නොමිලේ CD/Stickers පැක් එකක් ගෙන්න ගමු.

නොමිලේ CD/Stickers පැක් එකක් ගෙන්න ගමු.




හායිස් මචන්ස්ලා.කොහොමෙයි........මේ දවස් වල නිකන් දෙන දේවල් වැඩිද මන්දා.හැම තැනින්ම ඇහෙනවා නිකන් දෙන දේවල් ගැන කතා.අනික මේ ඊයෙ පෙරේදා අපෙ මාමා Budget එකත් කියෙව්වනේ.දැන් ඉතින් නිකන් වගේ තමා.....


නිකන් වගේ ඔහේ ඉන්නකොට නිකන් දෙන තවත් දෙයක් ගැන කොටන්න හිතුනා.මම කලිනුත් පෝසටුවක් දැම්මානේ නිකන් Wristband එකක් ගෙන්න ගන්න හැටි ගැන.ඒක බලන්න ඕන නම් මෙන්න මෙතනින් යන්න.

තාම කස්ටියට ඒවා ආවෙ නැතුව ඇති.අවුලක් ගන්න එපා.බඩු එන්න ටිකක් කල් ඉන්න වෙනවා.ඉවසගෙන ඉන්නකෝ.ගෙදරටම ගෙනත් දෙයි....

හරි අද කියන්න යන්නේ මේකයි.කලින් එකටත් වඩා පට්ටම වටින පොඩි අයිටම් එකක් තියෙනවා.මේක පැක් එකක් විදියට තමයි එන්නේ.මේකේන් අපිට හම්බවෙනවා Hard Rock/Metal Songs තියෙන පට්ටම පට්ට CD එකක්.තව Stickers ටිකකුයි එයාලගේ බඩු ගැන  විස්තර තියෙන ලොකු පෝස්ටර් එකකුයි.

මේ තියෙන්නේ අයිටම් ටික........



මේකෙන් ඔක්කෝටම වඩා වටිනම බාන්ඩේ තමයි CD එක.මොකද මේ වගේ CD එකක් සල්ලි වලට ගන්න ගියොත් ගානත් වැඩි වගේම සීමිතයිනේ.අනික නෙට් එකේ ඕන තරම් සින්දු තියෙද්දී සල්ලි දීලා තකහනියක් ඕක ගන්න යන්නේ නෑනේ ඉතින්...ඔන්න Hard Rock අහන්න කැමති පිස්සන්ට හොදයි.හික්ස්.......

ඉස්සෙල්ලාම කියන්නම්කෝ මොකද්ද මේ සයිට් එක කියලා.මෙයාලා ඇවිල්ලා Company එකක්.ගොඩක්ම තියෙන්නේ Youth එකට ගැලපෙන Item තමයි.ගොඩක් Original Songs CD තියෙනවා.T-Shirt / Caps / වගේ දේවලුත් තියෙනවා.ඕන නම් ගානක් Pay කොරලා මිලදී ගන්න පුලුවන්.

අපිට එවන Item එක එවන්නේ පොඩි Promotion එකක් විදියටයි.ඒ නිසා වැඩි කාලයක් නම් මේක තියෙන එකක් නෑ.ඒක හින්දා පහල තියෙන විදියට Form එක පුරවලා යවන්ටලා.....

ඉස්සෙල්ලාම මෙන්න මේක වෙනම ටැබ් එකක් ඕපන් කර ගන්නකෝ.

ඊලගට එන්නේ තනි Form එකක්.ඒක ඉතින් පුරව ගන්න පුලුවන්නේ.සාමාන්‍ය විදියට ඔයාගේ නමයි එවන්න ඕන ලිපිණයයි හරියට දෙන්න.මොනවා හරි ප්‍රශ්ණයක් ආවොත් එහෙම මට කියන්න.Help එකක් දෙන්නම්.

ඔය පහල විදියට තමයි එන්නේ.පිංතූරය හරියට පේන්නේ නැත්තම් ඒක උඩ ක්ලික් කරන්න.



ඔච්චරයි කරන්න තියෙන්නේ.මොනවත් තෝර තෝර ඉන්න දෙයක් නෑ.එයාලගේ Gift එක එයාලට ඔන විදියට පාර්සල් කොරලා එවයි.එතකල් ඉවසලා ඉන්ටලා.......

ආ තව යන්න කලින් තියෙනවා දෙයක් කියන්න.Duplicate Form පුරවලා යවන්න එපා.මොකද එහෙම තිබුනොත් කලින් Order එක්කත් එක්ක කැන්සල් වෙයි.ඒ නිසා හොදට කල්පනාවෙන් එක පාර පුරවලා යවන්න......

මේක 100% ක් වැඩ හොදේ....මම මේක ටෙස්ට් කොරලා තමා දැම්මේ.ඒ නිසා ඕන අය ඉන්නවා නම් ගෙන්න ගන්න.

එහෙනම් ඉතින් අපි ගියා.වෙන මොනවත් ගැටලු එහෙම නෑනේ.තියෙනවා නම් කියන්න.තව තියෙනවා නිකන් දෙන දේවල්.ආයෙත් නිකන් ඉන්න වෙලාවක නිකං දෙන දෙයක් ගැන මොනවා හරි කොටන්නම් හොදේ.කොටන්න ගියාම තමයි කම්මැලි.හික්ස්.............

.......................අපි ගියා...සුභ අනාගතයක්.......................

0 comments: