Hard Disk වෙනුවට Caset tape එයි

Hard Disk වෙනුවට Caset tape එයි


මේ කියන්න යන්නේ අමුතුම ඡාතියේ දෙයක්.මොකද්ද කියලා මාතෟකාවෙන්ම හිතා ගන්න පුලුවන්නේ.අද කාලේ හැටියට ගොඩක් දත්තයන් වැඩි වශයෙන් ගබඩා කරන මාධ්‍යක් වෙන්නේ කොයි කවුරුත් දන්න කියන Hard Disk එකනේ.


ඇත්තටම මේ Hard Disk එක ගැන කතා කරනවානම් අපිට මේකෙන් ඇති වෙන ප්‍රධානම ගැටලුවක් තමයි මේ Hard Disk ප්‍රමාණයෙන් හා හැඩයෙන් එක සමාන කමක් දැක්වුවත් මේවායේ ඇති ඉඩකඩ අපිට ප්‍රමාණවත් නොවීම.

මේ දේ නම් සිද්ධ වෙන්නේ අපි එකිනෙකාගේ භාවිතාවයන් අනුවයි.ඒක නිසා ඉඩකඩ භාවිතය ගැන නම් විවිධ සීමාවන් ටිකක් විතර එහා මෙහා වෙනවා. Hard Disk පිලිබදව හා මේවායේ දත්ත ආරක්ෂා කරගන්න හැටි ගැන [Cloud Computiong]මම සම්පූර්ණ විස්තරයක් මේ ලගදී දැම්මා.ඒක බැලුවේ නැත්තම් මෙන්න මෙතනින් යන්න.

හරි දැන් ආයෙත් කතාවට සෙට් වෙමුකෝ.පහුගිය දවස් වල ඒ කියන්නේ ගිය අවුරුද්දේ වගේ විදඥයන් (ඡපානයේ Fuji Films සමාගමත් ස්වීස්ටර්ලන්තයේ IBM සමාගමෙත් පර්යේෂක කන්ඩායම්) පිරිසක් විසින් පොඩි සොයා ගැනීමක් කරගෙන තියෙනවා.ඇත්තටම මේකට නම් පොඩියි කියලා කියන්නත් බැරි තරම්.ඒ මොකද්ද කියනවා නම් කැසට් ටේප් වලට දත්ත රැදවීමේ ක්‍රමයක් ගැන.

මේ කැසට් ටේප් වල අන්තර්ගතයක් වෙන්නේ බෙරියම් ෆෙරයිට් ලවනයන්ගෙන් යුත් -කාන්දම් බලයක් තිබීමයි.මෙම පර්යේෂණය 100% ක් සාර්ථක කර ගනිමින් එම සමාගම අලුත් සොයා ගැනීමක් කලා.එනම් මෙම බෙරියම් ෆෙරයිට් ලවන අඩංගු පළල 2cm ද,දිග 10cm යුත් කැසට් ටේප් කැබැල්ලක 35TB(ටෙරාබයිට් 35 ක්=35000GB) ක දත්ත කන්දරාවක් තැම්පත් කල හැකි බවයි.

ඉතින් හිතා ගන්න පුලුවන්ද මේ සංඛයාව. 35000GB ක් කියන්නේ සාමාන්‍යයෙන් මෙම දත්තයන් අඩංගු පොත් ටිකක් උදාහරණයකට ගත්තොත් පොත් තුන් කෝටි පනස් ලක්ෂයක් වෙනවා.

අදහා ගන්නත් බැරි තරම් දත්ත සංඛ්‍යාවක් මේ කැසට් ටේප් වලට ගබඩා කරන්න පුලුවන් උනත් තවම මේක පර්යේෂණ මට්ටමෙයි පවතින්නේ.ඒක නිසාවෙන් මෙම කැසට් ටේප් හා අපේ අතිඡාත මිත්‍ර Hard Disk හා සමාන කරනකොට වේගය අතින් නම් ටිකක් විතර පහල මට්ටමකයි ඉන්නේ.ඒක නිසා මේ ගැනත් ඉදිරියේදී  පර්යේෂණ කරලා වේගය අතිනුත් වඩා ඉහල ස්ථානයක් ගෙන දීමට මෙම පර්යේෂණ කන්ඩායම සූදානම් වෙයි.

 Hard Disk වල හා මෙම කැසට් පටි වල ක්‍රියාකාරකම ගැන කියනවා නම් Hard Disk වල නම් කොහේ හෝ පුංචි දත්තයක් උවත් ලබා ගන්නට නම් මෙම Hard Disk තුල අඩංගු තැටි(Platters) ඒකාකාරී වේගයකින් කොයි වෙලාවෙත් කැරකවිය යුතු වේ.එහිදී අධික බල සැපයුමක් එක දිගට සැපවිය යුතු අතර වෙහෙස වීමද වැඩි වේ.නමුත් කැසට් පටි වල මේ කියන අඩුපාඩුව නොමැත.මොකද කියනවා නම් මෙහිදී දත්ත ගොනුවකට පිවිසෙන්නේ එවා ලබා ගන්නා පිලිවෙලකට අනුවය.ඒ නිසා පිරිවැය බොහෝ දුරට අඩු වේ.

ලෝකයේ තප්පරය පවා Data වලට ප්‍රමුකස්ථානයක් දෙන ඡනප්‍රිය සමාගම් වෙන YouTube, Google වැනි ආයතන වල ඇති ඉතා අධික වූ දත්තයන් විශේෂයෙන් YouTube සේවයේ විනාඩියකට පැය 72 පුරාවට බලන්න තරම් වීඩියෝ එක් රැස් වෙයි.ඉතින් පොඩ්ඩක් හිතලා බලන්නකෝ මේ සමාගම් වලට දවසට කොච්චර නම් දත්ත කන්දරාවක් එක්කහු වෙනවා ඇද්ද.ඒ ගැන හිතනකොටත් නිකං ඔලුව කැරකෙනවා.

මෙම සමාගම් වල මේ දත්තයන් ගබඩා කරලා තියෙන්නේ ඒ සමාගම් වලට අයිති විවිධ Server Computer වලය.මෙම කාර්යන් කිරීම සදහා දෛනිකව එම සමාගම් වලට අධික විදුලි බිලක් සහා පිරිවැයක් අවශ්‍ය වේ.එම නිසා විවිධ කාලයන් වලදී ඉඩකඩ පුලුල් කර ගැනීම සදහා මෙම සමාගම් වලට Hard Disk ගනන වැඩි කිරීමට සිදුවේ.

මේ වගේ දේවල් සලකලා බලද්දී ඔයාලට තේරෙනවා ඇතිනේ Hard Disk Drive වලට වඩා මෙම නව සොයා ගැනීමක් වන කැසට් පටි සංකල්පය කොච්චර නම් ප්‍රෙයෝඡනවත් වෙනවද කියලා.

කැසට් පටි වල පොඩි අවුලකට තියෙන්නේ ඉස්සෙල්ලා කිව්වා වගේ පොඩ්ඩක් විතර Speed එක මදි වීමක් විතරයි.නමුත් මෙම පර්යේෂකයන් කියන විදියට මේ වගේ ලොකු සොයා ගැනීමක් කරපු එකේ Speed එක වැඩි කිරීමේ කාර්ය කිරීම අපහසු දෙයක් නොවෙන බවයි.

අනාගතයේදී මේ කැසට් පටි වලට දත්ත ගබඩා කරන සංකල්පය එම පර්යේෂක කණ්ඩායම පාවිච්චි කරනවා කියලා කියන්නේ නම් මේ Server Computer වලටම තමයි.මොකද ඔච්චර ඉඩකඩක් අපිට මොනවා කියලා කොරන්නද.ඒත් ඉතින් කියන්න බෑ ඉස්සරහට මොනවා වෙයිද කියලා.

කොහොම හරි අපිත් තව ටිකක් ඉස්සරහට බලා ගෙන ඉමුකෝ මේ සොයා ගැනීම් වලින් අපිටත් මොකක් හරි වාසියක් අනාගතේදී වෙයිද කියලා නේද.

ඔන්න එහෙනම් කැසට් කතන්දරේ ඉවරයි.මේ ගැන තව මොනවා හරි දැන ගත්ත ගමන් මේ පෝස්ට් එක මං Update කොරනවා හොදේ.

අපිගියා එහෙනම්.සුබ අනාගතයක්.


……………………..Be Happy…………………………



0 comments: