදා නතර කොරයිද කියලා.සති 2-3 කින් විතර ගෙදරටම එයි.සමහර විට ටිකක් කල් යන්නත් පුලුවන් හොදේ.

එහෙනාම් පටාන් ගමු...........

මුලින්ම කියන්න ඕනේ ඔයාට මේ වැඩේ කරන්න නම් Gmail,FaceBook,Tweeter ගිණුම් ඕන කරනවා.දැන් නම් ඉතින් ගොඩක් අය මේවා පාවිච්චි කොරනවානේ.ඒක නිසා අවුලක් නෑ. Tweeter Account එකක් නැත්තම් මෙන්න මෙතනින් ගිහින් Account එකක් හදාගෙන ලොග් වෙලා ඉන්න.ඒ එක්කම ඔයාගේ FaceBook Account එකටත් ලොග් වෙලා ඉන්න හොදේ....

හරි ඉස්සෙල්ලාම මෙන්න මෙතනින් ගිහින් වෙබ් සයිට් එක ඇතුලට යන්ටලා.ගිය ගමන් දකුණු පැත්තේ කෙලවරේ පහල තියෙන බැනර් එක උඩ ක්ලික් කරන්න.සමහර වෙලාවට ඔය බැනර් එක ඇවිත් තිබුනේ නැත්තම් දෙතුන් පාරක් Refresh කරන්න.එතකොට එයි.



ඊලගට එන්නේ වෙනම පිටුවක්.ඕකේ Click To Start යන්න.



ඔතනින් එහාට ගියාට පස්සේ එයාලා පොඩි ප්‍රශ්ණ වගයක් අහනවා.ඒවා ගැන හිතන්න යන්න එපා.පහල පිංතූරය දිහා බලන්නකෝ.ඔයාලට කැමති කැමති විදියට ඔය දීලා තියෙන පිංතූර වලින් කැමති කැමති එකක් Click කර කර ඉස්සරහට යන්න.



ඉස්සරහටම ගියාම ප්‍රශ්ණ ටික ඉවර වෙලා මෙන්න මේ වගේ (පහල) එකක් එයි. ඒකට ඔයාගේ Email එක දෙන්න.දීලා I Want My Free Wristband දෙන්න.



ඔන්න ඊලගට එනවා ඔයාගේ Wristband එක ගෙන්න ගන්න ඕන නම ,ලිපිණය දෙන Form එක.ඕකේ ඔයාගේ හරි විස්තර ටික පුරවන්න.පුරවලා Send කරන්න. Send කලා කිව්වට තවම ඉවර නෑ වැඩේ.



අන්තිම පියවර විදියට මෙයාලගේ Web Site එක අපි ලව්වා ප්‍රචාරය කරවන්න ඕනේ වෙනවා.අන්න ඒකට තමයි FaceBook,Tweeter ගිණුම් තියෙන්න ඕනේ.ඕකත් කලේ නැත්තම් අපිට Wristband එක හම්බවෙන්නේ නැතෝ.....

පහල පිංතූරය විදියට තමයි එන්නේ.කරන්න තියෙන්නේ FaceBook වලින් Like කලා, Tweeter එකෙන් Follow කොලා, ආයේ FaceBook එකේ Share කොලා, Google+ වල Share කලා.ඔච්චරයි.



ඔය ටික හරියට කර නම් අන්තිමට එයි පහල විදියට.මෙයාලගේ Wristband පාට හයක් තියෙනවා.අපිට ඕන පාටක් නම් තොරගන්න විදියක් නෑ.5 වෙනි අදියරේදි තමයි ඒක තීරණය වෙන්නේ.මට නම් දැන් ආවේ නිල් පාට එකක්.පේනවනේ....



වැඩේ බකල් උනොත් එහෙම මට කියන්න හොදේ.හරිගස්සලා දෙන්නම්.Order කරලා සති 2-3 කින් බඩු ගෙදරටම එයි හරිය....

තව තියෙනවා නිකං ගෙන්න ගන්න ඡාතියේ ඒව්වා.හිමීට හිමීට කියන්නම්කෝ....

එහෙනම් අපි ගියා.....

.......................සුභ අනාගතයක්......................
(ඡන්ද දැන්වීමක් නම් නෙවෙයි හරිය..හි..හි..)




4 comments: