USB විදියට DVD එකට File Send කරන විදිය



USB විදියට DVD එකට File Send කරන විදිය


හම්මේ හොගක් කාලෙකින් බ්ලොගිය පැත්තට කරක් ගහන්න හිතුනේ....මේ පාරත් වෙනදා වගේම මගෙ Postpaid Data Connection එකේ වේලාසනින්ම සල්ලි ඉවර වෙලා නිසා ඇගට හරි අමාරුයි වගේ.ඉදලා හිටලා වත් ඡංඡාලය පැත්තට යන්න බැරි උනොත් එහෙම නිකං පිටගැසිම වගේ...හික්ස්..


හරි අද කියන්න යන දේට එන්ටර් වෙමුකෝ..මේක ගැන මේ ලගකදී මගෙන් යාඑවෙක් අහලා තිබුනා.ඉතින් විස්තර ටිකක් කොටලා දාන්න යන්න හදද්දිම වෙන මොකක් හරි වැඩක් සෙට් වෙනවා.ඕන මගුලක් කියලා ඉවරයක් කොරලා දාන්නම එක පාර ඉද ගත්තා.

Windows 7 පාවිච්චි කොරන සමහරක් අය දන්නවනේ ඔය Windows 7 වල හදුනවලා දුන්නු පොඩි ගැඡට් එකක් ගැන.ඒ තමයි අපි කොයි කවුරුත් පාවිච්චි කරන USB Pen එකට Data Send/Copy/Past කොරනවා වගේ අපිට පුලුවන් Empty DVD එකකට  Data Send/Copy/Past කොරන්න.

ගොඩක් දෙනෙක් නම් මේ ගැන දන්නවා මං හිතන විදියට.ඒත් ඒ අස්සේ දන්නෙ නැති අයත් ඉන්නවනේ.මොකද මේක මගෙන් කරපු ඉල්ලීමක්නේ..හී..

මේක කොරගන්න මහා ලොකු Softwares ඕන කරන්නේ නෑ.මේක අපිට Windows 7 එකේ ඇතුලේ තියෙන Tools වලින්ම කර ගන්න පුලුවන්.දැන් බලමුකෝ කරන විදිය....

ඉස්සෙල්ලාම Empty DVD කෑල්ලක් හොයා ගන්න.ඕනෙ නම් රු.25/30 ක් වෙයි.සමහර ලෝබ ගොබිලයෝ නම් Empty DVD එක රු.35/40 ටත් විකුණනවා.

හරි හරි Empty DVD එක අරගෙන DVD Writter එකට දැම්මාම සාමාන්‍ය විදියට ඒක Empty DVD එකක් විදියට පෙන්නයි.මෙන්න මේ වගේ..



මගේ DVD එකේ පිරිලා තියෙන්නේ මම ඕකට කලින් Data ටිකක් Send කරලා තියෙන නිසයි හොදේ.

දැන් කොරන්න තියෙන්නේ අපිට මේ Empty DVD එකට දා ගන්න ඕන Files ටික තෝරලා ඒක උඩ Right Click කරලා Send To - DVD RW Drive දෙන්නයි.පහල විදියට...



මේ විදියට අපිට ඕනම දෙයක් ඕනම වෙලාවක Send කරන්න පුලුවන්.ඒ කිව්වේ දැනට පොඩි මොකක් හරි Send  කරලා ආයේ අවුරුද්දකින් හරි ඔය DVD එකට මොනවා හරි Send/Delete කරන්න පුලුවන්.

මේ Send  කරන වේගය USB Pen එකට වඩා ටිකක් වෙලා යනවා.මොකද අපි Send කරන File නිකම්ම යන්නේ නෑ.ඒක ඒ වෙලාවෙම Burn වෙනවා.අපි යවන File එකේ Size එකත් එක්කම ඒ වේගය වෙනස් වෙනවා.

ඒ වගේම තමයි අපි හිතමුකෝ අපි Send කරපු එකක් හදිසියේ හරි අපිට Delete කරන්න ඕන උනා කියලා.ඒ වැඩෙත් සාමාන්‍ය විදියට කරන්න පුලුවන්.කරන්න තියෙන්නේ අපිට ඕන File එක උඩ Right කරලා Delete කොරන්නයි.

හැබැයි දැන් මෙහෙම දෙයක් තියෙනවා.අපි ඔය File DVD එකට Copy කරන්න Copy කරන්න DVD එකේ තියෙන ඉඩ ටිකෙන් ටික අඩු වෙලා යනවා කියලා දන්නවනේ.ඒත් අපි DVD එකට Send කරපු  File හදීසියේ හරි Delete කලොත් අපිට ඒ ඉතුරු වෙන ඉඩ ප්‍රමාණය ආපහු හම්බ වෙනවා කියලා ඔයාලා හිතනවද...නෑ එහෙම වෙන්නේ නෑ..

මොකද කියනවා නම් අපි Send කරපු  File එකට අදාල Track එක DVD Writter එක මගින් දැනටමත් පුච්චලා ඉවරයි.එතකොට අපි File Delete කලාමත් වෙන්නේ අර කලින් Data Send කරන්න පාවිච්චි කරපු Track එක ආපහු පාරක් පිච්චීමයි.

මේ නිසා අර ඉතිරි වෙන ඉඩ අපිට ආපහු ප්‍රෙයෝඡනයට ගන්න බැරි වෙනවා.අන්න ඒකයි මේ ක්‍රමයේ තියෙන වෙනස.ඒත් ඉතින් පාඩු නෑනේ වැඩේ නේද.දැන් 4GB Pen Drive එකක්ම කීයක් වෙනවද.අනික Empty DVD එකේ 4.7 GB ම තියෙනවානේ.

ඉතින් හදිස්සියටකට හරි රු 25/30 කට Empty DVD එකක් අරගෙන ඔය වගේ වැඩක් කරගන්න තියෙනවා නම් පාඩු නෑනේ නේද..

එහෙනම් ඉතින් ඕක ගැන ඔච්චරයි කියන්න තියෙන්නේ.වෙන ඉතින් කියන්න දෙයකුත් ඉතිරි වෙලත් නෑනේ...හික්ස්...

අපි ගියා.....

........................සුබ අනාගතයක්........................



2 comments: